-SEVENTEEN-

287 84 51
                                    

"එයා හුගක් ලස්සනයි ටේ... එයා ඔයාගේ පුංචි කාලේ පොටෝස් වල ඉන්න ඔයා වගේමයි..." ජන්කුක් ටේහ්යුංගේ පුංචි පැටියව වඩාගන්න ගමන් කිව්වේ සතුටු කදුළු ඇස් වල පිරිලා තියෙද්දී...

ඒත් ටේහ්යුං නම් උන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි... හෙට තමයි එයාලගේ ඩිවෝස් එක ගන්න දවස ඉතින් ටේහ්යුං උන්නේ ටිකක් නෙවෙයි ගොඩක්~ ගොඩක් අවුලෙන්...

"මේ බලන්නකෝ ටේ එයා මාත් එක්ක හිනා වෙනවා..." මෙතන අත දරුවා අර පුංචි එකාද? නැත්නම් ජන්කුක්ද? ජන්කුක් දරුවා එයත් එක්ක හිනා වෙද්දී සතුටින් කෑ ගැහුවා...

"ටේ~ ටේ~ එයා හරිම ලස්සනයි, කියුට් ආ... මට එයාව හොරෙන් ගෙදර අරං යන්න තරම් හිතෙනවා... මේ හෙට උදේට බබා ගෙදර උන්නේ නැත්නම් රෑ මං එයාව උස්සලා හොදේ" ජන්කුක් දරුවව අත් අතර තියාගෙන මොනවද මේ කියවන්නේ? ආ ජන්කුක්ට දරුවව දැකලා ඇත්තටම පිස්සු තද වෙලාද කොහෙද?

ටේහ්යුං කල්පනා කලේ ජන්කුක් මෙහෙම හැසිරෙන්නේ ඇත්තටමද? නැත්නම් තමන්ට පේන්නද කියලා... ඒත් ජන්කුක් මේ හදවතින්මයි සතුටු වෙලා ඉන්නේ... එයාගේ හිනාව බොරුවක් නෙවෙයි එයා ඇත්තටම දරුවා ගැන සතූටින්...

"ඔයා ඇයි මෙහේ ආවේ මිස්ටර් ජෙයොන්? දරුවව මට දෙන්න-" එකපාරටම දරුවගේ කාමරයට ආව මීනා ඒ විදිහට ජන්කුක්ගෙන් දරුවව ගත්තා... එයාලා මේ උන්නේ ටේහ්යුං ජන්කුක් සහ එයාලගේ ආදරය වෙනුවෙන් හදපු ගෙදරයි... මීනට දරුවව හම්බුනාම අකමැත්තෙන් උනත් එයාලා මේකේ පදිංචි උනා...

මීනාගේ වචන එක්ක ජන්කුක් මුකුත් නොකිව්වත් ටේහ්යුංට ඇත්තටම ඒකට තරහා ගියා...

"උබ කොහොමද එයාට එහෙම කතා කරන්නේ? දැනගනින් එයා තාමත් මගේ හස්බන්ඩ්... එයාට ඕන වෙලාවක මෙහේ එන්නත් පුලුවන්, දරුවව බලන්නත් පුලුවන්... එයාට උබෙන් අවසර ඕන නෑ කියලා මතක තියාගනින්" ටේහ්යුං මහ හයියෙන් මීනට කෑ ගැහුවාම අතේ උන්න දරුවා බය වෙලා අඩන්න ගත්තා... ඇත්තටම මීනත් ටිකක් බය උන නිසා එයාට දරුවව නලවගන්න බැරි උනා...

දරුවා කදුලු වක්කරගෙන කෑ ගහද්දී ජන්කුක්ට දරාගන්න බැරි උනා... ටේහ්යුංට අයිතියක් නෑ මීනට එහෙම කෑ ගහන්න මොකද මීනට දරුවෙක් ලැබුනේ ටේහ්යුං නිසයි... ටේහ්යුං එහෙම නොකරා නම්~ අන්දයෙක් වගේ වෙන රහක් හෙව්වේ නැත්නම් අදටත් ජන්කුක් ටේහ්යුං සතුටින් ඉන්නවා... ටේහ්යුං එයාගේ අතේ වැරැද්ද තියාගෙන දරුවව බය කරද්දී ජන්කුක්ට බය හිතුනා, දුක හිතුනා...

එයා නිසයි දරුවා අසරණ වෙන්නේ කියන එක තදින්ම හිතට දැනුනා...

"උබ ආපහු එයාට විරුද්ධව එක වචනයක් හරි කිව්වොත් උබට පුලුවන් පාරට බහින්න..." ටේහ්යුං දරුණු විදිහට මීනට කිව්වා..

"මේව මගේ වැරදි විතරක් නෙවෙයි ටේහ්යුං මේව ඔයාගෙත් වැරදි- ඔයයි මාව ඒ විදිහට පාවිච්චි කරේ... ඒ කාලේ කොහෙද ඔයාගේ ඔය ජන්කුක්ට තියෙන ආදරේ තිබුණේ? බොරුවට මෙයා ඉස්සරහා වීරයා වෙන්න හදන්න එපා ටේහ්යුං ඔයත් වැරැද්දක් කරා... ඒ වගේම මතක තියාගන්න මාව එලියට ඇදලා දානවා නම් මං දරුවවත් අරගෙනමයි යන්නේ ඒ වගේම මං දරුවට ඔයාගේ ඇත්ත උගන්නනවා" කටවහගෙන නොසිටි මීනා ඒ විදිහට ප්‍රති උත්තර දෙද්දී ටේහ්යුං ගොලු උනා...

ජන්කුක් මේ හැමදේම දිහා බලාගෙන, අහගෙන උන්නේ... එයාට තේරුනා දැන් එයා මේ පවුලට අමුත්තෙක් විතරයි කියලා... අමුත්තෙක් නම් එයා ටික කාලයක් ඉදලා ආපහු යන්න ඕනා- ජන්කුක් කාලයක් මෙහේ උන්නා එහෙනම් දැන් තමා ඒ අමුත්තා ජන්කුක්ට යන්න කාලය..






__________________________________

ගොඩක් කතාවල වගේ ජන්කුක් එයාගේ දෙයක් වෙනුවෙන් සටන් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා... මොකද ඒක නිසයි මේක සෑඩ් උනේ♥

Bye
Sarangeo💚💜

END OF LOVE|TK|✔Where stories live. Discover now