"ම්හ්ම්හ්හ්....."
එන්න එන්නම හුස්ම ගන්න අමාරු වෙනකොට මගේ මුවින් කෙඳිරියක් පිට වෙනකොට බුගි හෙමින් හෙමින් මගේ තොල් වලින් ඈත් වෙලා මගේ නලල එයාගේ නලලට හේත්තු කර ගත්තා....
"ඇයි එහෙම කරේ මැණික... උඹට මොනා හරි උනා නම් මම කොහොමද ඒක දරා ගන්නේ??"
නලලට නලල හේත්තු කරගෙනම බුගි මගේ කම්මුල් සියුමැලිව අතගාන ගමන්ම එහෙම කියනකොට මම ඒ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා....
"මම... මම ආදරෙයි ඔයාට.... හිතට ඔරොත්තු නොදෙන තරමට මම ඔයාට ගොඩාක් ආදරේ කරනවා මගේ බුගි... "
මම එක තප්පරේකටවත් මගේ ඇස් එයාගේ ඇස් වලින් අහකට ගන්නේ නැතුව මගේ හිතට දැනෙන ඇත්තම හැඟීම එයාට කියලා දානකොට එයා දිලිසෙන ඇස් වලින් මගේ මූණ එයාගේ දෝතට අරගෙන මගේ දිහා බලාගෙන හිටියා...
"ශිශී.... මගේ ශිශී.... "
වෙව්ලන හඬින් එහෙම කියපු බුගි ආපහු පාරක් පිස්සුවෙන් වගේ මාව සිප ගන්න පටන් ගන්නකොට මගේ අත් එයාගේ පිට හරහා එහෙ මෙහෙ ගියේ අපිට අපිවම පාලනයක් නැති වෙනකොටයි...
"මේක හීනයක්ද ශිශී?? උඹ මට ආදරෙයි කිව්වද??"
පිස්සුවෙන් වගේ මාව සිප ගත්ත එයා ආදරේ පිරුණු ඇස් දෙකකින් මගේ දිහා බලාගෙන එහෙම අහනකොට සතුටු කඳුළු පිරුණු ඇස් වලින්ම එයා දිහා බලපු මම ලස්සනට හිනා වුනා...
"මම ඔයාට ආදරෙයි බුගි.. මේක හීනයක් නෙමෙයි... මම ආදරෙයි ගොඩාරියක්... ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිනකොට මාව නිකන් පිච්චෙනවා වගේ gege... මම හිතුවේ මාව මැරිලා යයි කියලා..."
මම බුගිගේ උණුසුම් පපුවට තුරුල් වෙන ගමන් එහෙම කියනකොට එයා මාව තව තවත් එයාගේ පපුවට හිරකර ගන්නකොට වේගෙන් ගැහෙන එයාගේ පපුවේ සද්දේ මට ඇහුනා...
YOU ARE READING
Wild Heart (Yizhan FF) Completed
Fanfictionගැස්සුනා මගේ තුන් හිතම ඔය බෝල ඇස් ළඟදි ඔය හිතත් ගැස්සුනද මා දුටුව ඒ සමයේ දුටු පටන් හිතුනා මට නුඹ මගේ යැයි කියා ඒ හින්දා එදා මම නුඹ ගත්තා බැමි කඩා ඔය රෝස තොල් ළඟදි මා උමතු වී ගියා නුඹ මගේ පණ වගේ රැක ගනිමි මා සදා 💚❤️