යුන්ගි කාමරේ මේසෙ ඔලුව තියාගෙන හිටියෙ කම්මැලිකමේ....
එයාට තාලෙකට පද ටිකක් ගලපගන්න බැරුව හිටියෙ ඇග තිබුනෙ මෙතන උනාට හිත තිබුනෙ බැල්කනියෙ නිසා...
ඒ නිසා යුන්ගි පෑන පැත්තක දාලා බැල්කනියෙ පියානෝව ඉස්සරහින් පුටුවක් තියාගෙන වාඩි උනා... එයා පියානෝව උඩින් ඇගිලි තුඩු ගෙනියව්වෙ රිද්මෙකට නෙවෙයි....
ඒ වුනත් දවල් වරුවෙ වැඩිය සෙනග හිටියෙ නැති පාරෙ තනි රකින්න ඇහුන එකම දේ ඒ රිදමයක් නැති පියානෝවෙ වාදනේ විතරයි....
ජීමින් එයාගෙ කාමරේ ඇදේ හාන්සි වෙලා හිටියෙ නිදාගන්න හිතාගෙන උනත් පියානෝවක වාදනයක් ඇහිලා ඇද එහා පැත්තෙම තිබුන ජනෙල් පඩිය උඩින් අත තියලා ජනෙල් කවුලුවෙන් ඉස්සිලා බැලුව....
පුටුවෙ පස්සට හේත්තු වෙලා එක අතකින් පියානෝවෙ යතුරු ඔබන යුන්ගි වහලෙ දිහා බලාගෙන හිටපු නිසා එයාට හරියට පියානෝවෙ ඔබන්නෙ මොන යතුරද කියලවත් පෙනුනෙ නෑ....
ඒ කලු පාට අලුත්ම වර්ගෙ සද්දන්ත පියානෝව උඩ තිබුනෙ වයින් බෝතලේකුයි වීදුරුවකුයි....
ජීමින් ඒ පැත්තක රෙදි වනලා තියෙන බැල්කනියෙ පියානෝවක් ඉස්සරහ ඉදගෙන ඉන්න යුන්ගි දිහා බලාගෙන හිටියෙ ආසාවෙ....
හුගක් පරක්කු වෙනකම්ම ක්ලබ් එකේ වැඩ කලා උනාටවත් ජීමින්ට නිදාගන්න වුවමනාවක් තිබුනෙ නෑ.... හවස යුනිවර්සිටි ලෙක්චර්සුත් තිබ්බෙ නැති නිසා ජීමින්ට නිදාගන්න වුවමනාවක් කොහොමත් තිබුනෙ නෑ....
අන්තිමේ ජීමින් ඉවසගෙන ඉන්න බැරිම තැන එයාගෙ ගෙදරින් එලියට බැහැලා යුන්ගිගෙ ගෙදරට ගියේ දෙපාරක් නොහිතා....
ඒ වුනත් එයා යුන්ගිගෙ ගෙදර ඉස්සරහට ගිහින් ඇතුලට යන්නෙ නැතුව දොර අල්ලගෙන ඒ දිහා බලාගෙන හිටියෙ මෙහෙම එකපාරටම යුන්ගිගෙ ගෙදරට ගියාට කමක් නැද්ද කියලා කල්පනා කරන ගමන්....
ඒ අතරෙ එයා මොනවත් හිතාගන්නත් ඉස්සෙල්ලා දොර ඇරුණ නිසා ජීමින් බය වෙලා යුන්ගි දිහා බැලුවා....
"මොනවද මෙච්චර වෙලා දොර ලග හිටගෙන කරන්නෙ ?"
යුන්ගි අහද්දි ජීමින් එයා ඇදගෙන හිටපු කෝට් එක අස්සෙ අත් දෙක ඔබාගත්තෙ ලැජ්ජාවෙ....

CZYTASZ
Subtle Sex Toy | YM ✔
Fanfiction-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...