💚Chapter 27❤ī¸

1.5K 268 15
                                    

"ශිශී මැණික...."

"ම්......"

උදේම කිචන් එකේ වැඩ කර කර ඉන්න මගේ බඳ වටේ අත් යවන ගමන් මගේ බුගි මගේ උරහිස උඩ ඔලුව තියා ගත්තේ මම අත පිටි පස්සට කරලා ඒ ඔලුව ටිකක් අතගානකොටයි....

"අද යුනි යන්නම ඕනද අප්පා???"

උදේම නැගිටලා යුනි යන්න කලින් කෑම ලෑස්ති කරන මගේ වටේ කැරකි කැරකි බුගි එහෙම අහනකොට මම එයාගේ කනක් රිදෙන නොරිදෙන ගාණට අල්ල ගත්තා....

"දැන් අද ඔයා ගෙදර කියලා මටත් ගෙදර ඉන්න කියලනේ ඔය නොකියා කියන්න හදන්නේ??"

මම බොරුවට රවාගෙන එහෙම අහනකොට අහිංසක පපි මූණක් දා ගත්තා එයා බෙල්ල අත ගා ගන්න ගමන්ම.....

"නෑ ඉතිං මේ..... ශිශී බබා නැතුව මට පාලුයිනේ අනේ...."

හුරතලේට එයා එහෙම කියනකොට කර කර හිටපු වැඩෙත් නවත්තපු මම එයාගේ කර වටේ මගේ අත් දෙක බැඳ ගත්තේ ආදරේ පිරුණු ඇස් වලින් එයා දිහා බලන ගමන්මයි....

"මමත් ආසයි ඔයා එක්ක ගෙදර ඉන්න බුගි.... ඒත් මගේ එක්සෑම් ලං වෙන නිසා ඒම කරන්න බෑනේ... මිස් වෙන පොඩි ලෙසන් එකක් උනත් අපරාදේ... ඒ නිසා මම ගිහින් එන්නම් හොඳේ....."

මම එහෙම කියනකොට එයා හා කියලා දුකෙන් උනත් ඔලුව වනනකොට මම ඒ දෙතොල් වලින් සමනල හාදුවක් තිබ්බේ ඒ සැනින්ම එයා දිග හාදුවකට මුල් පුරනකොටයි.... විනාඩි ගණන හාදුවක් අවසානේ ඉක්මනට කෑම ටික හදලා ඉවර උන මම වොෂ් එකකුත් දාගෙන යුනි යන්න ලෑස්ති උනේ බුගි මාව වෙනදා වගේම ගිහින් දාන්නම් කියපු නිසයි....

"මගේ ශිශී.... පරිස්සමින් මැණික.... මට පාලුයි ඔයා නැතුව... ඉක්මනට එන්න හොඳේ...."

වාහනේ යුනි එක ළඟ නවත්තපු බුගි මගේ අත එයාගේ අතට හිර කරන් එහෙම කියනකොට මමත් එයාව දාලා යන්න තියෙන ලෝබකමටම ඒ උරහිසට හාදු තිබ්බා...

"හරි මගේ බුගියෝ... මම ඉක්මනට එන්නම්... ඔයත් පරිස්සමින් ඉන්න හොඳේ..... "

මම එහෙම කියල බහින්න හැදුවත් එයා තවත් මගේ අත එයාගේ අත් වලට හිර කරන් හිටියේ කවදාවත් නැතුව මටත් එයාව දාලා යන්න බෑ වගේ හැඟීමක් ඇති වෙනකොට....

Wild Heart (Yizhan FF) Completed Donde viven las historias. DescÃēbrelo ahora