යුන්ගි සාප්පුව ඇතුලට ගියේ එයාගෙ කලු පාට ජැකට් එකේ සාක්කු දෙක ඇතුලට අත් දෙකත් ඔබාගෙන... එයා ඇතුලට යද්දිම කෙනෙක් එයාගෙ ඔලුවට හයියෙන් ගහලා එයා කටේ ගහගෙන හිටපු සිගරට් එක පැත්තක කුණුබක්කියට විසි කරපු නිස යුන්ගි ඒ කෙනා දිහා බලලා මොනවත් නොකියා කවුන්ටරේ පුටුව ලගින් වාඩි උනේ කම්මැලිකමේ....
"ඔයා සිගරට් බිව්වට කමක් නෑ... ඒ වුනත් මන් ඉස්සරහ එපා... ඔයා හින්දා මට දවසක හුස්ම ගන්න බැරුව මැරිලා යයි..."
යීජේ එහෙම කියන ගමන් සාප්පුවෙ ඇතුලෙ පුන්චි කාමරේකට රින්ග ගත්තා...
යුන්ගි එතන වාඩි වෙලා කවුනටරේට තට්ටු කර කර ඉන්න වෙලාවෙ එයා දැක්කා සාප්පුව ඇතුලට එන කෙනෙක්...
එයා ඇදලා හිටපු කලු පාට ඇගටම ඇලිච්චි ලෙදර් කලිසමයි අඩි උස කලු සපත්තු දෙකයි නිසා යුන්ගිගෙ ඇස් දෙක එයාටත් නොදැනිම ඒ කකුල් දිහාට ඇදුනා...
එයා සාප්පුව වටේ කැරකිලා පාට පාට කොටු හැඩයේ පැකට් ගොඩක් අරගෙන ඇවිත් යුන්ගි ඉස්සරහින් ගොඩ ගහද්දි යුන්ගිට සුපුරුදු විදිහෙ කපටි හිනාවක් කට කොනින් ඇදුනා....
"ඇයි ? මේ වතාවෙ සෙල්ලම් බඩු ගන්නෙ නැද්ද ?"
යුන්ගි අහද්දි ඒ පිම්බුනු කම්මුල් තිබුන අහින්සකයි වගේ පෙනුන මූණ යුන්ගි දිහා බලලා ඔලුව වැනුවා....
"මාත් එක්ක සෙල්ලම් කරන්න කෙනෙක් දැන් ඉන්නවා.... ඒ හින්දා සෙල්ලම් බඩු එපා...."
එයා යුන්ගි දිහා බලලා කියන ගමන් හිනා වුනේ යුන්ගිගෙ තොල් දිහා බලන ගමන්....
යුන්ගි එයාගෙ මූණ ලගට ලන් වෙන්න හිතාගෙන කවුන්ටරේ ඉස්සරහට පාත් උනත් එතකොටම සාප්පුව ඇතුලට කවුරුහරි එනවා දැකලා යුන්ගි ඉස්සිලා බැලුවෙ තරහෙන්....
වයසක මනුස්සයෙක් බීර බෝතල් දෙකක් අරගෙන ඒ දෙකට සල්ලි ගෙවලා සාප්පුවෙන් එලියට යද්දි යුන්ගිගෙ අතට කවුරුහරි තට්ටු කරනවා දැනිලා යුන්ගි හැරිලා බැලුවා....
"ඔය ටික ඉක්මනට දෙන්න... මට පරක්කු වෙනවා...."
ජීමින් එහෙම කියන ගමන් යුන්ගි දිහා බලාගෙන හිටපු නිසා යුන්ගි ඒ ටික ඉක්මනට ඔතලා බෑග් එකකට දාලා දුන්නා....

ВИ ЧИТАЄТЕ
Subtle Sex Toy | YM ✔
Фанфіки-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...