-NINETEEN-

411 89 16
                                    

"ටේ-"

"මට ඒ නමින් කතා කරන්න එපා ප්ලීස්..." මීනා ටේහ්යුංට 'ටේ' කියලා කතා කරත් ටේහ්යුං එයාගෙන් වැද වැටෙන විදිහට ඉල්ලුවේ තමන්ට ඒ නම නොකියන්න කියලයි...

මේ වෙද්දී ටේහ්යුං සහ ජන්කුක් දෙන්නා නීතියෙන් ඔවුන්ගේ සම්බන්ධය නතර කරලා මාස තුනක්... ටේහ්යුංට ඒකට විරුද්ධ වෙන්න බැරි උනේ එයාගේ දරුවා නිසයි... කොච්චර බෑ කිව්වත් ටේහ්යුංට දරුවා වෙනුවෙන් ඒ දේ කරන්න උනා... නැතත් ජන්කුක් ටේහ්යුංට බල කලා දරුවාව අතරමං නොකරන්න කියලා...

ටේහ්යුංට වෙන මගක් තිබුනේ නෑ එයා ජන්කුක්ගේ කීම අහලා ඩිවෝස් වෙලා මීනා සහ දරුවා එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා... විවාහ නොවුනත් මීනා සහ ටේහ්යුංගේ දරුවා දැන් ඉන්නේ ජන්කුක් සහ ටේහ්යුංගේ ගෙදර.. නමුත් ටේහ්යුං තවමත් ජන්කුක්ට ආදරය කලේ- එයා එයාගේ වැරැද්ද ගැන හැමදාම හිතමින් විදෙව්වා...

"ඔයාගේ කෝපි එක-" මීනා ටේහ්යුංට කෝපි එක ලං කලා... ඇත්තටම ජන්කුක් හිටිය නම් කවදාවත් ටේහ්යුංට කෝපි නොදේවී- මොකද ටේහ්යුං කෝපි වලට අකමැති...

"ඔයා ඇයි මේ වගේ දෙයක් කලේ මිස් මීනා? ඔයා හොදටම දන්නවා මං ඔයාට ආදරේ නෑ කියලා... ඇයි බොරුවට මෙහෙම රගපාන්නේ?"

"මං දන්නවා ඔයා තවමත් මට ආදරේ නෑ කියලා ඒත් ටේහ්යුං මං ඔයාට ගොඩක් ආදරෙයි... මේ දරුවා ඔයාගේ දරුවෙක්- ඉතින් ඔයා කාට ආදරය කලත් ඔයා මගේ ගාවම ඉන්න ඕනා..."

"ඔව් ඔයා හිතනවා වගේම වෙයි... මොකද මං ජන්කුක්ට පොරොන්දු උනා කවදාවත් දරුවව තනි කරන්නේ නෑ කියලා... තමුන්ට ආදරය නොකලට මං මගේ ලමයට ආදරෙයි.. ඉතින් මං කොහෙවත් යන්නේ නෑ-"

ඔයාලා හිතන්නේ මේ තත්වය ගැන ජන්කුක් දන්නේ නෑ කියලද? නැහැ ජන්කුක් හොදාකාරවම මේ තත්වය ගැන දන්නවා... මොකද එයා මීනා ගැබ්බරව උන්න කාලේ ජන්කුක්ව මුණ ගැහුනාම එයා ජන්කුක්ට කිව්වා ටේහ්යුංව මොන දේ උනත් හිරකරගන්නවා කියලා... ටේහ්යුංටත් වඩා හොදට ජන්කුක් දන්නවා මේ තත්වය මෙහෙමයි වෙන්නේ කියලා... ටේහ්යුං මීනා නිසා සතුටින් නෙවෙයි, එයාගේ මූණේ හිනාවක් මීනා නිසා එන්නේ නෑ- ඒත් ටේහ්යුං දරුවා ගාවදී සතුටින්, එයා හිනා වෙනවා... ටේහ්යුං ලමයින්ට ආදරේ බව ජන්කුක් දන්නවා... ඉතින් ජන්කුක් මේ තත්වෙට ඒ විදිහට පවතින්න ඉඩ දුන්නා... ඒක හැමෝටම හොදයි..

ජන්කුක්ට පුලුවන් සටන් කරන්න ඒත් එයා එහෙම නොකර යන්න තීරණය කලේ මාස හතරක පොඩි පැටියෙක්ව අසරණ කරන්න අකමැති නිසයි... එයාට ඕන උනේ නෑ තමන් ගැන හිතලා, ටේහ්යුං ගැන හිතලා දරුවව අසරණ කරන්න... මොකද මීනා මේක නතර නොකරන බව ජන්කුක් දන්නවා...

ඉතින් ජන්කුක් මේ හැමදේකින්ම ඈත් වෙලා යන්න තීරණය කලා... මොකද ටේහ්යුං තමන්ව දකිද්දී නැවතත් සංවේදී වෙන බව එයා දන්නවා... ඉතින් ජන්කුක් තීරණය කලා හැමදේම දාලා ඇමෙරිකාවට පදිංචියට යන්න... හැබැයි යන්න කලින් එයා ආවා ටේහ්යුංව හම්බවෙන්න...

ඒ එයාලගේ අවසන් හමුව විදිහට-

__________________________________

අවසාන කොටස රෑ දාන්නම්♥

Bye
Sarangeo💚💜

END OF LOVE|TK|✔Where stories live. Discover now