-ELEVEN-

264 81 22
                                    

වෙලාව 2.46 යි... ටේහ්යුං අදත් ගෙදර ආවේ ඒ වගේ වෙලාවක තමයි... හැබැයි අද වෙනසක් තිබුණා ඒ තමයි ජන්කුක් අද ටේහ්යුං එනකංම ඇහැරගෙන උන්නා...

ටේහ්යුංට ජන්කුක්ගේ මූණේ පොඩි පොඩි වෙනසකම් දකින්න ලැබුනත් ජන්කුක් එයා එක්ක හිනා වෙලා උන්න එක නිසා ඒ ගැන නොහිතා උන්නා... ටේහ්යුං දැක්කේ නෑ ඒ හිනාව අඩන්න බැරි කමට පෙන්නපු හිනාවක්ය කියලා...

"ඔයා තවම නිදි නැද්ද ජන්කුක්?" ටේහ්යුං එයාගේ කෝට් එක ගලවලා ජන්කුක් අතට දුන්නා...

"මං නැතුව ඔයා එනකං වෙන කවුරුහරි ඇහැරං ඉන්නවද? ඔයා ඉතින් මගේ හස්බන්ඩ්නේ ඩාලිං" ජන්කුක් ටේහ්යුංගේ කෝට් එක පැත්තකින් තියලා නෝමල් විදිහට ටයි එක ගලවගන්න ටේහ්යුංට උදව් කරා...

"අද නම් හරිම මහන්සී ජන්කුක්" ටේහ්යුං එහෙම කියාගෙන ලිවින් රූම් එකේ සෝෆා එකේ ඇල උනා... ජන්කුක් පිටිපස්සෙන් ගිහින් ටේහ්යුංගේ උරපතු මසාජ් කලේ ටේහ්යුං ඒකට හුගක් ආස බව දන්න නිසාමයි...

"ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා නේද ටේ? ඔයාට අර මිස් මීනත් ගොඩක් උදව් කරනවා කරනවා කියලා ආරංචි උනා... කොච්චර දෙයක්ද එයා ඔයාව සතුටින් තියන එක නම්-" ජන්කුක් කියපු කතාව- ජන්කුක් ඒ හින්ට් එකෙන් කියපු දේ ටේහ්යුංට තේරෙද්දී ටේහ්යුං ඊයක වේගෙන් කෙලිං උනා... ජන්කුක් දිහා බලපු ටේහ්යුංට දකින්න හම්බුනේ තවමත් කලින් වගේම හිනා වෙලා උන්න ජන්කුක්වයි...

ජන්කුක් ගැන හැගීමක් ඇති උන මුල් කාලේ, දෙන්නට දෙන්නා හැගීම් ප්‍රකාශ නොකර තනි හිතෙන් ආදරය කරපු කාලේ ටේහ්යුං දකින්න ආසම උන දේ තමයි ජන්කුක්ගේ ඒ හිනාව... කාලෙකින් එහෙමත් කෙනෙක්ට පිහිටන ඒ ලස්සන, හුරුබුහුටි, කියුට්, සෙක්සි සේරගෙම මිශ්‍රණයක් උන ඒ හිනාව ටේහ්යුංගේ හද ගැස්ම මොහොතින් මොහොත නතර කරපු හැටි ටේහ්යුංට මැවි මැවී පේන්න ගත්තා...

එදා ජන්කුක් අවංකව හිනා උනත් අද ඒ හිනාවෙන් ටේහ්යුංට තේරුනේ ලොකු අසරණකමක්... ඒ අසරණකම ටේහ්යුංට ටේහ්යුංගේ වැරදි මුල ඉදන් පෙන්නලා දෙන්නත් පසුතැවෙන තැනට පත් වෙන්නත් ගත උනේ ක්ෂණයයි...

"කුකී මට සමාවෙන්න රත්තරං ම-මං දන්නවා මගේ අතින් වැරැද්දක් උනා... අනේ ප්ලීස් මට සමාවදෙන්න... නෑ සමාව නොදුන්නත් කමක් නෑ මාව දාලා යන්න එපා වස්තුව- ඔයා- ඔයා මගේ පන ටික මගේ මැණික" ටේහ්යුං ජන්කුක්ගේ ලගට ගිහින් ජන්කුක්ව බදාගත්තේ ඇත්තටම සමාවගන්නයි...

මෙච්චර දවසක් ජන්කුක්ව ඈත් කරලා වෙන පහසකට නතු උන ටේහ්යුංට ඒ කරපු වරදේ තරම නොතේරෙන තරමට මීනා ඔහුව තෘප්තිමත් කරලා, වෙනස් කරලා තිබුණා... ඒත් තවමත් ටේහ්යුං ආදරය කලේ ජන්කුක්ටයි- ටේහ්යුංගේ ඇග වෙන ඇගකින් සතුටු උනාට ටේහ්යුං හිතින් ආදරය කලේ එයාගේ ජන්කුක්ටයි... ටේහ්යුං ගොඩක් ලොකු වැරැද්දක් කලා...

"ඔයාගේ අතින් ඒ වැරැද්ද වෙද්දී ඔය පන ටික කොහෙද ටේහ්යුං තිබ්බේ? සේරම උනාට පස්සේ සමාවගත්තාම සේරම හරියනවද?" ජන්කුක් ටේහ්යුංගේ තුරුලෙන් අහක් උනා...

වෙනදට ටේහ්යුංගේ තුරුල හොය හොය ඇදිලා එන ජන්කුක් අද ටේහ්යුංගේ පපුවට අත තියලා එයාව ඈත් කරා... ටේහ්යුංගේ හදවත බිදිලා ගියා... ඒත් ජන්කුක්ගේ හදවත බිදිලා ගියේ දැන් හුග දවසකට කලිනුයි...

"කුකී ම-මං වැරදි හදන්නම්... නෑ ආපහු එහෙම නොවේවී- නෑ කොහෙත්ම නෑ... මං අන්දයෙක් වෙලා උන්නේ මට මට වැරැද්ද පෙනුනේනෑ...මං ඔයාට ආදරෙයි ප්ලීස් මට එක චාන්ස් එකක් දෙන්-" ටේහ්යුං ජන්කුක්ගේ කකුල් දෙක ලග වැටිලා උන්නා... ජන්කුක් එයාගේ හදවත ගල් කරගෙන වැටෙන කදුලු අතින් පිහිදාගෙන අඩියක් පස්සට ගියා...

"තවත් ඔයාව විශ්වාස නෑ ටේහ්යුං" ජන්කුක් කෑ ගහලා අඩන ටේහ්යුංව එතනම තනි කරලා එයාලගේ කාමරේ වෙනුවට ගෙස්ට් රූම් එකට ගිහින් දොර වහගත්තා...

එදා මුලු රෑම ටේහ්යුං ලිවින් රූම් එකේ කෑ ගහ ගහ අඩද්දී ජන්කුක් කාමරේ දොරට හේත්තු වෙලා අතින් කට වහගෙන ඇඩුවා...



__________________________________

Short story එකක් නිසා ලොකු විස්තර දාන්නේ නෑ ලමයි... එහෙම උනොත් short එක long වෙයි♥

Bye
Sarangeo💚💜

END OF LOVE|TK|✔Where stories live. Discover now