01 🎨

1.8K 157 33
                                    

"සමහර ඇස්  තිබුනා

ඒ ඇස්..

මේ සෘතුවේ හමු නොවීම තිබුනා නම් හොඳයි...

ඒත් හමුවීමක් ලියැවිලා තියනවා නම්..

ළං වීමක් නවත්තන්න පුලුවන් වෙයිද...

හමු වුනු තැන වෙන් වීමක් තියන බව ...

අමතක කරගෙනම

උණුහුම හොයන් ශීත සෘතුවේ පැටලෙන අත්...

ග්‍රීස්මයත් එක්කම ...

හිම ⁣දිය වෙන්න ගනිද්දි ආයමත් අතෑරුනත්....

ඒ මතක වසන්තය තෙක්ම දළු දාවි ...

ඉතින් සෘතුව නොබලම බැදෙන්න..

හැම සෘතුවකම ළග නැතුවත් ඔයාව ජීවත්

කරවන ඇස් එක්ක..."

******************************************

Zhan's POV

මම සිත්තරෙක්... කැන්වස් මත ජීවිත කතා දිග අරින ඩාවින් පරපුරේ තවත් එක පුරුකක්...

මේ වසරේ අවසාන සෘතුවට හෙමින් හෙමින් දින ලං වෙනවා...

ශීත සෘතුව... ඈතින් පේන මේපල් ගස් වල කොල දැනටමත් මහ පොලොවට වැටෙන්න පටන් අරගෙන...

සකුරා ගස් කීපයකම පොහොට්ටු දැනටමත් එකින් එක පිපෙන්න අරන්...

ඉතින් මේ ආයමත් තවත් එක ශීත සෘතුවක් ... කෝපි කෝප්පයක් තොල ගාන ගමන් ඔපෙරාවකට සවන් දීගෙන ආයමත් මට කැන්වසයක ජීවිත කතාවක් දිගාරින්න ලැබෙන මාස කීපයක්...

මේ පාර ශීත සෘතුව වෙනදටත් වඩා දරුණු එකක් වේවි කියන්න දැන් දැන්ම මේ දැනෙන හිරිකඩ සීතල අනාවැකි කිවුවා..

ඒත් නොගිහින් කොහොමද...සිත්තරෙක්ට බෑ එක තැන ගිමන් හරින්න...කැන්වසයෙ අදින සිතුවම් ලස්සන වෙන්නෙම සිත්තරෙක් ලෝකෙ දකින තරමට...

ඉතින් කවමදාවත් මම නොගියපු අලුත් දේශයක ශීත සෘතුවේදි මගේ ගමන නැවතේවි...

ශීත සෘතුවටත් වඩා සීතල හදවත් තියන අරාබි දේශය...මේ වතාවෙ මගේ ශීත සෘතුවේ නවාතැන වේවි...

________________________________________________

🕊️Short story එකක්..

🕊️Falsehood ලිවුවට පස්සෙ ආයෙ zhanyi කතා ලියන්නෙ නෑ කිවුවම අඤේ ... කියපු මගේ රීඩරියොන්ට මේක

🕊️ඔයාලා ආසයි වගේ දැනුනොත් ඉතිරියත් දෙන්නම්  මම මොකද ලියලා ඉවරයි මේක..😪

          
🕊 කැත නම් කියන්න..මම බලන් ඉන්නෝ..

                                 o_O

🕊️මම යනෝ...

Sohu 💜️

 

❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)Where stories live. Discover now