-NINE-

262 80 13
                                    

"ටේ අදවත් වේලාසනින් එන්න බැයිද? ඔයා මේ දවස් ටිකේම මහ පාන්දර වෙනකංම වැඩ කලානේ අනේ" ජන්කුක් ඇහුවේ ඔෆිස් යන්න ලෑස්ති වෙන ටේහ්යුංගෙන්...

"ජන්කුක් මට වැඩ තියෙනවා විකාර කියවන්නේ නැතුව ඉන්නවද?" ටේහ්යුං ජන්කුක්ට සැර කරලා ඔෆිස් යන්න පිටත් උනා...

ටේහ්යුං යනකං බලාගෙන උන්න ජන්කුක් මෙච්චර වෙලා තද කරගෙන හංගගෙන උන්න කදුලු එකින් එක වට්ටන්න පටන් ගත්තේ ටේහ්යුංගේ සැර කිරීම ඒ හිත රිද්දපු නිසයි...

ලගකදී ඉදන් ටේහ්යුං ජන්කුක්ට නිතර නිතර බනින්නත්, ජන්කුක් සමග ඉන්න තියෙන කාලය අඩු කරන්නත් හේතුව ජන්කුක්ට හරි අවබෝධයක් තිබුණේ නෑ... කලින් ඒවා ජන්කුක්ගේ හිතලු විතරක් උනාට දැන් ඒවා හැබෑ කරන්න වගේ ටේහ්යුං ඒ විදිහටම හැසිරුනා... ටේහ්යුං වගේ නිතර නිතරම ඔෆිස් නොයන ජන්කුක්ට දැන් දැනුනේ එයා ආදරය කරපු ටේහ්යුං දැන් එයා ගාව නෑ වගේ හැගීමක්...

ජන්කුක් මේ දවස් ටිකේම ඇඩුවා... ටේහ්යුං ජන්කුක් අඩනවා නොදැක්කේ උදේ පාන්දර ගියාම ආපහු ටේහ්යුං ආවේ මහ රෑ නිසයි... ජන්කුක් සමහර දවස් වලට අඩල අඩලම නිදාගත්තා... ඒත් ටේහ්යුං ඒව දන්නේ නෑ...

කාලෙකට කලින් උන්න ටේහ්යුංට, ජන්කුක් ආදරය කරපු ටේහ්යුංට ජන්කුක්ගේ පුංචි දුකක් උනත් හරි ඉක්මනට දැනුනට දැන් ඉන්න ටේහ්යුංට ජන්කුක් ඇදිලා ගිහින්, එයාගේ ඇස් කලු වෙලා ගිහින් කියලාවත් තේරුනේ නෑ... හිතාගන්න බැරි විදිහට ටේහ්යුං වෙනස් වෙන්න අරගෙන තිබුණා...

උදේට කෑම කාලත් නැති ජන්කුක් ටේහ්යුං නොඑන බව දන්න නිසාම දවල්ට කෑවෙත් නෑ... රෑටත් කිරි එකක් විතරක් හදාගෙන බිව්ව ජන්කුක් ලිවින් රූම් එකට වෙලා දොර දිහා බලාගෙන උන්නේ ටේහ්යුං අදවත් වේලාසනින් එයිද කියන සැකෙත් එක්කයි...

රෑ දොලහ වෙලත් ටේහ්යුං තවමත් ගෙදර ආවේ නෑ... ජන්කුක් තවමත් ඇස් දෙක රිදෙනකං දොර දිහා බලාගෙන උන්නා... වෙලාවකට අඩන ගමනුත්, තවත් වෙලාවක ටේහ්යුංට වැඩ ඇතී කියලා තමන්ගේ හිතම තරවටු කරගන්න ගමනුයි ජන්කුක් දොර දිහාම බලාගෙන උන්නා...

ටේහ්යුංට වැඩ ඇතී.....

පාන්දර තුනට විතර ගෙදර දොර ඇරගෙන ටේහ්යුං ඇතුලට ආවා...ලයිට්ස් දාලා තිබුණේ ලිවින් රූම් එකේ විතරක් වෙද්දී පොඩි උන ඇදුම් එක්කම ටේහ්යුං එතනට ගියා... ජන්කුක් සෝෆා එක උඩම ගුලි ගැහිලා නිදාගෙන උන්නා...

"මං මේ මොකක්ද දෙවියනේ කරන්නේ?" ජන්කුක්ගේ කදුලු පාරවල් ඇගිල්ලෙන් අතගාන ගමන් ටේහ්යුං එයාටම මුමුණගත්තා...

"ඇයි ඔයාටත් බැරි එයා වගේ මාව ඔයාගේ පැත්තට නම්මගන්න... එයා මාව ඔයාගෙන් උදුරගන්න යන්නේ කුකී..." ජන්කුක් නිදිබව දැන දැනම ටේහ්යුං තනියම අඩන ගමන් කියෙව්වා...

"මං ඇබ්බැහි වෙලා-" ටේහ්යුං කදුලු පිහිදගෙන නැගිටලා ජන්කුක්වත් වඩාගෙන එයාලගේ කාමරේට ගියා... තාමත් ටේහ්යුං වැරැද්ද වැරැද්දක් විදිහට දැකලා ඒක නිවැරදි කරගන්න තරමට පසුතැවිලා නෑ...

ජන්කුක්ව පරිස්සමින් ඇද උඩ තියලා ටේහ්යුං වෙනත් ඇදුමකට මාරු උනා... ඊලගට ජන්කුක් ගාවට ඇවිත් ජන්කුක්ව බදාගත්තා... ඒ දෙන්නටම නරක කාලයක් උදා වෙලා තිබුණා...

__________________________________

මිනිස් හිත මොන වෙලේ කොයි වගේ වෙනස් වෙනවද කියන එක දෙවියෝවත් දන්නේ නෑ... තමන් වැරදි නොකර ඉන්න තාක් තමන්ට හොදයි♥

Bye
Sarangeo💚💜

END OF LOVE|TK|✔Where stories live. Discover now