"මං දන්නවා ඔයා තාමත් මේ වගේ දෙයකට සූදානම් නෑ කියලා... ඒ වගේම මං ගැන ඔයාට යාලුවෙක්ට වඩා හැගීමක් නෑ කියලත්- ඔයා මාව මීට මාස කීපයකට උඩදී දැක්කට මං ඔයාව දන්නේ මීට අවුරුදු දහයකට කලින් යුනිවර්සිටි එකේදී... ඒ කාලේ ඔයා උන්නේ කඩවසම් පිරිමි ලමයෙක්ගේ උණුහුමේ තුරුල් වෙලා- මට ඔයාලව දැක්කම ගොඩක් සතුටු හිතුනා ඒ වගේම ඔයා ගැන ඇති උන ඒ අමුතු ආදර හැගීම මං යටපත් කරලා දැම්මා... ඔයාලගේ විවාහ උත්සවය දැක්කාම මං සතුටට ඇඩුවා මොකද මං ඔයාට ආදරය කරත් ඔයාගේ සතුට වෙනුවෙන් ඔයා කා ගාව උන්නත් මං සතුටු උනා... නිතරම ඔයාලව දකිද්දී මට අවංකවම සතුටු හිතුනා... මට එකම එක ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් උන්නා හැබැයි ඒ වෙද්දිත් මං ඔයාට ආදරේ කරන්න අරගෙන... ඔයාව අමතක කරන්න කියලා හිතාගෙනයි මං එයා එක්ක යාලු උනේ- මට ඕන උනේ ඔයාව අමතක කරලා, ඔයාලගේ පවුල් පසුබිමට බාධාවක් නොවී සාමාන්‍ය විදිහට ඉන්න... ඒත් ඒ ගර්ල් මට කිව්වේ 'ඔයා මට කැමති නෑ මේක හරියන්නේ නෑ ආදරය කරන කෙනාට කෙලින්ම ගිහින් කියන්න නැත්නම් හැමදාම දුක් වෙවී ඉන්න' කියලා... ඒත් මං කොහොමද ඔයාට කියන්නේ? මං ආපහු තනියම ඔයාට ආදරය කරන ගමන් මගේ ජීවිතය ගෙව්වා... ඒත් එදා පාක් එකේදී, ඔයා අඩද්දී ඔයා ගාවට එන්න, ඇයි කියලා අහන්න ගොඩක් ඕන උනා... ඒත් මං බයෙන් හැංගිලා උන්නා... ඔයා පැය ගානක් ඇඩුවා මං දැක්ක... ඔයා ගොඩක් දුර්වල විදිහට ඉද්දී මං ඔයාට කතා කරා... මතකද බඩගිනිද කියලා ඇහුවා? මට ඕන උනේ ඔයාට මගේ ගානේ කෑම වේලක් අරගෙන දෙන්න... ඒත් එදා ඊට වඩා වැඩියෙන් මට ඔයා බලාපොරොත්තු දුන්නා... මං එදා දවස ගැන සතුටින් උන්නේ... ඔයා එක්ක කතා කරපු එකෙන්ම මං ගොඩක් සතුටින් උන්නේ... වෙන දෙයක් ඕන නැති තරමටම මං එදා සතුටු උනා... හැබැයි ඔයා ආපහු මීට් උනාම, සතුටින් කතා කරාම මට හිතුනේ ඇත්තටම මං එතනම සතුටට මැරිල වැටෙයි කියලා... ඒත් පස්සේ මට දැනගන්න පුලුවන් උනේ නරක ආරංචියක්- ඒක නිසයි ඔයා එදා ඇඩුවේ කියලා හිතද්දී මටත් ගොඩක් ඇඩුවා, මට ගොඩක් දුක හිතුනා... මට ඕන උනා ඔයාගේ හස්බන්ඩ්ව ඔයාට ගෙනත් දෙන්න එයාව ඔයාගේ අතේ ගැටගහන්න.. ඒත් ඔයා පස්සේ මට කිව්ව කතාව- ඔයයි ඒ තීරණය ගත්තේ කියලා මට ඕන උනේ නෑ ඒකට හරස් වෙන්න... අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා නෙවෙයි ඒත් මට කියන්න ඕන උනේ ඔයාට කවුරු නැතත් මං ඉන්නවා කියලා... ඔයාගෙන් මං ලව් ලයිෆ් එකක් ඉල්ලන්නේ නෑ ඒත් පුළුවන් නම් මේ දවස් ටිකේම වගේ මාත් එක්ක ඉන්නවා නම් මං ඔයාව ගොඩක් හොදින් බලාගන්න පොරොන්දු වෙනවා..." මින්සන්ග් එයාගේ ජීවිතේ, එයාගේ ආදරය ගැන එයාගේ ආදරය උන ජන්කුක්ට ඒ විදිහට කිව්වා...
ජන්කුක් උන්නේ ටිකක් විතර පුදුම වෙලයි... මේක විශ්වාස කරන්න පුලුවන්ද? මින්සන්ග් එයාට තනියම එහෙම ආදරය කරලද? ඒත් ජන්කුක් ආපහු සූදානම්ද?
"ම-ට සමාවෙන්න මින්සන්ග් හියුන්... ඒත් මට ආපහු ඒ වගේ ලයිෆ් එකක් අවශ්‍ය නෑ... ආපහු ආදරය කරලා දාලා යන කෙනෙක්ව මට ඕන නෑ... මට සමාවෙන්න ඔයාව විශ්වාස නෑතුව නෙවෙයි ඒත් මට ඒක දරාගන්න බැරිවෙයි"
"ඔයා වෙනුවෙන් මෙච්චර කාලයක් බලාගෙන උන්නා වගේ තවත් ගොඩාක් කාලයක් මට පුලුවන් බලං ඉන්න... ඒ කාලේ ඇතුලේ මොන දේ උනත් මං ඔයාගේ ලගින් ඉන්නවා ජන්කුක්..." මින්සන්ග් හැමදාම වගේ හිනා වෙලා කිව්වේ ජන්කුක්ගේ හිතේ බර සැහැල්ලු කරලයි...
ජන්කුක් ආපහු කවදාවත්ම ඒ ලයිෆ් එක එන්ජෝයී නොකරාවී!!!
__________________________________
Bye
Sarangeo💚💜
YOU ARE READING
END OF LOVE|TK|✔
Fanfiction~Taekook Fanfiction ~Short chapters ~Taekook sad ending ~Romance ~Smut warning JK- 'ඇයි අපිට මෙහෙම උනේ ටේ?' TH- 'මං ඒ වගේ දෙයක් නොකරා නම් අදටත් අපි දෙන්නා එදා වගේම සතුටින් ඉන්න තිබුණා නේද කුකී?' JK- 'වෙන්න තියෙන දේවල් නතර කරන්න අපි දෙවියෝ නෙවෙයි ටේ...