"කුකී ඇයි මුරණ්ඩු වෙන්නේ? කිව්වාම අහලා ගෙදර නවතිනවා" ටේහ්යුං ජන්කුක්ට සැර කලා...
ඒක ආදර කතාවක් ඉතින් පුංචි පුංචි රණ්ඩු සරුවල් මේ කතාවෙත් තිබුණා... අදත් ඒ වගේම විදිහේ දෙයක් උනේ... ජන්කුක් ඕන උනා අද නම්සන් යන්න ඒත් අද ටේහ්යුංට වැඩ වැඩි දවසක්... ඉතින් ටේහ්යුං 'බැහැ' යි කියද්දී ජන්කුක් එයාගේ මතේ තදින්ම උන්නා... දැන් මේ හදන්නේ ජන්කුක් තනියම හරි නම්සන් යන්නයි...
"බබා අපි හෙට යමු... මං promise වෙනවා හෙට ඔයා එක්ක එහේ යන්න එනවා එනවාමයි කියලා... කියන දේ අහලා ඔය ඇදුම් ගලවලා දාලා අදට ගෙදර නවතින්නකෝ" ටේහ්යුං දන්නවා ජන්කුක්ට සැර කරා කියලා ඇති ප්‍රයෝජනයක් නෑ කියලා... ආදරය කරලා ආශ්‍රය කරලා ඔවුනොවුන් හොදින් අදුරන නිසා එයාලට එයාලගේ ලයිෆ් එක මැනේජ් කරගන්න ලේසි උනා...
"ම්ම් හරි එහෙනම් හෙට අනිවාර්යයෙන්ම එක්කන් යනව නම් මං ඉන්නම්කෝ" ජන්කුක් අකමැත්තෙන් එහෙම කියලා කාමරේට ගියා...
ජන්කුක් දැන් ඉන්නේ ටිකක් විතර අමනාපෙන් නිසා ටේහ්යුං කතා නොකරම ඔෆිස් එකට ගියා... ඊලග පැය කීපය ටේහ්යුං ඔෆිස් එක ඇතුලේ වැඩ වලට බිසී උනේ අඩුම ජන්කුක්ට කෝල් එකක්වත් දෙන්න බැරි තරමටයි...
ඔය අතර ජන්කුක් උන්නේ ටේහ්යුං ගැන ටිකක් විතර තරහෙන්... ඒත් ඉතින් එයාගේ තරහා හරියට රත් උන තේ කෝප්පයක් වගේ... මුලදී රස්නෙට තිබ්බට ටිකකින් නිවිලා යනවා... ජන්කුක් කාමරෙන් එලියට ආවේ ටේහ්යුංගෙන් සමාව ගන්න හිතාගෙනයි ඒත් ඒ වෙද්දිත් ටේහ්යුං ඔෆිස් එකට ගිහින් තිබුණා...
දැන් ටේහ්යුං තමන් ගැන වෙනදා වගේ care නොකරන එක ගැන ජන්කුක්ගේ හිත පොඩ්ඩක් පෑරිලා තිබුණත් රෑට තමන්ව තුරුලේ තියාගෙන නිදියද්දී ජන්කුක්ගේ හිතට සහනයක් ගෙනාවා... නමුත් ඒක එහෙමද? ජන්කුක් සතුටින්ද?
ඔවුන්ගේ මැරේජ් ලයිෆ් එකත් දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න එද්දී- ටේහ්යුං සමග ආදරෙන් බැදිලා අවුරුදු 8 කටත් කිට්ටු වෙන්න එද්දී ජන්කුක්ගේ හිතේ පුංචි පුංචි වෙනස්කම් ඇති උනේ ඉබේමයි... ඒක සාමාන්‍ය දෙයක් මොකද ජන්කුක් කියන්නෙත් එක්තරා විදිහට මනුස්සයෙක්නේ...
ටේහ්යුංගේ ශර්ට් එකෙන් ටේහ්යුංගේ නොවන පර්ෆියුම් සුවදවල් දැනෙද්දී, ටේහ්යුංගේ කා එකෙන් ලිප්ස්ටික් එකක් හම්බෙද්දී, ටේහ්යුං වෙනදට වඩා බිසී වෙද්දී, ටේහ්යුං තමන්ට දක්වන සැලකිල්ල අඩු වෙද්දී ඇත්තටම ජන්කුක්ට නරක දේවල් හිතෙන එක සාධාරණයි... නමුත් එයා හදිස්සි වෙලයි මේ බය උනො... මොකද තවමත් එහෙම මුකුත් වෙලා නැති නිසා-
ටේහ්යුං උනත් මනුස්සයෙක් චියන එක මතකයිනේ... අපි උනත් ආසම කෑම නිතරම කෑවොත් හෝ දීර්ඝ කාලීනව කකා උන්න කෑමක් උනත් වෙනස් කරලා වෙනස් රසයක අත්දැකීම ගන්න පෙලඹඹෙනවනේ... ඉතින්?
_________________________________
ආදරය සහ විශ්වාස කියන දේ එකකට එකක් බැදිලා තියෙන තේරුම් දෙකක්... ඔය බැදීම එක තැනකින් හෝ පලුදු උනොත් එතන ආදරයකුත් නෑ, විශ්වාසයකුත් නෑ........💔
Bye
Sarangeo💚💜
YOU ARE READING
END OF LOVE|TK|✔
Fanfiction~Taekook Fanfiction ~Short chapters ~Taekook sad ending ~Romance ~Smut warning JK- 'ඇයි අපිට මෙහෙම උනේ ටේ?' TH- 'මං ඒ වගේ දෙයක් නොකරා නම් අදටත් අපි දෙන්නා එදා වගේම සතුටින් ඉන්න තිබුණා නේද කුකී?' JK- 'වෙන්න තියෙන දේවල් නතර කරන්න අපි දෙවියෝ නෙවෙයි ටේ...