යුන්ගි ක්ලබ් එක ඇතුලට ගිහින් හෙව්වෙ එයාට දකින්න ඕනි උනු ඇස් දෙක.....
එයා වෙනදා වාඩි වෙන තැනම වාඩි වෙලා වටපිට බලන අතරෙ දැක්කා ජීමින් එයා ලගට තඩි ටෙකීලා බෝතලයක් අරගෙන එනවා....
ජීමින් ලග තිබුන වීදුරුවක් අරගෙන ඒකට ටෙකීලා දාලා දෙපැත්තට හොල්ලලා තව මොන මොනවදෝ කරලා එයාගෙ සුපුරුදු වැඩ කෑල්ල දාලා වීදුරුවකට වක් කරලා දෙන දිහා යුන්ගි බලාගෙන හිටියා....
යුන්ගි පලවෙනි වීදුරුව මොනවත් නොකියම බිව්වා... ජීමින් ආයෙත් වීදුරුව පුරවද්දි යුන්ගි ආයෙත් ඒක එක කටින්ම බීලා දැම්මා....
තුන් වෙනි පාර හතරවෙනි පාර පස් වෙනි පාර එයා ආයෙ ආයෙත් සද්ද නැතුවම එයාගෙ වීදුරුව හිස් කලා... එයාට ටිකක් වෙරි මත ගතිය දැනුනත් ජීමින් හත් වෙනි වීදුරුව වක් කරද්දි යුන්ගි ජීමින්ගෙ කොලරෙකෙන් එයාව ලගට ඇදලා ගත්තෙ තරහෙන්....
"ඔයා මේකට නෙවෙයි නේද එන්න කිව්වෙ....ඉස්සෙල්ලම ගෙවනවා කිව්ව ණය ගෙවලා ඉන්නවා..."
යුන්ගි නොඉවසිල්ලෙන් කියද්දි එයා දැක්කා ජීමින්ගෙ මූණෙ හිනාවක් ඇදෙනවා....
"මෙන්න බෝතලේම මෙතන... බෝතලේම ඔයාට හිස් කරන්න පුලුවන්... මන් මගෙ ණය ගෙවලා ඉවරයි..."
"හෝව් හෝව්... මොකද වෙන්නෙ... ?"
යුන්ගි ඇහුවෙ ටෙකීලා නහර දිගේ දුවලා එයාගෙ වටේ ලෝකෙ කැරකෙන්න පටන් ගන්න වෙලේ ඇස් දෙක පොඩි කරන ගමන්....
"ඔයා ඇතුලට එද්දි කවුරුත් ඔයාගෙන් ටිකට් ඉල්ලුවද ?"
"නෑ...."
"ඔයා මෙතනට ඇවිත් මේ බ්රෑන්ඩ් නිව් බෝතලයක් හිස් කරද්දි මන් මොනවත් කිව්වද ?"
"නෑ...."
"මේ ක්ලබ් එකේ ටිකට් එකක ගාන කීයද කියලා දන්නවා නේද ?"
"නෑ...."
"එතකොට කොහොමද වෙනදට ඇතුලට ආවෙ...."
"යේජීගෙන් උස්සපු ටිකට් වලට..."
"ඒකෙන් වැඩක් නෑ... ටෙකීලා බෝතලේක වටිනාකම දන්නවද ?"
"නෑ...."
"ඒකනේ... මේ බෝතලේ මිල ඕකෙ ගහලා තියෙනවා... ඔයා හිතනවනම් මන් අගනා ටෙකීලා බෝතලේකින් ඔයාට ණය ගෙව්වෙ නෑ කියලා එහෙනම් ඔයා මුලින්ම බෝතලේ මිල ගෙවලා ඔයාගෙ ණය මගෙන් ඔයාට ඕනි විදිහට පියවගන්න...."

ВИ ЧИТАЄТЕ
Subtle Sex Toy | YM ✔
Фанфіки-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...