12 🎨

393 115 16
                                    

🌎......අත් හැරෙන අත් වලිනි ලෝකෙ
       
                          ප්‍රේමයේ සෘතුව ලියන්නෙ.......🌎

සද නේන රෑ පුරා
මැවු හීන මාලිගා
හැබහින් වාගේ තාම පේනවා

නෙතු කෙවෙනි අග තියා
දුක හංගත් සිනා
යලි නේන කාරනාව දන්නවා

මතක වේදනාවන් සගවලා මියෙන්නම් නුඹ හා ගෙවු අතීතයෙන් මිදී.......

සුසුම් පා කරන්නම් නුබට මා දැනේනම්ලෝකයේදි මුණගැහෙයි අපි ......

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ බොහෝ තියේ

මුණගැහුන මගහැරුනු ස්නේහෙ
හැමදාම මතකේ තියෙන්නෙ
අත් හැරෙන අත්වලිනි ලෝකෙ
ප්‍රේමයේ සෘතුව ලියන්නෙ
නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්

හමුවී සෑමදා හිතේ මුමුනා කීව ආදරේ නෑසුන වාර ජීවිතේ බොහෝ තියේ.....

සුදු කඩදහි සුවදෙන් අතීතයට ගියපු මම මගේ නවාතැනේම සෝෆාවෙ දීර්ඝ නින්දකට වැටුනා වගේම ආයමත් ඇහැරුනේ මගේ door bell එකේ සද්දෙට...ඇස් අරිද්දියි තේරුනේ පැය ගානක්ම මම අසිහියෙන් ඉදලා කියන එක...මොකද මගේ නවාතැන පුරාම පැතිරිලා තිබුනේ තද කළුවරක් විතරමයි...

ඈනුමකුත් අරින ගමන් පොඩි උනු ඇදුම් අතින් හදාගෙන රෑ කෑම එක ඇවිත් කියලා හිතාගෙනම ඇවිස්සුනු කොන්ඩෙකින් මම ගිහින් door එක ඇරියත් මගේ ඇස් ඉස්සරහා හිටියේ හීනෙකින්වත් මේ වෙලාවෙ මට දකින්න ලැබෙයි කියලා හිතපු කෙනෙක් නෙමෙයි...මේක හීනයක්නම් කීයටවත් මට ඇහැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා වෙන විදිහෙ රෑපයක්....

❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)Where stories live. Discover now