Chapter 16

653 178 41
                                    

යුන්ගි එයාගෙ කාමරේ ඇදට වෙලා වාඩි වෙලා හිටියෙ කම්මැලිකමේ..... ඒ කාමරේ සොහොනකටත් වැඩිය පාලුවට ගිහිල්ලා....ටේහ්‍යන්ග් නැති අඩුව යුන්ගිට හරියටම තේරෙන්න ගත්තෙ දැනුයි...

යුන්ගි එයාගෙ ගිටාරෙයි තව මොනවදෝ බඩු ගොඩකුයි අතට අරගෙන ගෙදරින් එලියට බැහැලා සිල්ලර මැශින් එකෙන් බියර් කෑන් එකකුත් අරගෙන කෙලින්ම ගියේ ජීමින්ගෙ ගෙදරට....

"ජීමින් ?"

යුන්ගි කතා කරත් ජීමින්ගෙ කිසි සද්දයක් නැති නිසා යුන්ගි තව ටිකක් හයියෙන් කෑගැහුවා....

"පොඩ්ඩක් ඉන්න දෙයියනේ... !!! මන් එනකම්..."

ජීමින් කෑගහනවත් යුන්ගිට ඇහුනා... ඒ වුනත් එයා ඒ බඩු ගොඩ අතේ පුරවගෙන එතන හිටගෙන හිටියෙ හරි අමාරුවෙන්...

එයාගෙ අතින් ගිටාරෙකයි අනිත් බඩු ටිකයි වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ජීමින් දොර ඇරපු නිසා යුන්ගි දුවගෙන ඇතුලට ගිහින් බඩු ටික ඇතුලෙන් තියද්දි ජීමින් ඇස් දෙක ලොකු කරලා යුන්ගි දිහා බැලුවා...

"මේ මොකද මේ ?"

"මට තනියම අරෙහෙ ඉන්න බෑ...."

යුන්ගි එහෙම කියන ගමන් ජීමින්ගෙ ඇද උඩ වාඩි වෙලා එයාගෙ බියර් කෑන් එක හිස් කරන වෙලේ ජීමින් ප්‍රශ්නාර්ත බැල්මෙන් යුන්ගි දිහා බලන ගමන් එයා ගෙනපු බෑග් ඇද ඇද බැලුවා...

යුන්ගි යට ඇදුමේ ඉදන් දත් බුරුසුවට යනකම් හැමදේම අමතක නොකර බඩු ටික පැක් කරගෙන ඇවිත්....

"ඔයා මෙහෙ නවතින්නද යන්නෙ ?"

"ඔව්..."

යුන්ගි ජනේලෙන් එලිය බලාගෙන කියද්දි ජීමින් කමිසෙ අස්සෙන් අත දාලා බඩ අත දාන ගමන් යුන්ගි දිහා බැලුවෙ පුදුම සහගත මූණෙන් හිනා වෙවී...

"ඇත්තටමද කියන්නෙ ?"

"මෙහෙ බැල්කනියක් නැද්ද ?"

"තියෙනවා... හැබැයි කුස්සියෙ "

ජීමින් කිව්ව නිසා යුන්ගි ඇදෙන් බැහැලා ජීමින්ගෙ කුස්සිය පැත්තට ගියපු නිසා ජීමිනුත් යුන්ගි පස්සෙම ගියා....

ජීමින්ගෙ කුස්සියෙ දොර ඇරුනෙ බැල්කනියට ... ජනෙල් ගොඩක් තිබුන ඒ කුස්සිය හුගක් ලස්සනට පෙනුනා...

Subtle Sex Toy | YM ✔Tempat cerita menjadi hidup. Temukan sekarang