කලින් චැප්ටර් එක කියවලා එන්න.....
°
°
°
°
°
°
°
°
°
°"එහෙනම් ඒ උඹ????"
මගේ ඉස්සරහ හිටන් ඉන්න Song Rushen දිහා බලලා මම එහෙම කියනකොට ඌ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා...
"ඔව් මම තමයි යකෝ.... මම තමයි...අද මම උඹව ඉවරයක් කරලා දාලා මගේ ලියෝව මගේ ළඟටම ගන්නවා...."
පිස්සුවෙන් වගේ Ruu හිනා වෙවී කෑ ගහනකොට ඒ සද්දෙට මම ටිකක් ගැස්සිලා ගියත් ඒ බවක් නොපෙන්වා ඉන්න උත්සාහ කලා....
"තමුන් ඔය හිතන දේවල් කරන්න වෙන්නේ නෑ Ruu.... එයා මගේ විතරයි... තමුසේ මාව මැරුවත් එයා කවදාවත් තමුසේ ළඟට එන්නේ නෑ...... "
මම ඒ ඇස් දිහාම බලාගෙන එහෙම කියනකොට Ruu ගේ කේන්තියෙන් පුපුරන මූණ රතු වෙලා ගිහින් තිබ්බා වගේම එයා දත් මිටි කාගෙනම මගේ ළඟට ආවා.... ඒ එක්කම එයාගේ අත ආපහු මට ගහන්න ඉස්සෙනකොට......
"Ruu අයියේ ඕක නවත්තන්න....."
එතනට දුවන් ආපු තවත් මාස්ක් එකක් දාගෙන ආපු කෙනෙක් එයාගේ අතේ එල්ලුනා....ඒ එක්කම මම පුදුමෙන් බලන් හිටියේ එතනට ආපු කෙනා දිහා.....
"E... Eun අයියේ????"
ඒ ඇහුණ කටහඬ එක්ක ඉබේම මගේ මුවින් එහෙම පිට වෙනකොට Ruu ගේ අත අල්ලන් හිටපු කෙනා මගේ දිහා බලාගෙනම දාගෙන හිටපු මාස්ක් එක ගැලෙව්වා...
ඔව් ඒ ඉන්නේ eun අයියා තමයි... එයා මගේ දිහා බලාගෙනම අඩිය අඩිය මගේ ළඟට එනකොට මගේ හිත තව තවත් ගැස්සෙන්න ගත්තේ අද මට බේරුමක් නැති වෙයිද කියලා හිතන ගමන්...
YOU ARE READING
Wild Heart (Yizhan FF) Completed
Fanfictionගැස්සුනා මගේ තුන් හිතම ඔය බෝල ඇස් ළඟදි ඔය හිතත් ගැස්සුනද මා දුටුව ඒ සමයේ දුටු පටන් හිතුනා මට නුඹ මගේ යැයි කියා ඒ හින්දා එදා මම නුඹ ගත්තා බැමි කඩා ඔය රෝස තොල් ළඟදි මා උමතු වී ගියා නුඹ මගේ පණ වගේ රැක ගනිමි මා සදා 💚❤️