"යුන්ගි... කෙලින් වෙන්න දෙයියනේ...."
ජීමින් යුන්ගිගෙ සපත්තු දෙක ගලවලා එයාව ඇදේ වාඩි කෙරෙව්වත් යුන්ගි එයාගෙ සපත්තුව ගන්න නැවෙනවා දැකලා ජීමින් හයියෙන් කෑගැහුවා...
"ඔයාට සපත්තුව මොකටද ? බදාගෙන නිදාගන්ටද?"
ජීමින් කෑගැහුවෙ යුන්ගිගෙ අතෙන් බලෙන්ම සපත්තුව අත ඇරවලා යුන්ගිව ඇදේ හාන්සි කාරන ගමන්....
යුන්ගිව ඇදේ හාන්සි කරලා ජීමින් එයාගෙ ඇදුම් මරු කරන වෙලාවෙ යුන්ගි දිහාට හැරිලා බැලුවා...
එයා දැක්කා යුන්ගි ඇදේ හරහට වැටිලා අතත් ඇද පල්ලෙ එල්ලගෙන කොහේදෝ බලාගෙන ඉන්නවා....
ඒ අතරෙ එයා ලග තිබුන පුන්චි කබඩ් එක දිගේ අත යවලා එක එක ලාච්චු ඇර ඇර බලනකොට ජීමින් ඒ දිහා බලාගෙන හිටියෙ හිනා වෙවී... ඒ මූණ ඊට කලින් ඒ තරම් හුරතල් කියලා ජීමින් දැකලා තිබුනෙ නෑ... වෙරි මතේ හිටපු නිසා එයාගෙ කම්මුල් රතු වෙලා....
ඒ වුනත් යුන්ගි එකපාරටම ලාච්චුවක තිබිලා දිග රෝස පාට මොකක්දෝ එකක් අතට අරගෙන ඒකෙ බොත්තමක් ඔබද්දි ජීමින් දුවගෙන ආවෙ හදිස්සියෙ....
ඒක හයියෙන් වයිබ්රේට් වෙන සද්දෙ ජීමින්ට ඈතට ඇහුනා... එයා බලෙන්ම යුන්ගිගෙ අතෙන් ඒක අරගෙන ආපහු ලාච්චුවට දැම්මෙ යුන්ගිව ඇදට තල්ලු කරලා...
"ඔයා නිදාගන්නෙ නැතුව වෙන වෙන ඒවා කරන්න ගත්තොත් මන් ඔයාව ගෙදරින් එලියට දානවා හොදද ?"
ජීමින් එහෙම කියලා යුන්ගිට එහා පැත්තෙන් ඇදේ හාන්සි උනත් යුන්ගිට නින්ද යන පාටක් තියෙන බවක් පෙනුනෙ නැ....
ජීමින් හිටියෙ බිත්තිය අයිනෙ .. යුන්ගි හිටපු පැත්තෙ ඇදට ලන් කරලා තමා පුන්චි කබඩ් එක තිබුනෙ... යුන්ගි ආයෙත් නැගිටලා ඒකෙ තියෙන ඒවා අදින්න ගන්න දිහා ජීමින් බලාගෙන හිටියෙ මොනවත් නොකර....
"ඔයා මොකද කරන්නෙ ?"
යුන්ගි ලාච්චු අදිනවා දැකලා ජීමින් ඇහුවත් යුන්ගි ඇස් දෙක පුන්චි කරගෙන තාමත් මොනවදෝ හොයනවා...
"මන් කුතුහලෙන් ඉන්නෙ ..."
යුන්ගි කියද්දි ජීමින්ට හිනා ගියේ යුන්ගිගෙ පූසෙක්ගෙ වගේ මූණ දැකලා...
"මේ ශැම්පුද ?"
යුන්ගි බෝතලයක් අතට අරගෙන ඒකෙ සුවද බලන්න කියලා යනකොටම ජීමින් ඒක එයාගෙන් උදුරලා ගත්තෙ යුන්ගිව ආයෙත් ඇදේ හාන්සි කරන ගමන්...
"නෑ බේබි ලෝශන්... "
"ඇත්තට ?"
"නෑ දෙයියනේ... මගෙන් ගුටි නොකා කටවහගෙන නිදාගන්න අයියෝ...."
ජීමින් ඒ බෝතලෙ ආපහු ලාච්චුව අස්සට දාලා ඇදේ හාන්සි වෙද්දි එයා දැක්කා යුන්ගි ඇදේ හාන්සි කරපු විදිහටම හාන්සි වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා ...
"ඔයාට නිදි මත නැද්ද ?"
ජීමින් යුන්ගි දිහා බලලා ඇහුවත් යුන්ගි හිටියෙ කොහෙදෝ අතරමන් වෙලා වගේ...
"වෙලාව කීයද ?"
ජීමින් යුන්ගිට එහා පැත්තෙ තියෙන කබඩ් එක උඩ තිබුනු ඔරලෝසුව දිහා බලලා යුන්ගි දිහා බැලුවා...
"ඔයාට එහා පැත්තෙනෙ ඔරලෝසුව තියෙන්නෙ..."
ජීමින් කිව්වත් යුන්ගි ජීමින් දිහා බලාගෙන හිටියෙ පුදුමෙන් වගේ...
"ඔරලෝසුවක්... ඔව්නෙ... මන් යීජෙගෙ ඔරලෝසුව හදන්න දුන්නා.. තාම ඒක එයාට ගිහින් දුන්නෙත් නෑ... ඔරලෝසුවක් නේද ? ඒක බිත්තියෙ ගහන එකක්ද ? බිත්තියෙ ගහන්න කොහෙන්ද මිටියක් ?"
යුන්ගි ජීමින් දිහා බලාගෙන කියවද්දි ජීමින් හිනා වෙන ගමන් යුන්ගිව ලගට ඇදලා ගත්තෙ එයාව තද කරලා බදාගන්න ගමන්...
"වෙලාව පාන්දර හයයි... ඔයා නිසා මන් මුලු රෑම ඇහැරලා... දැන් ඉර එලිය වැටෙන්නත් ලගයි... කට වහගෙන නිදාගන්න යුන්ගි..."
ඒ වුනත් ජීමින් යුන්ගිව බදාගත්ත වෙලේ ඉදන් යුන්ගි ජීමින්ගෙ ඇගේ එතිලා නිදාගත්තෙ අවුරුදු පහේ පොඩි ලමයෙක් වගේ...
යුන්ගිට වෙරි මත හිදෙන්න තව සෑහෙන වෙලාවක් යයි කියලා ජීමින්ට තේරුණා... හැබැයි ඊට පස්සෙ එයාට එන ඔලුවෙ කැක්කුම එයාට ජීවිතේට අමතක වෙන එකක් නෑ කියලත් ජීමින්ට තේරුනා ...
____________________
දවසේ පැනය :
: ශැම්පුත් නොවන බේබි ලෝශනුත් නොවන දෙයක් ජීමින් ලග තිබේද ?
: ඒ මොනවාද ?
[ වැරදි උත්තර වලට විතරයි රිප්ලයි කරන්නෙ...]

VOCÊ ESTÁ LENDO
Subtle Sex Toy | YM ✔
Fanfic-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...