Chapter 14

700 185 46
                                    

ජීමින් පඩිපෙල බැහැගෙන පහලට ආවෙ පුස්තකාලෙට යන්න කියලා හිතාගෙන ... එයාගෙ අසයිමන්ට්ස් වගයකට තොරතුරු හොයන්න කියලා හිතාගෙන යන්න ලෑස්ති උන ගමනට හෙනහුරා පාත් උනේ යේජීගෙ සාප්පුවට උඩ ගෙදරින් ඇහුන සද්දෙ නිසා...

පාරෙ යන යන මිනිස්සුත් ඒ රෙදි වනලා තියෙන බැල්කනිය දිහා බල බල යනවා....

ජීමින් දුවගෙන ගිහින් ඒ කාමරේට යද්දි ඒ වෙනකොටත් යුන්ගියි ටේහ්‍යන්ග්මුයි මුලු කාමරේම විනාස කරගෙන  .....

දෙන්නගෙම අතේ ඉරුණු කොට්ට දෙකක් තිබුනා...කාමරේ පාවෙන පුලුන් නිසා දෙන්නගෙම ඇග පුරා පුලුනුත් පිරිලා ....

හයියෙන් කුණුහරුප කිය කිය ගෙදර බඩු මුට්ටු පොඩි කර කර යන රණ්ඩුව අතරෙ යුන්ගි තද කරලා ටේහ්‍ය්නග්ගෙ බෙල්ලෙන් අල්ලගෙන හිටියා  .... ටේහ්‍යන්ග් යුන්ගිගෙ කොණ්ඩෙන් අල්ලගෙන එයාව පස්සහට නමාගෙන හිටපු නිසා දෙන්නා පෙනුනෙ කුකුල් පොරයක් මැද හිර වෙලා වගේ....

"මේ මොකද මෙ ? ඕක නවත්තනවා...."

ජීමින් හයියෙන් කෑගහද්දි දෙන්නම හැරිලා කාමරෙට අපු අමුත්තා දිහා බැලුවා ....

"ඇයි මේ ?"

ජීමින් අහද්දි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා නොකර දෙන්නට දෙන්නගෙ මූණවල් දිහා රවාගෙන බලාගෙන හිටියත් ටික වෙලාවකින් දෙන්නම ආයෙම ගහගන්න පටන් ගත්තු නිසා ජීමින් අමාරුවෙන් දෙන්නව පැත්තකට කලා....

"මොකද මේ ?"

"එයාගෙන්ම අහන්න ...."

ටේහ්‍යන්ග් කිව්වෙ ඇස් අගින් බේරෙන කදුලු පිහදාන ගමන්.... ජීමින් යුන්ගි දිහා බැලුවත් ටේහ්‍යන්ග් ලගට ගිහින් එයාගෙ කදුලු පිහදැම්මෙ මූණෙ තැනින් තැන තිබුනු පුලුන් කෑලි පැත්තකට කරලා ... ඒ තොල් අග තැලිලා ලේත් එනවා....

"ඔයාට පිස්සුද යුන්ගි ?"

ජීමින් ඇහුවත් යුන්ගි මොනවත් කියන්නෙ නැතුව කොහෙදෝ බලාගෙන හිටියා....

"ඇයි දැන් ගහගත්තෙ ?"

"එයාට පිස්සු... එයා කිව්වත් වගේම හබන් කුකුලෙක්...."

ටේහ්‍යන්ග් කෑගහද්දි යුන්ගිත් හැරිලා බැලුවා...

"ඔව් මට තමයි පිස්සු.... තමුසෙ අර කොල්ලත් එක්ක හැම තැනම රවුම් ගහනවා... පස්සෙ දවසක තමුසෙව මරලා වලදාලා කියලා මට ආරන්චි ආවත් මන් ගනන් ගන්නෙ නෑ...."

Subtle Sex Toy | YM ✔Onde histórias criam vida. Descubra agora