-FIFTEEN-

278 90 18
                                    

"ජ-ජන්කුකී..." ටේහ්යුංගේ ගෙදර ඉස්සරහා හිටගෙන උන්නේ ජන්කුක්... හරියටම මාස තුනකට පස්සේ- මීනා ජන්කුක්ව මීට් වෙන්න ඇවිත් දවස් දෙකකට පස්සේ ජන්කුක් ආපහු එයාලගේ ගෙදරට ගියා...

ජන්කුක්ව දැක්ක ටේහ්යුංගේ මූණට ලොකු හිනාවක් ආවා... මොකද අද තමයි එයාලගේ 3 rd anniversary day එක... ටේහ්යුංට ඕන උනත් අද ජන්කුක් එක්ක ගත කරන්න ඒත් එයා ඒ බලාපොරොත්තුව අත ඇරලා දැම්මා... මාස තුනක්ම කතා නොකරපු කෙනා අද කතා කරයි කියලා ටේහ්යුං කොහොමද හිතන්නේ? ඒත් ජන්කුක් ටේහ්යුං ඉස්සරහා හිටගෙන උන්නා...

"මගේ මැණික" ටේහ්යුං අඩියක් ඉස්සරහට තිබ්බේ ජන්කුක්ව බදාගන්න වගේ... ඒත් ජන්කුක් සංඥා කරේ එහෙම නොකරන්න කියලයි... ඉතින් ටේහ්යුං නතර උනා...

"මට ඔයා එක්ක ලොකු දෙයක් ගැන කතා කරන්න ඕනා ටේහ්යුං? මට ටික වෙලාවක් දෙන්න පුලුවන්ද?" ජන්කුක් කතා කරේ සාමාන්‍ය විදිහට හැබැයි ඒක ටේහ්යුංව රිදෙව්වා... හැබැයි ටේහ්යුං නොදන්නවා උනාට එයාටත් වඩා ලාමට ජන්කුක්ට ඒක දැනුන විදිහ ගැන- ඒක ලොකු වේදනාවක්ම විතරයි...

"එ-එන්න" ටේහ්යුං ජන්කුක්ව ඇතුලට ගත්තා... ජන්කුක් යනකොට තිබුණු ලස්සන ගෙදර අද එහෙම නෑ... ඒක ජරා වෙලා, දුවිලි පිරිලා ගිහින්... තනිකරම අපායක් වගේ වෙලා ඒත් ටේහ්යුං මාස තුනක් උන්නේ මේ ගෙදර ඇතුලේ-

"වැඩ කරන අය ආවේ නැද්ද?" ජන්කුක් දූවිලි ටික අතින් ගසලා පුටුවේ ඉදගත්තා...

"නෑ- එයාලට මගේ හස්බන්ඩ් වගේ ලස්සනට මේ දේවල් කරන්න බැරි නිසා මං එයාලව අස් කරලා දැම්මා" ටේහ්යුං ඔලුව පහත් කරගෙන කිව්වා...

"ඇයි ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා මේව කරන්න දන්නේ නැද්ද? එයාලා දන්නේ ඩික් එකක් එක්ක සෙල්ලම් කරන්න විතරයිද? සෝ සෑඩ් ටේහ්යුං... මට ඔයා ගැන ඇත්තටම දුකයි" ජන්කුක් කොහොමද මෙහෙම කතා කරන්නේ? ටේහ්යුං ජන්කුක් දිහා බලාගෙන උන්නේ පුදුමෙන්...

"ඒව වැඩක් නෑ... මං ආවේ ඔයාට දෙයක් දෙන්න වගේම කියන්න" ජන්කුක් එයාගේ අතේ තිබුණු ෆයිල් එකක් ටේහ්යුංගේ පැත්තට දික් කරා...

"ඕක ඇතුලේ තියෙන්නේ ඩිවෝස් පේපර්ස් නම් සොරි මං ඒ දේ කවදාවත් කරන්නේ නෑ කුකී... ඒ වගේම ඔයා ආවේ ඩිවෝස් වෙන්න ඕනා කියල මගෙන් ඉල්ලන්න නම් මං ඒක අහන්නෙත් නෑ, පිලිගන්නෙත් නෑ... ඔයාට පුලුවන් දැන් යන්න" ටේහ්යුං අහක බලාගෙන උත්තර දුන්නම ජන්කුක් බලෙන්ම ෆයිල් එක ටේහ්යුංගේ අතින් තිබ්බා...

"ඔයා වැරදී... ඕක ඇතුලේ ඩිවෝස් පේපර්ස් නෑ ඒ වගේම මං ආවේ ඔයාට ඒ දේ ගැන කියන්න නෙවෙයි... මොකද තව මාසෙකින් අපි ඩිවෝස් වෙන එක ස්තීර නිසා තවත් ඒක ගැන කතාකරන්න මට උවමනාවක් නෑ" ජන්කුක්ගේ වචන එක්ක ටේහ්යුං ඉක්මනට ෆයිල් එක දිග ඇරලා බැලුවා...

ඒක කියවපු ටේහ්යුංගේ ඇස් ආපහු කදුලින් තෙත් වෙන්න ගද්දී ෆයිල් එක එයාගේ අතින් බිමට වැටුනා... ටේහ්යුං එහෙම්මම වැටීගෙන අඩන්න පටන් ගත්තේ එයාට ආපහු හැරෙන්න තිබුණු පුංචි පාරත් වැහිලා ගියපු බව දැනගත්ත නිසයි...

"තව සති දෙකකින් එයාට බබාව හම්බෙනවා ටේ... මං හිතන්නේ දැන් ඔයා එයා ගාවට යන්න ඕනා" අඩන ටේහ්යුංගේ පිටට තට්ටුවක් දාපු ජන්කුක් තවත් වචනයක්වත් නොකියා ගෙදරින් එලියට බැස්සා... එයාට කතාකරගන්න පුලුවන් කමක් තිබුණේ නෑ...

මාස නවයක දරු ගැබක් එක්ක මීනා ඊයේ ජන්කුක්ව මුණ ගැහෙන්න ආවම, එයාට ටේහ්යුංව දෙන්න කියලා ඉල්ලුවාම නිශ්ශබ්ද වෙනවා ඇරුනාම ජන්කුක් කරන්න දෙයක් තිබුණේ නෑ... අම්මෙක්වයි, දරුවෙක්වයි තනි කරන්න, ඒ ආදරය උදුරගන්න තරම් ජන්කුක් පහත් නෑ... ජන්කුක් පාක් එක පැත්තට කා එක හැරෙව්වේ හිත දැන් නිදහස් කරගන්න ඕනා කියලා හිතුන නිසයි...




__________________________________

තව කොටස් 5 යි තියෙන්නේ- ඒ පහම හෙට දීලා පොත complete කරනවා... කතාවේ රැදිලා උන්න හැමෝටම ගොඩාරියක් තෑන්ක් යූ❤

Bye
Sarangeo💚💜

END OF LOVE|TK|✔Where stories live. Discover now