යුන්ගි එයාගෙ කාමරේ බැල්කනියට වෙලා බලාගෙන හිටියෙ ජීමින් කැම්පස් එකට ගිහින් එනකම්...
එයා දැක්කා ඈත ඉදන්ම හයියෙන් කෑගගහා හිනා වෙවී එන ජීමින්ව... ඒ වුනත් එයත් එක්කම ඇගේ එල්ලිලා ටේහ්යන්ග් එනවා දැක්කම යුන්ගිගෙ මූණෙන් හිනාව අතුරුදහන් උනා...
ටේහ්යන්ග් පල්ලෙහා යේජීගෙ සාප්පුව ඉස්සරහ හිටගෙන යුන්ගිට අත වනද්දි එයා දැක්කා ජීමිනුත් එයා දිහා බලාගෙන ඉන්නවා... ඒ වුනත් යුන්ගි ඒ දෙන්නා දිහා බලාගෙන ඉදලා ඇතුලට යන්න ගියේ මොනවත් නොකියා...
"එයා එහෙම තමා..."
ටේහ්යන්ග් ගනන් නොගෙන එහෙම කියන ගමන් යේජීගෙ සාප්පුව ඇතුලට රින්ගුවෙ ජීමින්ට ඇහෙන්න ඕනිවට එපාවට කියන ගමන්....
ජීමින් හිනා වෙන ගමන් යේජීගෙ සාප්පුව ඉස්සරහ ඉදගෙන හිටියෙ කොයි වෙලේ හරි යුන්ගි පල්ලෙහාට එයි කියලා දැනගෙන...
හිතුව වගේම ටිකක් කලුවර වැටීගෙන එනකොට යුන්ගි එයාගෙ කලු කෝට් එක අස්සෙ අත් දෙක ඔබාගෙන පහලට එනවා ජීමින් දැක්කා... ඒ වුනත් ජීමින් යුන්ගිව නොදැක්කා වගේ හිටියෙ ටේහ්යන්ග් කියන දේ අහගෙන....
එයා දැක්කා යුන්ගි මොනවත් නොකියා යේජීගෙ සාප්පුව අස්සට රින්ගනවා...
"එයාට මාත් එක්ක කතා කරන්නත් ඕනි... ඒ වුනාට පණ්ඩිතකම නිසා වටේ කැරකි කැරකි ඉන්නවා..."
ජීමින් එයාටම කියාගත්තෙ යුන්ගි දිහා බලන ගමන්...
ටික වෙලාවකින් යුන්ගි එයාගෙ සුපුරුදු හරක් මස් සුප් එකත් එක්ක පැත්තක මේසෙකින් වාඩි උන නිසා ජීමින් හැරිලා බැලුවා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. යුන්ගි හැරිලා ජීමින් දිහා බැලුවෙ නෑ... අඩුම තරමෙ ජීමින්ට හිනා වුනේවත් නෑ...

YOU ARE READING
Subtle Sex Toy | YM ✔
Fanfiction-ජීමින්, වෙරි මතේ හතර අතේ කැරකෙන යුන්ගිව එක්කරගෙන පඩිපෙල නගින වෙලේ එයා දැක්කා ගෙදරක දොරක ගැටගහලා ඉන්න බල්ලෙක්ට යුන්ගි කතා කරනවා. ඒ නිසා ජීමින් යුන්ගිව බදාගෙනම හැරිලා බැලුවා. "ඔයාව පෙර පාසල් ඇරිලා එක්කරගෙන යන්න මන් දහය හමාරට එනවා හාද ? එතකම් පරිස්සමි...