Chapter 17

675 181 60
                                    

ජීමින් ඇදට වෙලා පොතක් කියවන ගමන් යුන්ගි දිහා ඔලුව උස්සලා බැලුවා...

තාමත් යුන්ගි එයාගෙ ගෙදරමයි.... එයා හුගක් මහන්සි වෙලා රෑ දවල් නොබලා වැඩ කලා.... පැත්තක මේසයක් ලග වැඩ කරපු නිසා දැන් එතන එයාගෙ පුන්චි ස්ටුඩියො එක වගේ...

එතන කොල කෑලි පිරිලා... ගිටාරෙකත් ලග තියාගෙන සින්දුවකට තාලයක් එයා දවසින් දවස මැව්වා....

ජීමින්ට දැන් දැන් ඒ හැමදාම ඇහෙන තාලෙයි පද පේලි ටිකයි නිසා ඒ සින්දුවෙ තැනින් තැන ලාවට මතකයි... ඒ නිසා එයා මහන්සි හිතෙන වෙලාවට ඒ සින්දුව උච්ච ස්වරයෙන්ම කිව්වෙ අහල පහල ගෙවල් වලටත් ඇහෙන්න තරම් හයියෙන්.....

යුන්ගි තාමත් හරියට වර්ස් කීයක් සින්දුවකට දානවද කියලවත් හිතලා තිබුනෙ නෑ....එයාගෙ හිතේ ඒ සින්දු තැටිය ගැන ලොකු බලාපොරොත්තු තිබුනු නිසා එයාට ඕනි උනා හොදම සින්දු  තැටිය නිර්මාණය කරන්න....

ඒ නිසාම එයාට හැමදේම පැටලිලයි තිබුනෙ.... යුන්ගි එකම සින්දුවෙ තැන් දෙක තුනක් ආයෙ ආයෙ රිපීට් කර කර ඔලුවෙ අතගහගෙන ඉන්නවා දැකලා ජීමින් යුන්ගිගෙ එහා පැත්තෙන් වාඩි උනා....

"ඇයි මොකක්ද ?"

ජීමින් අහද්දි යුන්ගි ඔලුව උස්සලා බැලුවා....

"මට තේරෙන්නෙ නෑ.... මේක අවුල් වගේද ?"

යුන්ගි එහෙම අහලා සින්දුවක් ප්ලේ කරන්න ගද්දි ජීමින් ඒක අහගෙන හිටියෙ ආසාවෙ....

ඒ වුනත් සමහරක් තැන් වලදි පසුබිමින් ඇහුනු සිනිදු කටහඩක් ඇහිලා ජීමින්ගෙ ඇස් දෙක ටිකක් ලොකු උනා....

ඒ වුනත් එයා යුන්ගිට විශේෂත්වයක් පෙන්නන්න ගියෙ නෑ....

එයා හුගක් වෙලාවට බාත් රූම් එකේදියි කුස්සියේදියි කියපු සින්දු කෑලි යුන්ගි එකතු කරලා.... වටින් පිටින් ඇහෙන අනිත් සද්ද බද්ද ඇහෙන්නෙ නැති වෙන්න ජීමින්ගෙ කටහඩ එඩිට් කරලා යුන්ගි ඒක පසුබිමින් සින්දුවටම එකතු කරලා.....

ජීමින් මීට කලින් සින්දුවෙ රිද්මෙ අහලා තිබුනට යුන්ගි සින්දුව  කියනවා අහලා තිබුනෙ නෑ .... මැදින් රැප් එකකුත් තිබුන ඒ සින්දුවෙ යුන්ගිත් එක්ක පසුබිමින් ජීමිනුත් සින්දුව කියනවා ජීමින්ට ඇහුන....

Subtle Sex Toy | YM ✔Where stories live. Discover now