"මම Cha Eun.... Art faculty එකේම තමයි.. මේ මගේ නම්බර් එක... ඔයා කෝල් එකක් දෙනකන් බලන් ඉන්නවා හොඳේ..."
එහෙම කියපු ඒ අයියා මගේ අතේ කොල කෑල්ලක් ගුලි කරලා එතනින් දුවලා යනකොට මම කෙලින්ම බැලුවේ ජින්ගු දිහා උනත් යකෙක් ගහලා වගේ ජින්ගු ගේට් එක දිහා බලාගෙන ඉන්නකොට ඒ දැක්ක දේ එක්ක මාවත් ගැස්සිලා යන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ....
______________________________________
යුනි එකේ ගේට් එක ළඟට වෙලා කිසිම හැඟීමක් නැති මූණකින් අපි දිහා බලාගෙන ඉන්න යීබෝ gege ව දැක්කම මම වරදක් නොකලා උනත් මොකද්දෝ බයක් හිත පුරාම පැතිරුනා...
"ශානා..... පුංචි මහත්තයා සීන් එක දැකලා වගේ... දාන් ඉන්න බැල්මන්ට් එක එච්චර අල්ලන් නෑ...."
ජින්ගු මට ඇහෙන නෑහෙන ගානට එහෙම කියනකොට ලොකු හුස්මක් ගත්ත මම හෙමින් හෙමින් එයා ළඟට ඇවිදන් ගියා... අපි කාර් එක ළඟට යනකොටම මගේ දිහාට බැල්මක්වත් නොදාපු යීබෝ gege ජින්ගු දිහා බලලා කතා කරා...
"Jingyu.... ඔයත් නගින්න මල්ලි ඔහොමම... මම ඔයාව apartment එකෙන් drop කරන් යන්නම් යන ගමන්.."
ජින්ගුට එහෙම කියපු යීබෝ gege තව වචනයක්වත් නොකියා වාහනේට නගිනකොට මටත් වාහනේට නගින්න කියලා ඇස් වලින් සන් කරපු ජින්ගුත් ඉක්මනට වාහනේට නැග ගත්තා... ජින්ගු පිටි පස්සේ ශීට් එකෙන් වාඩි වෙනකොට මම ඉස්සරහා ශීට් එකෙන් වාඩි වෙලා ශීට් බෙල්ට් එකත් දාගෙන යීබෝ gege දිහා බැලුවා උනත් එයා මගේ දිහාට එක බැල්මක්වත් නොදා සද්ද නැතුවම වාහනේ start කරලා drive කරන්න පටන් ගත්තා...
විනාඩි විස්සක් විතර යනකොට අපි ජින්ගුගේ apartment එක ළඟට එනකොට ඒ ආපූ මුලු වෙලාව පුරාම කාර් එක ඇතුලේ පුදුම තරමේ නිහඬ බවක් තිබ්බා වගේම එයා මගේ දිහා බලන්නෙවත් නැති එක මගේ හිත ගොඩාක් පාරවන්න සමත් උනා...
ВЫ ЧИТАЕТЕ
Wild Heart (Yizhan FF) Completed
Фанфикගැස්සුනා මගේ තුන් හිතම ඔය බෝල ඇස් ළඟදි ඔය හිතත් ගැස්සුනද මා දුටුව ඒ සමයේ දුටු පටන් හිතුනා මට නුඹ මගේ යැයි කියා ඒ හින්දා එදා මම නුඹ ගත්තා බැමි කඩා ඔය රෝස තොල් ළඟදි මා උමතු වී ගියා නුඹ මගේ පණ වගේ රැක ගනිමි මා සදා 💚❤️