Chapter 2

1K 220 63
                                    

යුන්ගි ක්ලබ් එක ඉස්සරහ පෝලිමේ හිටගෙන කලු පාටට ඇදගෙන හිටපු ආරක්ශකයා ඉස්සරහ හිටගෙන හිටියෙ හදිස්සියෙ ...

"මන් ඇතුලට දැන්වත් යන්නද ?"

"අදත් හොරකම් කරලා නෙවෙයි නේද ටිකට් හොයාගත්තෙ ?"

"නෑ නෑ..."

යුන්ගි එහෙම කියලා ලිස්සලා ක්ලබ් එක ඇතුලට රින්ගගත්තෙ සෙනග තලේ දූවිල්ලක් වගේ අතුරුදහන් වෙලා යන ගමන්...

යුන්ගි දැක්කා ක්ලබ් එකේ හැම තැනම පිස්සුවෙන් වගේ නටන ගෑණු පිරිමි අතරෙ එයාගෙ සුපුරුදු ආසනේ තවමත් ඉතුරු වෙලා තියෙනවා ...

යුන්ගි බාර් එකේ මුල්ලකම තිබුන පුටුවෙන් ගිහින් වාඩි වුනේ ක්ලබ් එක වටේට ඇහැ ගෙනියන ගමන්...

යුන්ගි බාර් එකේ ඇණවුම්කරුවෙක්ට කතා කරන්න කියලා හිතාගෙන හැරිලා බලනකොටම එයා ඉස්සරහ දැකලා පුරුදු ඇස් දෙකක් තියෙනවා දැකලා යුන්ගි ටික වෙලාවකට ගල් වුනා ...

"මොනවද ඕඩර් කරන්නෙ ?"

එයා යුන්ගි ලගට කිට්ටු වෙන ගමන් ඇහුවෙ හිනා වෙලා... ක්ලබ් එකේ තිබුන ඝෝශාව නිසා ඒ කෙනා යුන්ගිගෙ මූණ ලගට ලන් වෙලා හිටියෙ යුන්ගි කියන දේ ඇහෙන්නෙ නැති වෙයි කියලා හිතලා ...

"ඔයා නේද මන් යේජීගෙ සාප්පුවෙදි දැක්කෙ ? ඔයා මෙහෙද වැඩ ?"

"රෑට විතරයි...."

එයා කියද්දි යුන්ගි ඉක්මනට එයාගෙ සක්කු අත ගෑවෙ ඒ ඇස් දිහා බලාගෙනමයි ...

"මොනවද ඔයා හොයන්නෙ ?"

ඒ කෙනා ඇහුවත් යුන්ගි පුටුවෙනුත් නැගිටලා එයාගෙ සාක්කු අත පත ගාලා සල්ලි නෝට්ටු වගයක් අරගෙන ඒ කෙනා ඉස්සරහින් තිබ්බෙ මොනවත් නොකියා ...

එයා යුන්ගි දිහා බැලුවෙ ඇස් දෙක ලොකු කරලා පුදුමෙන්...

"මේ මොකටද ?"

"අද රෑට මාත් එක්ක ..."

යුන්ගි කියද්දි ඒ කෙනා හයියෙන් හිනා වුනේ ඒ පොඩි අත් වලින් මූණත් වහගෙන....

"මන් එහෙම කෙනෙක් නෙවෙයි... මන් මෙහෙ ඇණවුම් භාර ගන්න කෙනෙක් විතරයි ... ඔයාට ඕනිම නම් අර කෙනත් එක්ක අද රෑ එලි වෙනකම් උනත් සෙල්ලම් කරන්න පුලුවන්..."

Subtle Sex Toy | YM ✔Donde viven las historias. Descúbrelo ahora