Chapter 7

841 193 56
                                    

"ඒයි... ඇහැරෙනව...."

ජීමින් කෑගැහුවෙ කාමරේ පුරාවට ඇහැ යවන ගමන්... එයාගෙ එහා පැත්තෙ නිදාගෙන හිටපු ටේහ්‍යන්ග් එයාට තුරුලු වෙලා තාමත් නිදි...

හුගක් රෑ වෙනකම්ම දෙන්නා පාඩම් කරපු නිසා යුන්ගිගෙ කාමරේමයි නිදාගත්තෙ... ඒ වුනත් ජීමින් නිදාගන්න යනකොටත් යුන්ගි ඇහැරිලා මොන මොනවදෝ කර කර ඉන්නවා ජීමින් දැක්කා...

ඒ කනට ගහගෙන හිටපු ඇබ දෙක නිසා යුන්ගිට ජීමින් නිදාගන්න කලින් කතා කරනවවත් ඇහුනෙ නෑ ..... ඒ නිසා ජීමින් යුන්ගිට කරදර නොකරම යුන්ගිගෙ ඇදේ ටේහ්‍යන්ග්ට එහා පැත්තෙන් ගුලි වුනා...

ඒ වුනත් එයා උදේ ඇහැරිලා බලනකොට යුන්ගි කාමරේ නැති බව ජීමින් දැක්කා...

" යුන්ගි කොහෙද ගියේ ?"

ජීමින් ටේහ්‍යන්ග්ගෙන් ඇහුවෙ ටේහ්‍යන්ග් ඇදේ පෙරලි පෙරලි නිදාගන්නවා දැකලා...

"එයා පල්ලෙහා යේජීත් එක්ක ඇති... එයා උදේ කෑම වෙලාවට ගන්නවනෙ... ඒ හින්දා... "

ටේහ්‍යන්ග් නින්දෙන්ම එහෙම කිව්වෙ හෙමීට උනත් ජීමින්ට ඒක හොදට ඇහුනා...

ජීමින් පඩිපෙල බැහැලා පල්ලෙහාට ගියෙ එයාගෙ ඇග වටේ යුන්ගිගෙ කෝට් එකකුත් පොරවගෙන....
උදේ පාන්දර සීතල නිසා හැම තැනම පොඩි මීදුමක් තිබුනා.....

ඒ වුනත් මීදුම ගැනවත් තකන්නෙ නැතුව හැම තැනම ලා කහ පාට ඉර එලියෙන් පාට වෙලා තිබුනෙ උදේ ලස්සන තව තවත් වැඩි කරලා...

"යුන්ගි ?"

යුන්ගි යේජීගෙ සාප්පුව ඉස්සරහ මේසෙක වාඩි වෙලා ඉන්නවා දැකලා ජීමිනුත් ගිහින් යුන්ගිට පැත්තකින් වාඩි උනා....

" ඔයා මේ තරම් කලින් නැගිටිනවද ?"

යුන්ගි අහද්දි ජීමින් හිනා වෙන ගමන් එයාගෙ ඇගේ ඈලි මෑලි ඇරියෙ තාමත් පිම්බිලා තියෙන කම්මුල් අතගාන ගමන්...

"ඇයි වෙනදට ටේහ්‍යන්ග් ඇහැරෙන්නෙ කීයටද ?"

"එයා දවල් දහය විතර වෙනකම්වත් ඇදට වෙලා ඉන්නවා..."

යුන්ගි කියද්දි ජීමින් හිනා වුනේ ඒක එයත් හොදට දන්න නිසයි... සමහරක් දවස් වලට ටේහ්‍යන්ග් එයාගෙ ගෙදරත් නිදාගත්තු නිසා ජීමින් මේ ගැන අත්දැකීමෙන්ම දැනගෙන හිටියා ...

Subtle Sex Toy | YM ✔Where stories live. Discover now