-FIVE-

287 83 6
                                    

"එහෙනම් කතා කරගත්ත විදිහටම project එකේ ඊලග steps ටිකත් හරියටම කරමු.. හැමදේකටම මාත් එක්ක උන්නට, මට උදව් කරාට, මාව දිරිගැන්නුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි... අනිවාර්යයෙන්ම අපි මේකත් success කර ගන්නවාමයි" ටේහ්යුං එයාගේ මීටිං එක ඒ විදිහට ඉවර කලා...

ඒක ලොකු project එකක්... ටේහ්යුංගේ කම්පැනි එක වගේම ජන්කුක්ගේ කම්පැනි එකත් එකතු වෙලා අලුත් කා ඩිසයින් එකක් නිර්මාණය කලා... ඒකේ පලවෙනි step එක මේ වෙද්දිත් දියත් කරලා තිබුණා... ඇත්තටම ඒක දැනටමත් ලොකු ඉල්ලුමක් යටතේ විකිණෙමින් කම්පැනි දෙකටම ලොකු ලාභයක් ලබා දුන්නා...

දැන් තියෙන්නේ ඊලග පියවර ක්‍රියාත්මක කරන්න... ඒකත් නියමාකාරයෙන් සාර්ථක උනොත් ටේහ්යුංට සහ ජන්කුක්ට පුලුවන් වසරේ හොදම businessmans award එක පවා ලබා ගන්න...

ටේහ්යුං අද හැමෝමව මීටිං එකකට කැදෙව්වේ සාර්ථකත්වයට ස්තූති කරන්න වගේම ඉදිරි වැඩ කටයුතු කතා කරගන්නත් යන දෙකටමයි... ඒ වැඩේ අතිසාර්ථක විදිහට අවසන් උනා...

හැමෝම මීටිං රූම් එකෙන් එලියට යද්දී ටේහ්යුං සහ ජන්කුක් දෙන්නා එතන ඉතුරු උනා...

"මං නම් හිතුවේ ඔයා කතාව වරද්ද ගනී කියලා මැණික ඒත් ඔයා ඒක ගොඩක් හොදට කරා..." ජන්කුක් එහෙම කියන ගමන් එයාගේ හස්බන්ඩ්ගේ ලැප් එකෙන් වාඩි වෙලා බෙල්ල වටේ අත් පටලවා ගත්තා... ටේහ්යුං ජන්කුක්ගේ හීනි ඉන දෙපැත්තෙන් අත් දාලා තවත් එයාව තමන්ගේ ලගට අරගත්තා...

"ඔයා දන්නවානේ කුකී ඔයාගේ හස්බන්ඩ් හැමදේටම දක්ෂයි" ටේහ්යුං උජාරුවෙන් කියලා ජන්කුක්ගේ කම්මුලක් මතින් හාදුවක් තිබ්බා...

"මං දන්නවා මගේ sugar daddy වැඩ්ඩා කියලා..." ඊලග මොහොතේ ටේහ්යුං සහ ජන්කුක් දිර්ඝ හාදුවක් සමගින් මීටිං රූම් එකේ තනි උනා...

හාදුව අතරින්ම ජන්කුක්ව වඩලා ගත්ත ටේහ්යුං එයාගේ ලැප් එක අතින් එහාට කරලා එතනින් ජන්කුක්ව වාඩ කෙරෙව්වා... ජන්කුක්ගේ කෝට් එක ගලවලා පුටුව මතට විසික් කරපු ටේහ්යුං තමන්ගේත් කෝට් එක ඒ විදිහටම අයින් කරලා ටයි එකත් බුරුල් කලා...

ජන්කුක්ගේ ටයි එකත් ගලවලා දැම්ම ටේහ්යුං හරිම හදිස්සියෙන් ජන්කුක්ගේ ෂර්ට් එකේ උඩ බොත්තම් කීපය ඇරලා බෙල්ල මතට තොල් තියලා suck කරන්න ගත්තා... ජන්කුක් එයාගේ දෑතින්ම ටේහ්යුංගේ කොණ්ඩෙ මිරිකමින් උන්නා...

නැවත වතාවක් ජන්කුක්ගේ තොල් වලට නැඹුරු උන ටේහ්යුං ඒ තොල් වල රහ බැලුවේ හරිම කාර්යබහුල විදිහටයි... ජන්කුක් පවා ටේහ්යුංගේ වේගෙටම අවනත වෙලා උන්නේ පලපුරුද්දෙන්...

නමුත්,

💥

එකපාරටම මීටිං රූම් එකේ දොර දිහායින් ඇහුන සද්දයත් එක්ක ටේහ්යුං සහ ජන්කුක් දෙන්නම ඔලුව හරවලා බැලුවා... එතන උන්නේ ටේහ්යුං අලුත් secretary විදිහට ආව ගෑනු ලමයා... එයාගේ අතේ තිබුණු ෆයිල් ටික තමයි බිම වැටිලා තිබුණේ... එයාගේ මූනින් නම් මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන වග ටේහ්යුං සහ ජන්කුක් දෙන්නටම තේරුනා...

"මිස් මීනා හදිස්සියක්ද?" කිසිම දෙයක් නොවුන විදිහට තමන්ගේ ටයි එකේ නැවතත් හදාගන්න ගමන් ටේහ්යුං ඇහුවා... ඇත්තටම එයාලා දෙන්නට මේවා හුරුයි... ඔෆිස් එක ඇතුලේ අනන්තවත් කන්ට්‍රෝල් එක නැති වෙලා ගොඩ දෙනෙක්ටම මාට්ටු උන වාර අනන්තයි... ඉතින් මිස් මීනා ආව එකත් ටේහ්යුංටවත්, ජන්කුක්ටවත් ගැටලුවක් උනේ නෑ...

අනික හැංගෙන්නවත්, බය වෙන්නවත් දෙයක් නෑ ඔවුන් ආදර කරන කපල් එකක් ඒ වගේම විවාහක යුවලක්...

"සො-සොරි සර්" මීනා බැගෑපත් ස්වරයෙන් කිව්වා... ටේහ්යුං, ජන්කුක් දෙන්නට ඒක ගානක් නොවුනට මීනා නම් උන්නේ හොදටම අපහසුතාවයට පත් වෙලා...

"ඉට්ස් ඕකේ බට් ඊගාව දවසේ අපි ඉන්න රූම් එකකට එද්දී තට්ටු කරලා එන්න" ජන්කුක් එහෙම කියලා ටේබල් එකෙන් බැහැලා එයාගේ කෝට් එක දාගත්තා...

"අලුතෙන් නිසා කමක් නෑ ඒත් මේක ඇතුලේ නීති ටිකක් තියේ ඒවා පිලිපදිනවා නම් ඔයාටම හොදයි" ජන්කුක්ගේ අතින් අල්ලගෙනම මීනා ගාවට ආව ටේහ්යුං එහෙම කිව්වාම මීනා නැවතත් සමාවගන්න ගමන් ආචාර කලා... ජන්කුක් සහ ටේහ්යුං දෙන්නා එතනින් එලියට ආවේ ඉක්මනට ගෙදර ගිහින් වැඩේ continue කර ගන්න...


__________________________________

ජීවිතේට සමහර අය එන්නේ අපි නොහිතන තැන් වලින්, සමහරවිට එයාලා යනකංම අපිට එයාලා කරන වෙනස්කම් පේන්නේ නෑ♥

Bye
Sarangeo💚💜

END OF LOVE|TK|✔Where stories live. Discover now