💚Chapter 17❤ī¸

1.6K 320 33
                                    

අඬලා අඬලම හෙම්බත් වෙලා හිටපු මට මමත් දන්නෙම නැතුව නින්ද ගිහින් තියෙනකොට කොච්චර වෙලාවක් නින්දේ හිටියද කියන්නවත් දන්නේ නැතුව එක පාරටම මම ගැස්සිලා ඇහැරුනා... මුලු කාමරේම කලුවරින් වැහිලා තියෙනකොට ටේබල් ලෑම්ප් එක ඔන් කරපු මම ඉක්මනට වෙලාව බැලුවා...

11.10.. හොඳටම රෑ වෙලා.. බුගි ආවද දන්නෙත් නෑ...

එහෙම හිත හිතම මම ඉක්මනට පහලට බැස්සේ බුගි කෝ කියලා හොයන්න... ඒත් පහලට බහිනකොට කවදාවත් නැති තරමේ පාලු මූසල ගතියකින් ගේ පිරිලා තියෙනකොට මම දැක්කා සාලේ සෝෆා එකේ ජින්ගු වාඩිවෙලා කල්පනා කර කර ඉන්නවා..

"ජින්ගුවා...."

මම එයා ළඟට ගිහින් කතා කරනකොට ජින්ගු මැලවිච්ච මූණකින් මගේ දිහා බලාගෙන හිටියා..

"නැගිට්ටද ශානා.. ඔහොම හිටපම් මම උඹේ සුප් එක රත් කරන් එන්න..."

එහෙම කියපු ජින්ගු එතනින් නැගිටලා කිචන් එකට යනකොට මමත් ඌ පස්සෙන්ම ගියේ විස්තරයක් මොනා හරි දැනගන්න ඕන නිසයි...

"මමාලා ආවද ජින්ගු??"

"ආවා... යුචෙන් අයියටත් හදිසි වැඩක් වැටිලා තිබ්බ නිසා එයාලත් ආපු අතටම ගියා... මගෙන් උඹ ගැන අහනකොට මම කිව්වා සනීප නැතුව නිදි කියලා... ඒ පාර අංකල් ආන්ටි දෙන්නම ඇවිල්ලා උඹේ ඔලුව අත ගාලා ගියා..."

සුප් එක රත් කරන අතරෙම ජින්ගු එහෙම කියනකොට මම මගේ හිතට වද දීපු ඊළඟ ප්‍රශ්නේ ජින්ගු ගෙන් ඇහුවා...

"එතකොට යීබෝ gege කෝ?? "

මම එහෙම අහනකොට ජින්ගුවා ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉඳලා ලොකු හුස්මක් ගත්තා...

"Gege ආන්ටිලට කියලා ඇවිත් තියෙන්නේ ඔෆිස් එකේ වැඩකට යනවා කියලා... ඒත් මම දැන් බින් අයියට ගත්තා... එයා කියනවා gege...."

ඉතුරු ටික කියන් නැතුව ජින්ගු මගේ දිහා බලාගෙන ඉන්නකොට මට තවත් ඉවසන් ඉන්න බැරි උනා...

"ඇයි ජින්ගු නතර කලේ?? දිගටම කියන්න.. මොකද වෙලා තියෙන්නේ?? කෝ gege?? "

"උඹ කලබල වෙන්න එපා ශානා... Gege ඉන්නේ club එකේලු... එයා හොඳටම ඩ්‍රින්ක්ස් අරන් ඉන්නේ කියලා මට බින් අයියා කිව්වේ.. ඔයාට බය වෙන්න එපා කියන්න එපා කිව්වා අයියා යීබෝ gege එක්කම ඉන්නවා කියලා... "

Wild Heart (Yizhan FF) Completed OÚ les histoires vivent. DÊcouvrez maintenant