යුන්ගි සුදු පාට කොලේ උඩින් එයාගෙ පෑන් තුඩ සිය දහස් වාරයකට වඩා ගෙනියව්වත් එයාට හරියට සින්දුවකට පද ටිකක් ගලප ගන්න බැරි උනේ එයා පස්සහ ඉන්න කෙනා නිසා කියලා එයාට තේරිලා තිබුනෙ උනත් යුන්ගි ඒ කෙනා දිහා හැරිලා බැලුවෙ නෑ ...
ඒ වුනත් ටික වෙලාවකින් මෙච්චර වෙලා හයියෙන් කෑගගහා ටේහ්‍යන්ග්ට බැන බැන මොන මොනවදෝ පාඩම් කරපු කෙනාගෙ කිසි සද්දයක් නැති නිසා යුන්ගි හැරිලා බැලුවා .....
ටේහ්‍යන්ග් ඇදට හේත්තු වෙලා ඇදෙන් ඔලුව තියාගෙන නිදි කිරන වෙලාවෙ ජීමින් එයාගෙ පොත උඩ ඔලුව තියාගෙන හිටියෙ ඒ උඩින් අතත් තියාගෙන....
ඒ කම්මුල් යුන්ගිට හොදට පෙනුනා... ඒ පිම්බුණු කම්මුල් මේසෙට හේත්තු වෙලා නිසා තව ටිකක් පිම්බිලා... රතු පාට පිම්බුණු තොල් උල් වෙලා තිබුනෙ ඒ මූණෙ හුරතල් පාට තව ටිකක් වැඩි කරලා....
යුන්ගි බැල්කනියෙන් එලිය දකිද්දි දැක්කා ඉර බැහැලා හතර අතේම කලුවර වේගෙන එනවා ..
ටේහ්යන්ග්ගෙ අවසාන තරග විභාග ලග ලගම එන නිසා එයා මේ දවස් ටිකේම ටිකක් පරක්කු වෙනකම් යුන්ගිගෙ ගෙදරට වෙලා පාඩම් කරා... එයාගෙ පන්තියෙම හිටපු ජීමින්ටත් ඒ තරග විභාගෙටම මුහුන දෙන්න තිබුනත් එයා පොඩ්ඩක් ටේහ්‍යන්ග්ට වැඩිය විභාගෙට කලින් ඉදන්ම මහන්සි වෙලා තිබුන නිසා එයා මේ දවස් ටිකේ ටේහ්යන්ග්ගෙ වැඩ වලට වෙලාවක් වෙන් කරගෙන තිබුනා...
යුන්ගි ජීමින්ගෙ මූණ අතින් හෙමීට උස්සලා එයාගෙ අතට පොඩි වෙලා තිබුන පොත අරගෙන පෙරලලා බැලුවා...
"ජීව අණුක විද්‍යාව... "
යුන්ගි පොත පැත්තකින් තියලා ජීමින් දිහා බලාගෙන ඉන්න එක නතර කරලා දෙන්නවම නැගිට්ටවව්වෙ එහෙම නිදාගෙන ඉදලා දෙන්නටම බෙල්ලෙ කැක්කුමක් එන්න කලින්...
"නැගිටින්න... පල්ලෙහාට ගිහින් මොනවහරි කාල එමු..."
යුන්ගි එහෙම කියන ගමන් කාමරෙන් එලියට ගියේ එයාගෙ කලු පාට කෝට් එකත් දාගෙන කොණ්ඩෙ හදන ගමන්...
ඒ වුනත් ජීමින් හිටියෙ තාමත් තද නින්දෙ... ඒ නිසා ටේහ්‍යන්ග් බලෙන්ම ජීමින්වත් නැගිට්ටගෙන පල්ලෙහා යේජීගෙ සාප්පුව ඇතුලට එක්කරගෙන ගියේ එයාව රෑ බඩගින්නෙ තියන්න බැරි නිසා...

ESTÁS LEYENDO
Subtle Sex Toy | YM ✔
Fanfic-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...