48

53 8 0
                                    

ලීහීට තවම මතකයි මුලින්ම මින්සූ තමන්ට ආදරෙයි කියපු දවස. ඒත් මේ වගේම හඳ තිබුණ රෑක.. එදා මින්සූ ළඟින් ආපු chanel bleu පර්ෆියුම් සුවඳම අදත් ඒ මතකය සජීවීකරණය කලා...

🤎"ඔයාට මම දෙයක් කියන්නද?"

මින් සූ ගෙ ගැඹුරු තැන්පත් හඬ ලීහිට ඇහුණෙ හරි බරට.

🧡"ම්..ම්.. කියන්න"

සාමාන්‍ය විදිහට කතා කරන්න ඕන වුනත් ලීහිගෙ හිත කලබල වෙලා තිබුණ නිසා කටහඬේ තිබුණ ගැස්ම පැහැදිලිවම දැනුණා. 

🤎"මම ඔයාට එදත් කිව්වා.. අදත් කියනවා... ඔයා.. හරි.. වටින කෙනෙක් ...!  ඔයා තීරණ ගනිද්දි ඔයාව අමතක කරන්න එපා... හරිද? ඔයා ගැනත් හිතන්න."

ලීහි නිශ්ශබ්දව අහගෙන හිටියෙ මේ කතාවෙ මූලික හරය මොකක්ද කියල තේරුම් ගන්න.  කොටින්ම කියනවනම් ලීහි බලාගෙන හිටියෙ ගොනා හැරෙන්නෙ පොල් පැළේටද කියල තමයි.

🤎"තේරුණාද?"

🧡"අහ්.. ඔ.. ඔව්.. ත්..තේරුණා.."

🤎"මොකක්ද තේරුණේ"

🧡"තීරණයක් ගන්නකොට හිතන්න ඕන"

🤎"මොනවද?"

🧡"ම්...??"

🤎"මේ මොකද මේ.. මං දන්න ලීහි ඔහොම නෑ... ගොඩක් දේවල් හරි සැහැල්ලුවෙන් හිතන්නෙ. දැන් ඇයි මේ? මම ඔයාව අවුල් කළා ද??"

🧡 " අ.. අනේ නෑ ඔප්පා.."

පළවෙනි වතාවට තමන්ට ආදරෙයි කියපු, තමන් වටින කෙනෙක් කියල මතක් කරල දීපු, තමන් වැටෙන වෙලාවට මෝටිවේෂන් එකක් වුණ, තමන්ව හැමෝම දකින කෝණයට වඩා වෙනස් ගැඹුරක් තමන් තුළින් දැකපු අහිංසකයගෙ හිත රිද්දන්න ලීහිට ඕන වුණේ නෑ.

🤎"හ්ම්... මං කියන්නෙ බබා, ඔයා තීරණ ගන්නකොට අනිත් අය ගැන හිතන්න. කමක් නෑ.. ඒක හොඳයි.. නමුත්....! ඒ තීරණය ඔයාට බලපාන්නේ කොහොමද කියල තවත් හොඳට හිතන්න...."

"....... තවත් පැහැදිලි කරනවනම් ඔයාට දැන් මේ බබාගෙ ඩෑඩ් වෙන්නෙ කවුද කියන එකනම් ප්‍රශ්නෙ ඒකට උත්තර ගොඩක් තියෙනවනෙ.... නේද?"

"ශෙවාන් එයාගෙ ඩෑඩ්... එයා එක්ක ඔයාට බබාව බලාගන්න පුළුවන් මාම් විදිහට... ශෙවාන් කියන්නෙ කාලයක් තිස්සෙ ඔයාගෙ හිතේ හිටපු කෙනා.."

💫Baby, u're My ANGEL⭐🌠Where stories live. Discover now