Chapter 15

632 177 54
                                    

යුන්ගි එයාගෙ ඇදේ ඉදගෙන කාමරේ දිහා බලාගෙන හිටියෙ කම්මැලිකමේ හුස්මක් පාකරලා යවන ගමන්....

එදා රණ්ඩු වුනායින් පස්සෙ ටේහ්‍යන්ග්ගෙ මූණ යුන්ගි දැක්කෙම නැති තරම්.... ඒ නිසා ඒ පුන්චි බෝඩිම් කාමරේ හුගක් පාලුවට ගිහිල්ලයි තිබුනෙ....

යුන්ගි කාමරෙන් එලියට ඇවිත් පාර දිගේ ගෑටුවෙ ඒ පාලු කාමරේ ඇතුලට වෙල ඉන්න තිබුනු කම්මැලිකම නිසා....

එයා දැක්කා පහලට යද්දි ජුන්ග්කුක් පඩිපෙල පල්ලෙහා හිටගෙන ඉන්නවා.... ඒ වුනත් යුන්ගි එයාව දැක්කෙ නෑ වගේ ඉස්සරහට ගෑටුවෙ කටේ සිගරට් එකකුත් ගහගෙන....

ඒ නිසා ජුන්ග්කුක් කිසි දෙයක් නොකියා යුන්ගි පස්සෙම ඇදුනා... එයාට යුන්ගි එක්ක මොනවත් කතා කරන්න ඕනි උනේ නෑ... ඒ වුනත් ආපහු හැරිලා යන්න ඕනි උනෙත් නෑ....

"ඇයි ඔයා මගෙ පස්සෙ එන්නෙ ?"

"ඔයා මාත් එක්ක තරහද ?"

"මන් තරහ උනා කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ...."

යුන්ගි එහෙම කිව්වෙ ඉස්සරහ බලාගෙන ....

"ටේහ්‍යන්ග් දේගු ගිහිල්ලා...."

ජුන්ග්කුක් කියද්දි යුන්ගිට එක තැන හිට ගැස්සුනා...

ටේහ්‍යන්ග්ගෙයි ජුන්ග්කුක්ගෙයි සම්බන්දෙ හුගක් පරන එකක්... ඒ දෙන්නගෙ ලපටි තරුණ කාලෙ ගෙවුනෙ ඒ ආදරෙත් එක්කමයි... ටේහ්‍යන්ග් ජුන්ග්කුක් ගැන හීන ගොඩක් හිතේ මවාගෙන හිටියා...

ඒ වුනත් එයාම අන්තිමේ හිත හදාගෙන දේගු යන්න ඇත්තෙ යුන්ගිගෙ කට නිසා කියලා තේරුණාම යුන්ගිට හිතට පොඩි දුකක් දැනුනා....

"මන් අපෙ ගෙදරින් යනවා... මට අම්මගෙ දේපල මොනවත් ඕනි නෑ.... මන් දැන් පොඩි ලමයෙක් නෙවෙයි... ඒ නිසා එයාට මාව හැමදාම ගෙදරට කොටු කරගෙන තියාගෙන ඉන්න බෑ.... ලෝයර් කෙනෙක් ලවා නීත්‍යානුකූලව මන් පවුලෙ සාමාජිකත්වෙන් අයින් වෙනවා... කවදහරි දවසක අම්මා මට සමාව දෙයි... සමහර විට නැති වෙයි... ඒ වුනත් මන් ටේහ්‍යන්ග්ට දුන්න පොරොන්දු කඩ කරන්නෙත් නෑ....."

යුන්ගි ජුන්ග්කුක් දිහා බලාගෙන හිටියා...

"ඔයා එතකොට දේගු යනවද ? ඔයා එයාව හොයාගෙන යනවද ?"

Subtle Sex Toy | YM ✔Hikayelerin yaşadığı yer. Şimdi keşfedin