"අනේ මගේ තාත්තව අතාරින්න මම කොහොම හරි හෙට හවස වෙනකොට ණය සල්ලි ටික ගෙවන්නම්..."
"හොඳයි... හෙට හවස් වෙනකන් විතරයි තමුන්ට කල් තියෙන්නේ නැත්නම් ඉතිං අපේ පුංචි මහත්තයගේ පුංචි මනමාලයා වෙන්න තමයි තමුන්ට සිද්ධ වෙන්නේ..."
යීබෝ පුංචි මහත්තයගේ ණය එකතු කරන මිනිස්සු ගේ දෙක වෙන්න එහෙම කියලා කෑ ගහලා යනකොට මම එහෙමම දුවලා ගියේ මගේ පපා ළඟට.. අම්මත් නැතුව මාව පොඩි කාලේ ඉදන්ම අමාරුවෙන් උස් මහත් කරපු මගේ පපා.. මගේ University එකේ පලවෙනි අවුරුද්ට ගෙවන්න තිබ්බ සල්ලි වගයක් ගෙවා ගන්න විදිහක් නැතුව මෙහෙ පැත්තේ ඉන්න යීබෝ පුංචි මහත්තයගෙන් සල්ලි වගයක් ණයට ගත්තා...
මගේ කරුමයක්ද කියලා මට කියන්න තේරෙන්නේ නෑ.. ණය ගෙවලා ඉවර කරන්න තව කල් තිබ්බත් ඒ මනුස්සයා මාව කොහෙදිද මන්දා දැකලා පපාගෙන් මාව කසාද බඳින්න අහලා තිබ්බා.. ඒකට පපා පොඩ්ඩක්වත් කැමති වෙලා නැති නිසා එදා ඉදන් එයාගේ මිනිස්සු ණය සල්ලි ඉල්ල ඉල්ල අපේ පස්සෙන්ම එනවා.. උන් කියන විදිහට අපිට ණය ගෙවා ගන්න බැරි උනොත් මට ඔය කියන යීබෝ පුංචි මහත්තයව කසාද බඳින්න වෙනවලු...
අර මිනිහා මගේ පපාව තල්ලු කරලා ගිහින් තිබ්බ පාරට දොර පියනේ පපාගේ නලල වැදිලා එතන ගෙඩි ගැහිලා තියෙනකොට මම ඉක්මනට ගේ ඇතුලෙන් අයිස් කැටයක් අරන් ඇවිත් එතනින් තිබ්බා...
"ගොඩාක් රිදෙනවද පපා??"
කඳුළු අතරින්ම මම පපාගෙන් එහෙම අහනකොට එයා මගේ ඔලුව අත ගෑවා...
"මට සමාවෙන්න පුතේ.. මම හින්දයි මේ හැම දෙයක්ම... පාඩු නිසා මම වැඩ කරපු ෆැක්ටරිය වහලා නොදැම්මා නම් කිසිම කරදරයක් නැතිව මේ ණය ටික ගෙවලා දාන්න තිබ්බා.. දැන් උඹ කොහොමද පුතේ හෙට වෙනකොට උන්ට සල්ලි හොයලා දෙන්නේ??"
පපා බිඳුන හඬකින් මගෙන් එහෙම අහනකොට මමත් කල්පනා කරන්න පටන් ගත්තේ මම කිව්වට කොහොමද උන්ට හෙට සල්ලි දෙන්නේ කියන එක...
"මම මොකක් හරි කරන්න බලන්නම් පපා.. අපි බලමුකෝ.. මුකුත්ම කර ගන්න බැරි උනොත් මම ඒ මනුස්සයව කසාද බඳින්නම්..."
ŞİMDİ OKUDUĞUN
Wild Heart (Yizhan FF) Completed
Hayran Kurguගැස්සුනා මගේ තුන් හිතම ඔය බෝල ඇස් ළඟදි ඔය හිතත් ගැස්සුනද මා දුටුව ඒ සමයේ දුටු පටන් හිතුනා මට නුඹ මගේ යැයි කියා ඒ හින්දා එදා මම නුඹ ගත්තා බැමි කඩා ඔය රෝස තොල් ළඟදි මා උමතු වී ගියා නුඹ මගේ පණ වගේ රැක ගනිමි මා සදා 💚❤️