යුන්ගි සාප්පුව ඇතුලට ගියේ එයාගෙ කලු පාට ජැකට් එකේ සාක්කු දෙක ඇතුලට අත් දෙකත් ඔබාගෙන... එයා ඇතුලට යද්දිම කෙනෙක් එයාගෙ ඔලුවට හයියෙන් ගහලා එයා කටේ ගහගෙන හිටපු සිගරට් එක පැත්තක කුණුබක්කියට විසි කරපු නිස යුන්ගි ඒ කෙනා දිහා බලලා මොනවත් නොකියා කවුන්ටරේ පුටුව ලගින් වාඩි උනේ කම්මැලිකමේ....
"ඔයා සිගරට් බිව්වට කමක් නෑ... ඒ වුනත් මන් ඉස්සරහ එපා... ඔයා හින්දා මට දවසක හුස්ම ගන්න බැරුව මැරිලා යයි..."
යීජේ එහෙම කියන ගමන් සාප්පුවෙ ඇතුලෙ පුන්චි කාමරේකට රින්ග ගත්තා...
යුන්ගි එතන වාඩි වෙලා කවුනටරේට තට්ටු කර කර ඉන්න වෙලාවෙ එයා දැක්කා සාප්පුව ඇතුලට එන කෙනෙක්...
එයා ඇදලා හිටපු කලු පාට ඇගටම ඇලිච්චි ලෙදර් කලිසමයි අඩි උස කලු සපත්තු දෙකයි නිසා යුන්ගිගෙ ඇස් දෙක එයාටත් නොදැනිම ඒ කකුල් දිහාට ඇදුනා...
ඒ කෙනා සාප්පුව වටේ රවුමක් ගහන අතරෙ යුන්ගි දැක්කා එයාගෙ අතේ එකින් එක පෙට්ටි ගොඩ ගැහෙනවා... ඒ කෙනා ඒ පාට පාට පෙට්ටි ටික අතට අරගෙන යුන්ගි දිහාට ඇවිත් ඒවා කවුන්ටරෙන් තියද්දි යුන්ගි ඒ කෙනා දිහා බලලා කවුනටරේ උඩ තියෙන පෙට්ටි ටික දිහා බැලුවෙ හිනා වෙලා...
"මේවා පොඩි අය සෙල්ලම් කරන සෙල්ලම් බඩු නෙවෙයි ..."
යුන්ගි කියද්දි ඒ කෙනා යුන්ගිගෙ මූණ ලගට ලන් උනේ වටපිට බලන ගමන්....
"මගෙන් මොනවත් අහගන්නෙ නැතුව ඔය ටික ඉක්මනට දෙනවද ?"
එයා යුන්ගිගෙ කන ලගට ලන් වෙලා රහසින් කිව්ව නිසා යුන්ගි ඒ පෙට්ටි ටිකට බිල දාලා ඒ කෙනා දිහා බැලුවා...
එයා ඇදලා හිටපු රෝස පාට සිනිදු කබාය නිසා ඒ බෝල කම්මුල් අස්සෙන් ඒ කෙනාව ලස්සනට පෙනුනා...
ඒ තරම් අහින්සක පෙනුමක් තියෙන කෙනෙක් මේ වගේ සෙල්ලම් බඩු ගොඩකට බිලක් දාද්දි යුන්ගිට හිනා ගියෙ නැත්තෙමත් නෑ....
"මේ මහ රෑ මොනවද ඔයා තනියම ඇවිද ඇවිද කරන්නෙ ?"
"නැතුව මට ඔය ටික මහ දවල් ඇවිත් අරගෙන යන්න බෑනෙ...."
ඒ කෙනා කිව්වෙ යුන්ගි දිහා බලලා හිනා වෙන ගමන්...
" තව මොනවහරි ගන්නවද ?"
යුන්ගි අහද්දි ඒ කෙනා ආයෙත් මොනවහරි මතක් වෙලා සාප්පුව වටේ රවුමක් ගිහින් ආයෙත් කවුන්ටරේ ලගට ආවා...
"මෙච්චර ගොඩක් ?"
යුන්ගි ඇහුවෙ කවුන්ටරේ උඩ තියෙන පාට පාට කොටු හැඩයේ පැකට් ගොඩ දිහා බලන ගමන්...
"ඔයාට ඒකෙන් වැඩක් නෑනෙ... ඔයාට තියෙන්නෙ ඔය ටිකට බිල දාලා දෙන්න... "
"මාසෙටම අරගෙන යන්නද ආවෙ ?"
"නෑ ඔය සතියකට... "
ඒ කෙනා කියද්දි යුන්ගි හිනා වෙන ගමන් ඔක්කොම බඩු ටික ඔතලා ඒ කෙනා අතට දුන්නෙ බිලත් එක්කමයි....
අන්තිමේ අමුත්තා සල්ලිත් ගෙවලා සාප්පුවෙන් එලියට යනවා යුන්ගි දැක්කා...
" එයාටනම් සතුටු වෙන්න ක්රම ගොඩක් තියෙනවා වගේ...."
යුන්ගි එහෙම කියන ගමන් ලොකු ඈණුමක් ඇරලා පුටුවෙ පස්සහට හේත්තු උනේ අත් දෙකත් බැදගෙන....
එයා දැක්කා කවුන්ටරේ පැත්තක තියෙන ටිකට් එකක්...
"ස්ටාර් ක්ලාබ් එකේ ටිකට් කොහෙන්ද ඔයාට ?"
යුන්ගි කෑගහලා යීජේගෙන් ඇහුවෙ ටිකට් දෙක අතට ගන්න ගමන්....
"අද රෑ මන් යාලුවෙක් එක්ක යන්න හිටියෙ..."
යීජේ ඇතුලෙ ඉදන් කෑගහනවා යුන්ගිට ඇහුනෙ නෑ... ඒ වෙනකොට එයා ටිකට් දෙකෙන් එකක් අරගෙන එලියට ගිහිල්ලත් ඉවරයි...
යීජේ එලියට ආවෙ එයාගෙ රෑ කෑම එක කාලා බියර් බෝතලයක් බොන ගමන්... ඒ වුනත් සාප්පුව බලාගන්න කියලා තියලා ගියපු කෙනා අතුරුදහන් වෙලා තියෙනවා දැක්කම යීජේගෙ රතු කට්ට පැන්නා...
"මේ මනුස්සයා කොහෙද ගියේ මේකත් ඇරලා දාලා ?"
ඒ වුනත් කවුනටරේ උඩ තියෙන ටිකට් දෙකෙන් එකක් අතුරුදහන් වෙලා තියෙනවා දැක්කම යීජේගෙ කන් දෙකෙන් ගින්දර පිට වුනා ....
"මේ මනුස්සයා නම් ඇත්තට ... අහුවුනොත් මන් ඕකව හම ගහනවා...."
යීජේ කෑගැහුවෙ අහල පහල හැම කෙනාටම ඇහෙන්න සද්දෙට කෑගහලා....
________________________
දවසේ පැනයන් :
1 . සාප්පුවට මහ රෑ ආවෙ කවුද ?
2. ඒ කෙනා අරගෙන ගියපු සෙල්ලම් බඩු මොනවාද ?
3. අර කොටු පැකට් වල ෆ්ලේවර්ස් කීයක් විතර තියෙන්න ඇත්ද ?
ඔබත් අදම මෙම පැනයන්ට පිලිතුරු දී ඔබගේ දැනුම පිලිබද අවබෝදයක් ලබා ගන්න...
YOU ARE READING
Subtle Sex Toy | YM ✔
Fanfiction-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...