වමනෙට ආපු නිසාම තෙහෙට්ටු උනු එයාට මම හදපු සුප් එක ආයමත් රත් කරලා උනුවෙන්ම පෙව්වත් එයා උගුරු පහක්වත් නොබීම ඒ බීපුවා ආයම මගේ ඇගේම වමනෙ කරලා දැම්මා ... හිස් බඩින් ඉදලම කන්න අමාරුයි එයාට...උන නැතත් එයා තෙහෙට්ටුවෙන්...
"ගගා අනේ මට සමාවෙන්න ගගා මට බැරි උනා නවත්තගන්න...අනේ සමාවෙන්න ගගා...මම ඕවා සෝදලා දෙන්නම් අනේ තරහා ගන්න එපා මා එක්ක..."
එයාගේ ඇගේ අමාරුවටත් වඩා එයා හිතුවෙම මගේ ඇග පුරාම තැවරුනු එයාගේ වමනෙ ගැන වෙද්දි මට දැනුනෙ වෙිදනාවක්...මොකද ඒ හැම වචනෙකින්ම කියවුනේ එයා මිනිස්සුන්ට බයයි කියන එක වගේම මිනිස්සු එයාට කොච්චර රිද්දලා තියනවද කියන එක...
"ඔච්චර සමාව ගන්න වැරැද්දක් නෙමේ ඔයා කරේ පැටියො...මට අදින්න ඇදුම් වගේම හෝදගන්න ඕනිතරම් වතුරත් තියනවා...ඒ නැතත් ගගා ඔයා එක්ක හීනෙකින්වත් තරහා වෙන්නෙ නෑ...මොකද ඔයාව මට ගොඩක් වටිනවා..."
ඒ වචන වලට තෙහෙට්ටුවෙන් උන්නත් ඒ ඇස් දිලිසුනා...දන්නෙ නෑ එයා කවුද කියන්නවත් හරියට ...ඒත් මෙච්චර කල් එයා ගෙවපු ජීවිතේ මම ගෙවලා තිබුනා නම් සමහර විට මම මැරිලා ඉදීවි..ඇත්තටම මට සැකයි ඒ පුංචි හිතට තියන හයිය මට තියද කියලා...
එයා මගේ ඇගේ වමනෙ කරපු එක...ඒක එක ත්ත්තපරේකවත් අප්පිර්යාවක් පිලිකුලක් ඇති කරේ නෑ මට...මට තිබුනෙම වේදනාව විතරයි.එයාට රිිදෙන තරම ගැන...අපි කෙනෙක්ට ආදරේ නමි එයාගේ කිසිම දෙයක් අපිට පිලිකුලක් වෙන්නෙ නෑ වගේම වෙන්න බෑ....මොකද ඒ අපේ ආදරේ නිසා...මේ ලෝකෙම එයා වගේ අය එක්කෙනයි ඉන්නෙ....ඉතින් කාට නැතත් මේ ලෝකෙ ඉන්න විශේෂම කෙනා එයයි මට මගේ ජීවිතේ...
ඇදුම් මාරු කරගෙන ආයමත් එයාගේ ඇස් තදින් පියවගෙන එයා නිදි...හෙමින් එයාව මගේ පපුවට තුරුල් කරගෙන එයාව වහගෙන හිටපු බ්ලැන්කට් එක ඇතුලටම මම රිංගද්දි එයත් තව තව ඇවිත් මගේ පපුවෙ හැංගුනේ මගේ උනුහුමටමද කොහෙද ....
උදේ මගේ හිතට සැනසීමක් දීගෙන එයාගේ උන නැත්තටම නැති වෙලා ගිහින් තිබුනා වගේම එයාට අපහසුවක් නැතිවම මම හදලා දීපු සුප් එක බොන්න පුලුවන් උනා...එයාගේ නලලෙ පවා කලින් දවසෙ තුවාලෙ නිසා තිබුනු ඉදිමුම බැහැලා ගිහින්තියෙද්දි කම්මුල් වල පවා ආයමත් නැවුම් පාටක් වැටිලා තිබුනා...
මගේම ඇදුමක් ඇදගෙන උන්න එයා ගැන මම ලෝභ කමකින් බලන් ඉද්දි එයා හිනා වෙන ගමන් ස්පොන්ජ්බොබ් කාටූන් එක බල බල උන්නා...
අනේ ඒ හිනාව...හැමදාම රකින්න ඕනි මට....
"ට්රිං ..ට්රිං..."
භාවනාවක ගිලිලා වගේ මගේ ඉදරියේ හිටපු ජීවමාන සිතුවම දිහා බලන් හිටිය මගේ අවදානය බිදලා දැම්මෙ නවාතැනේ බෙල් එක වෙද්දි දොර පැත්තට යන්න කලින් ආයම වතාවක් මම බැලුවෙ එයා දිහා ....
කලින් තිබුනු හිනාව සම්පූර්නයෙන්ම අතුරුදන් උනු මූනක් එයාට තිබුනෙ...ඒත් ඒ ඇයි කියන්න මට හිතාගන්න බැරි උනා....
දොර බෙල් එක ආයමත් නාද වෙද්දි එයාව සනසන්න මම උදෙන්ම order කරපු කැමීලියා මල් පොකුර බලාපොරොත්තුවෙන් මම දොර දිහාට ඇවිදන් ගියා...
"ගගා මම ආසයි කැමීලියා මල් වලට...අමාරුම ශීත සෘතුවේදිවත් ඒ මල් තමන්ගෙ ආදරණීයයන් වෙනුවෙන් පිපෙන එක නැවැත්තුවෙ නෑනෙ.."
ඉතින් එයා ආසම මල් පොකුර කැමීලියා නම් මට පුලුවනි කැමීලියා මලක් වෙන්න.. එයා වෙනුවෙන් ඕනි සෘතුවක පිපෙන්න ...අමාරුකම් දරාගෙනම ...මොකද එයා මගේ රතු රෝස මල නිසා...ශීත සෘතුවකදි කවදාවත් දකින්න නොලැබෙන රතු රෝස මලක් එයා ......අමාරුකම් දරාගෙනම උනත් මම වෙනුවෙන්ම පිපුනු...
ඉතින් සෘතුව නොබලාම බැදුනම මොකද අපි දෙන්නටම පුලුවන් නම් අමාරුකම් දරාගෙනම එකිනෙකා වෙනුවෙන් පිපෙන්න...
_______________________________________________🌲 ඔෆ් කෝශ් ඊලග එක බාල්දියක් ළමයි 😪
🌲 ඊයෙ නොදුන්නට අද දෙනෝ මම ඉවරයක් කරලම දානෝ හූම් ❤😁💚
o_O
Sohu 💜️
YOU ARE READING
❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)
Fanfictionමේක හැම කුසුමක්ම විකසිත වුනු වස්සානයෙි එක් වුන ආදර කතාවක් නෙමෙයි...🍂🥀 හැම ගහකම කොල හැලිලා ගිහින් ...මුලු පරිසරයම හිමෙන් වැහුනු ශීත සෘතුවක ඇරඹුනු ආදර කතාවක්...❄️☔ ඉතින් ඔව් මේ ආදරේට වස්සනායක් කොයින්ද...ශීත සෘතුවක මුනගැහිලා වෙද්දි...💔 බලන් ඉමු..ශී...