ජීමින් මේසෙ උඩ ඔලුව තියාගෙන පොතේ වේගෙන් මොනවදෝ කුරුටු ගෑවෙ කම්මැලිකමේ ...
"ඔයා මොකද ඔය කරන්නෙ ?"
ටේහ්යන්ග් අහද්දි ජීමින් හැරිලා එයාට එහා පැත්තෙ හිටපු ටේහ්යන්ග් දිහා බැලුවා ...
"මොනවත් නෑ... කීයටද මේ පීරියඩ් එක ඉවර වෙන්නෙ ?"
"තව විනාඩි දහයකින්... "
දෙන්නා අන්තිම ලෙක්චර්ස් ටික අහගෙන හිටියෙ නැති තරම්... ජීමින්ට වෙනදට ලෙක්චර්ස් වලදි නිදිමත දැනුනෙ නැතත් ඊයෙ කවුදෝ හින්දා වෙච්චි හදියක් නිසා ජීමින්ට හරියට නිදාගන්නවත් ලැබුනෙ නෑ.... ඒ නිසා එයා දවසම හිටියෙ හොදටම නිදි මතේ...
සීනුව වදිනවත් එක්කම හැමෝම පන්ති වලින් එලියට දුවද්දි ජීමිනුත් ටේහ්යන්ග් එක්ක එලියට ආවෙ තැඹිලි පාට ඉරඑලියෙන් හැම තැනම වහගනිද්දි....
හවස තුනට විතරම ලන් වෙලා තිබුන නිසා ඒ තරම්ම සැර ඉර එලියක් තිබුනෙ නැතත් වෙනදට වඩා එලියක් හැම තැනම අරක් ගෙන තිබුනා ....
ජීමින් ටේහ්යන්ග් එක්ක ගෑටුවෙ එයාගෙ බෑග් එක කර පල්ලෙ එල්ලගෙන....
"ඔයාලගෙ ගෙදර යනවද ? නැත්තන් මන් අර කියපු කෙනාගෙ ගෙදර යනවද ?"
ටේහ්යන්ග් අහද්දි ජීමින්ට මතක් උනා එයාගෙ ගෙදර උදේ එයා ලෑස්ති වුන හදිස්සියට අවුල් ජාලයක් උනු බව...
"මගෙ ගෙදර ගිහින් අපි දෙන්නට පාඩම් කරන්න ඉස්සෙල්ලා අස් කරන්න වෙනවා.. ඒ හින්දා ඔය කියන කෙනෙක්ගෙ තැනකට ගිහිල්ලා පාඩම් කරමු..."
ඒ අතරෙ ටේහ්යන්ග් යේජීගෙ සාප්පුව ලග නැවතිලා යේජීට අත වනන ගමන් ජීමින් ඒ හැමදාම දැකලා තියෙන මහල් නිවාසෙ පඩිපෙල නගිනවා දැකපු නිසා ජීමිනුත් ටේහ්යන්ග් පස්සෙම ගෑටුවෙ යේජීගෙ සාප්පුව ඇතුලට ඔලුව දාලා බලන ගමන්...
ඒ වුනත් එයා දකින්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනා හිටියෙ නැති නිසා ජීමින් වැඩිය යේජීගෙ සාප්පුව පැත්තට ඇහැ දාන්න ගියෙ නෑ...
යේජීගෙ සාප්පුව තිබුනෙ පහලම තට්ටුවෙ... ඊට උඩින් තිබුන දෙවෙනි තට්ටුවෙ කාමරයක් ලගට ගිහින් ටේහ්යන්ග් දොර ඇරගෙන ඇතුලට ගියේ දොරට තට්ටු කරන්නවත් වෙලාවක් නාස්ති කරන්නෙ නැතුව....

VOCÊ ESTÁ LENDO
Subtle Sex Toy | YM ✔
Fanfic-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...