යුන්ගි තරහෙන් ගේ ඇතුලට ආවෙ දෙපැත්තට කකුල් දෙකත් ගස ගස....
එයා අතේ තිබුන බ්රවුන් පේපර් බෑග් එක පැත්තකට විසි කරලා පියානෝව ලගින් ගිහින් වාඩි උනා....
ජීමින් අතේ තිබුන පුඩිම් භාජනේ අරගෙන හැරෙද්දිම යුන්ගි හොල්මන වගේ කුස්සිය මැදින් වේගෙන් ගියපු නිසා ජීමින්ගෙ අතින් පුඩිම අත ඇරිලා කුස්සියෙ ලෑලි බිම පුඩිමක් උනා....
"යුන්ගි !! "
ජීමින් හයියෙන් කෑගැහුවෙ තරහෙන්.... ඒ වුනත් එයා බිම වැටුනු පුඩිම අතින්ම අයින් කරලා කුණු කූඩෙට දාන ගමන් යුන්ගි දිහා තරහෙන් බැලුවත් එයා දැක්කෙ මැරිලා වගේ පියානෝව උඩ ඔලුව තියාගෙන ඉන්න යුන්ගිව....
ජීමින් කර කර හිටපු වැඩේ නවත්තලා අත් දෙක පිහින ගමන් යුන්ගි ලගට ගිහින් යුන්ගිගෙ කොන්ඩෙ අස්සෙන් අත යවලා එයාගෙ ඔලුව අත ගෑවෙ යුන්ගිගෙ මූණ ලගට පාත් වෙන ගමන්....
"ඇයි මොකද උනේ ?"
"ඒ මනුස්සයා කිව්වා ඒක වැඩක් නෑ කියලා... පරන එක වගේමලු...."
යුන්ගි එහෙම කියද්දි ජීමින්ට හුගක් දුක හිතුනා... යුන්ගි එයාගෙ උපරිම උත්සහ කරලයි සින්දු තැටිය හැදුවෙ....
ඒක ඇත්තටම ලස්සනයි... ඒ සින්දු ඇල්බමය ජීමින් බලාපොරොත්තු උනාටත් වැඩිය හොදයි.... ඒ වුනත් යුන්ගි කන් කෙදිරි ගාන ගමන් පියානෝව උඩ ඔලුව තියාගෙන හිටියෙ අත් දෙකෙන් මූණත් වහගෙන....
ඒ නිසා ජීමින් යුන්ගිගෙ කම්මුලට ජීමින්ගෙ මූණ හේත්තු කරගනිද්දි යුන්ගි හෙමීට හැරිලා බැලුවා....
"මට බෑ මේක තවත් කරන්න... මන් වෙන රස්සාවක් හොයාගන්නවා....මන් කොහොමද ඔයාගෙ රෙන්ට් එක ගෙවන්නවත් උදව් වෙන්නෙ... ?"
යුන්ගි කියද්දි ජීමින් හිනා වෙන ගමන් යුන්ගිගෙ ඔඩෙක්කෙන් වාඩි උනා....
"ඔයා මගෙ රෙන්ට් එක ගෙවන්න ඕනි නැ.... ඔයා වැඩේ අත අරින්නත් එපා.... අපි වෙන විදිහක් බලමු.... ඇල්බම් එක වෙන කෙනෙක්ට විකුණමු... ඒ ඇල්බම් එකට කැමති කවුරුමහරි මේ ලෝකෙ ඇතිනෙ..."
ජීමින් කියද්දි යුන්ගි පුටුවෙ පස්සහට ඔලුව හේත්තු කරගෙන අහස දිහා බලාගෙන හිටියා මිසක් මොනවත් කිව්වෙ නැති නිසා ජීමින් යුන්ගිගෙ කම්මුල් දෙකෙන් අල්ලගෙන එයාගෙ මූණ ජීමින්ගෙ පැත්ත හරවගත්තා...

VOCÊ ESTÁ LENDO
Subtle Sex Toy | YM ✔
Fanfic-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...