💚Chapter 6❤ī¸

2.2K 387 92
                                    

යීබෝගේ උණුසුම් හුස්ම වල පහස නිසාම මට නින්දක් නැති වෙනකොට මම ලොකු හුස්මක් ගත්තා.. එයා නම් මගේ උරහිසේ ඔලුව තියාගෙන තාම නිදි... සනීපෙට පියවෙලා ගිහින් තියෙන ඒ ඇස් දැක්කම මට ආපහු අර අමුතු හැඟීම දැනෙන්න පටන් ගත්තා...

ඔයා මොනාද ඉබිච්චෝ මේ කරන්නේ?? ඇයි මේ විදිහට මගේ ජීවිතේට ආවේ?? ඔයා මේ වගේ දෙයක් නොකර සාමන්‍ය විදිහට මට හම්බුනා නම් සමහරවිට මම ඔයාට ආදරේ කරන්නත් ඉඩ තිබ්බා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඔයා මොනාද ඉබිච්චෝ මේ කරන්නේ?? ඇයි මේ විදිහට මගේ ජීවිතේට ආවේ?? ඔයා මේ වගේ දෙයක් නොකර සාමන්‍ය විදිහට මට හම්බුනා නම් සමහරවිට මම ඔයාට ආදරේ කරන්නත් ඉඩ තිබ්බා.. මම තමුන්ට වෛර කරනවා යීබෝ..

කල්පනා කර කර ඉඳලම මගේ ඇස් කොන් වලින් කඳුළු වැටෙනකොට මම මගේ ඇස් තද කරලා පියා ගත්තා..

"ශිශී නැගිටින්න මැණික..."

හීනෙන් වගේ මට ඉබිච්චගේ කටහඬ ඇහෙනකොට මම අමාරුවෙන්ම ඇස් අරින්න පටන් ගත්තා...

"නැගිටින්න ශිශී අපි sanya වලට ආවා.."

එයා මගේ නලලට වැටිලා තිබ්බ කොණ්ඩේ හදන ගමන් එහෙම කියනකොට මම වටපිට බලන්න පටන් ගත්තා..

"බහින්න ශිශී..."

එයා වාහනෙන් බැහැලා මට බහින්න අත දික් කරනකොට මම හිතලම ඒක ගණන් ගන්නේ නැතුව අනිත් පැත්තේ දොර ඇරගෙන එලියට බැස්සා.. එයාගේ බර සුසුම් හඬ වගේම වේදනාවෙන් පිරුණ මූණ දැක්කම සියුම් දුකක් මට දැනුනත් මම ඒක ගණන් නොගෙනම වටපිට බලන්න පටන් ගත්තා...

 එයාගේ බර සුසුම් හඬ වගේම වේදනාවෙන් පිරුණ මූණ දැක්කම සියුම් දුකක් මට දැනුනත් මම ඒක ගණන් නොගෙනම වටපිට බලන්න පටන් ගත්තා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
Wild Heart (Yizhan FF) Completed Onde histÃŗrias criam vida. Descubra agora