"කුකී මං වොශ්රූම් එකට ගිහින් එන්නම් එතකං ඔයා මෙතන ඉන්න ඕකේ"
"ඉක්මනට එන්න" ටේහ්යුං කානිවල් එකේ වොශ්රූම් තිබුණු පැත්තට යන දිහා ජන්කුක් බලාගෙන උන්නේ අතේ තිබුණු අයිස්ක්‍රීම් එකත් කන ගමන්මයි...
ටික දවසකින් එලියටවත් ගියේ නැති නිසා ටේහ්යුං, ජන්කුක් දෙන්නා අද සෝල් වල පවත්වන ලොකුම කානිවල් එක බලන්න ආවා... දැන් පැය තුනකට කිට්ටු වෙන්න එයාලා විනෝද උනා, එක එක ගේම්ස් ප්ලේ කලා, එක එක දේවල් බැලුවා, විවිද කෑම වර්ග වල රහ බැලුවා... අවසානයේ දෙන්නම කානිවල් එකේ සයිඩ් එකකට වෙන්න තිබුණු බංකුවකින් වාඩි උනේ මහන්සියටමයි...
ටිකකින් ටේහ්යුංට වොශ්රූම් යන්න ඕන වෙද්දී එයා ජන්කුක්ව එතන තනි කරලා ටිකක් එහායින් තිබුණු වොශ්රූම්ස් පැත්තට ඇවිදගෙන ගියා... ජන්කුක් එයාගේ අයිස්ක්‍රීම් එක රස කර කර කන ගමන් දෙමව්පියන් එක්ක එහේ මෙහේ දුවන ලමයි දිහා බලාගෙන උන්නා... එයාලටත් ලමයෙක් උන්න නම් තනියම මෙහෙම නැතුව එයත් එක්ක සෙල්ලම් කරන්න තිබුණා කියලා ජන්කුක් තනියම හිනා වෙමින් අයිස්ක්‍රීම් කෑවා...
"ඔහ් මිස්ටර් ජන්කුක්" ජන්කුක් එකපාරටම ගැස්සිලා ගියේ කවුරුහරි නාදුනන කටහඩකින් තමන්ව ආමන්ත්‍රණය කලා කියලා ඇහෙද්දී... ජන්කුක් ඒ පැත්ත හැරිලා බැලුවා නෑ කොහෙත්ම ජන්කුක්ට ඒ මූණ ගැන මතකයක් නෑ...
"මේ මිස්ටර් ජන්කුක් නේද?" අමුත්තා නැවතත් අහද්දී අයිස්ක්‍රීම් එකේ අවසාන ටිකත් කටට දාගත්ත ජන්කුක් ඔලුව වැනුවා...
ජන්කුක්ගේ කට වටේ අයිස්ක්‍රීම් ගෑවිලා තිබුණා... ඒක ජන්කුක්ට ගානක් නොවුනට අමුත්තාගේ නම් ඇස් නැවතුනේ ඒ රෝස පාට පිම්බුණු පැණිරහ තොල් දෙක උඩයි... දෙපාරක් නොහිතා ඔහු මහපටැගිල්ලෙන් ජන්කුක්ගේ තොල් වල තිබුණු අයිස්ක්‍රීම් අයින් කලා... ජන්කුක් කලබල උනත් ඒක නොපෙන්වා උන්නා...
"මිස්ටර් ජන්කුක්ට මතක නැද්ද මාව? එදා මිස්ටර් ටේහ්යුංගෙයි ඔයාගෙයි anniversary day එක දවසේ අර ජූස් හැලුනේ- එදා උන දේට ඇත්තටම මට සමාවෙන්න" මිස්ටර් චෝයි එතනින් වාඩි උනේ ජන්කුක්ගේ අවසරයක් නැතුවමයි...
"ඉට්ස් ඕකේ- ඒක වැරදීමක්නේ ඉතින්" ජන්කුක් මිස්ටර් චෝයි සමග හිනා උනා... මිස්ටර් චෝයිගේ වම් කකුල ජන්කුක්ගේ දකුණු කකුල මත ඇතිල්ලුනා...
"මෙතන මොකද වෙන්නේ?" ටේහ්යුංගේ කටහඩත් එක්ක ජන්කුක් නැගිටලා ටේහ්යුං ගාවින් හිට ගත්තා.. කිසිම දෙයක් නොවුනා වගේ මිස්ටර් චෝයි හිනා වෙමින්ම නැගිටලා ටේහ්යුංට අත දුන්නා...
"මිස්ටර් චෝයිව දැක්කේ කාලෙකින්- මෙහේ උන්නේ නෑ කියලා ආරංචියක් ආවා" ටේහ්යුංනුත් ඔහුට අතට අත දුන්නා...
"ඔව් මිස්ටර් ටේහ්යුං මට ටික කාලෙකට ඇමෙරිකාවට යන්න උනා- මගේ වයිෆුයි මායි ඩිවෝස් උනානේ ඉතින් එහෙදි කරගන්න වැඩ වගයක් තිබුණා සෝ දැන් මං ආපහු සිංගල්" අවසාන කොටස මිස්ටර් චෝයි කිව්වේ ටේහ්යුංටද? මොකද ඒ ඇස් හැරිලා තිබුණේ ජන්කුක්ගේ දිහාවටයි...
"ඔහ් කොච්චර නරක කාලයක්ද? ඇත්තටම මට දුකයි... ඔය දෙන්නා සතුටින් උන්නානේ"
"ඒව එහෙම තමයි මිස්ටර් ටේහ්යුං... කාලයක් යද්දී රහ බාල වෙනවනේ එතකොට ඒකම කනවට වඩා වෙන දෙයක් හොයන්න පෙලඹෙන ප්‍රතිශතය වැඩී" මිස්ටර් චෝයි කියපු දේ හරිම අර්ථය ඒ මොහොතේ ටේහ්යුංටවත් ජන්කුක්ටවත් තේරුනේ නැති බව ස්තීරයි...
"අනේ මංදා මිස්ටර් චෝයි... ආදරය කරන අය අතරේ විශ්වාස තියෙන්න ඕනා... බලන්නකෝ අපි දෙන්නා දැන් අපේ relationship එකට අවුරුදු 8 ක් වෙන්නත් එනවා නේද ලව්" ජන්කුක් ඔලුව වැනුවා...
"ඔයා වගේ හැමෝම වාසනාවන්ත නෑනේ මිස්ටර් ටේහ්යුං මේ වගේ ලස්සන හුරුබුහුටි කොල්ලෙක්ව ලබන්න..."
"මෙයාගේ හුරුබුහුටිකම බලන්න තියෙන්නේ ඉල්ලන දෙයක් නොදුන්නොත් තමයි..." ටේහ්යුංගේ විහිලුවට ජන්කුක්ගෙන් හොද ශොට් එකක් ලැබුනා...
තවත් ටිකක් වෙලා යනකංම මිස්ටර් චෝයි සමග කතාබහ කරපු ටේහ්යුං සහ ජන්කුක් ඔහුට සමුදීලා කානිවල් එකෙන් එලියට ආවා... කා පාක් එක ලගටම ගියපු ටේහ්යුං ජන්කුක්ව වඩාගත්තා...
කා එකේ දොරට තද කරගත්ත ජන්කුක්ව ටේහ්යුං කිස් කරන්න පටන් ගත්තාම තමන්ගේ අත් දෙක ටේහ්යුංගේ බෙල්ලේ ඔතාගෙන ටේහ්යුංට ජන්කුක් උදව් කරා... ගැඹුරින්ම පටන්ගත්ත ඒ සිපගැනීම දෙදෙනාගේම හැගීම් අවුස්සන්න පටන් ගත්තා...
"මෙතන බෑ ටේ ඉක්මනට ගෙදර යමු" ජන්කුක්ව වඩාගෙනම ශීට් එකෙන් ඉන්දපු ටේහ්යුං ඊලගට දුවගෙන ඇවිත් ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩි වෙලා වේගෙන් ගෙදරට ඩ්‍රයිව් කලා...
_________________________________
ඔයාලා හිතන්නේ මුලින්ම වැරැද්ද කරන්නේ ටේහ්යුංද? ජන්කුක්ද?
Bye
Sarangeo💚💜
YOU ARE READING
END OF LOVE|TK|✔
Fanfiction~Taekook Fanfiction ~Short chapters ~Taekook sad ending ~Romance ~Smut warning JK- 'ඇයි අපිට මෙහෙම උනේ ටේ?' TH- 'මං ඒ වගේ දෙයක් නොකරා නම් අදටත් අපි දෙන්නා එදා වගේම සතුටින් ඉන්න තිබුණා නේද කුකී?' JK- 'වෙන්න තියෙන දේවල් නතර කරන්න අපි දෙවියෝ නෙවෙයි ටේ...