💚Chapter 11❤️

2K 359 83
                                    

"හෙලෝ...."

"හෙලෝ... Mr. Wang Xiao Zhan??"

කව්ද මන්දා එහෙම අහනකොට ටික වෙලාවක් මුකුත්ම නොකියා හිටපු මම කතා කරන්න පටන් ගත්තා..

"ඔව් Wang Xiao Zhan තමයි... කවුද මේ??"

"Mr. Zhan නම් මාව දන්නේ නෑ.. ඒත් මට Mr. Zhan ට ඔයාගේ husband ගැන කියන්න දේවල් වගයක් තියෙනවා.. Mr. Zhan ට පුලුවන්ද මාව මීට් වෙන්න??"

යීබෝ gege ගැන මොනා කියන්නද?? කවුද මේ මනුස්සයා.. මම මොකටද එයාව හම්බෙන්න ඕන?? මොනාද එයාට කියන්න තියෙන්නේ??

මම මගේ හිතෙන්ම ඒ දේවල් අහනකොට අර මනුස්සයා ආපහු කතා කරන්න පටන් ගත්තා...

"මේ විස්තර දැන ගත්තොත් ඒවා ඔයාට ගොඩාක් වැදගත් වෙයි Mr. Zhan... ඒ නිසා හරියටම හවස හය වෙනකොට මම එවන ලෝකේෂන් එකට තනියම ඇවිත් ඉන්න... ඔයාට බය වෙන්න කිසිම දෙයක් නෑ... මගෙන් Mr. Zhan ට කිසිම කරදරයක් නෑ..."

එච්චරක් විතරක් කියපු මනුස්සයා කෝල් එක කට් කරලා දානකොට මම Phone එකත් අතේ තියන් කල්පනා කරේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා...

මොන දේ උනත් මම මෙහෙ දේවල් ගැන වැඩිය දන්නෙත් නැති නිසා යීබෝ gege ට වෙච්ච දේ කියනවා කියලා කතා කරත් මම ගත්ත කෝල් එක එකපාරින්ම එයා කට් කරා..

මම මීටින් එකක ඉන්නේ ශිශී පස්සේ ගන්නම්...

ඒ එක්කම එයාගෙන් මැසේජ් එකක් එනකොට මම ලොකු හුස්මක් ගත්තේ දැන් ඉතිං මොකද්ද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බැරි උන නිසයි...

ආපහු පාරක් phone එකේ මැසේජ් ටෝන් එක ඇහෙනකොට මම ඉක්මනට බැලුවේ යීබෝ gege කියලා හිතාගෙන උනත් ඒ අර කතා කරපු මනුස්සයා වෙනකොට මම බැලුවේ ඒ කෙනා එවලා තිබ්බ ලෝකේෂන් එක දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආපහු පාරක් phone එකේ මැසේජ් ටෝන් එක ඇහෙනකොට මම ඉක්මනට බැලුවේ යීබෝ gege කියලා හිතාගෙන උනත් ඒ අර කතා කරපු මනුස්සයා වෙනකොට මම බැලුවේ ඒ කෙනා එවලා තිබ්බ ලෝකේෂන් එක දිහා..

Wild Heart (Yizhan FF) Completed Where stories live. Discover now