21

53 12 3
                                    

🎺"කවුරු හරි විහිලුවට හරි ප්ලේට් දෙක හැංගුවනම් දැන් ගන්න එළියට... ඔය විහිලුව ඇති දැන්.."

කිචන් එකට ගිහින් හිස් අතින්ම ආපු ජින් කියද්දි, අනිත් අය වගේම කුකී බෝල ඇස් තවත් ලොකු කරන් කටත් බාගෙට ඇරගෙන පුදුම වෙලා බලාගෙන හිටපු හැටි බලන්න ලස්සනයි. නාබි කුකී ගෙ රංගන හැකියාව රස විඳින අතරෙ ලීහි මේසය වටේ හිටපු හැම මූණක් දිගේම ඇස් අරන් ගියේ එයාලගෙ ප්‍රතිචාර මොන වගේද බලන්න. ඒ තමන් හැසිරෙන්න ඕන කොහොමද කියල අදහසක් ගන්න. ඒ අතරෙ කෙල්ල දැක්කා නම්ජූන් විතරක් ඔලුව පාත් කරගෙන ඇස් යටින් කුකී දිහා බලන් ඉන්න හැටි.

වැඩේ අල වෙන්න තව වැඩි වෙලාවක් නොයන බව තේරුම් ගත්ත ලීහි ඒ බව කියන්න කුකී දිහා බැලුවත්, නැති වුණ කෑම දීසි දෙක වෙනුවෙන් බුර බුරා නැගෙන ශෝකයෙන්, අඬන්න ඔන්න මෙන්න මූණක් එක්ක, මහා අසරණ විදිහට සම්මානනීය රංගනයක නියැලෙන කුකීට ලීහිව පෙණුනෙ නෑ.

🎺"කවුද ඒ වැඩේ කලේ... කුකී, ජිමින්, ටේ... කතා කරනවා.. කවුද හැංගුවෙ"

💜"හ්යුන්ග්.... මං...?? ඔයත් දන්නවනෙ, මගෙ බඩ රිදෙන නිසා ඔයාට කියලමනෙ මම ජින්ජර් ලයිම් එක හදාගත්තෙ. අනික මම හිටියෙත් වොෂ් රූම් එකේ. ??"

අඬන්න වගේ ජංකුක් කියනකොට හා පැටියෙකුටත් වඩා අහිංසක ජංකුක් ගෙ මූණ දිහා බලාගෙන මොනවත් කියන්න ජින්ට බැරි වුණා.

ටේ බොහොම සීරියස් විදිහට - අත් දෙකම මේසය උඩට අරගෙන වැලමිටි වලට බරවෙලා මුලින්ම නාබි දිහාත් ඊ ලඟට ජින් දිහාත් බලලා බරපතල විදිහට ඔලුව දෙපැත්තතට වනල චෝදනාව ප්‍රතික්ෂේප කලා..

❤" මම දැක්කෙවත් නෑ.. මීටින් එක ඉවර වුණාට පස්සෙ මම නාබිලව එක්ක එන්න එළියට ගියා මිසක් කිචන් එකටවත් ආවෙ නෑ "

ඊ ළඟට හැමෝගෙම ඇස් ජිමින් දිහාට හැරෙනකොට හැමදාමත් වගේ තැනක් නොතැනක්, වෙලාවක් කලාවක් නැති, ජිමින්ගෙ පාලනයට අවනත නොවෙන කුප්ප හිනාවට පින් සිද්ධ වෙන්න "මම නෙමේ මම නෙමේ" කියලා ජිමින් කොච්චර කෑ ගැහුවත් , ජින් වගේම අනිත් අයටත් ජිමින් ගැන සැකය නැති වුණේ නෑ..

🎺"ජිමිනා...හ්.. තියපු තැනකින් අරගෙන එනවා.. දැන් හොඳටම ඇති.. "

🤘"මං ගත්තෙ නෑ හ්යුන්ග්.. මං හැංගුවෙ නෑ... ඇත්තටම මං දන්නෑ... ගෝඩ් ප්‍රොමිස්, මේ කුකිය පල්ලා... මී ඇස් දෙක පල්ලා මං දන්නෙම නෑ"

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now