02 🎨

819 157 31
                                    

සීතල හදවත් එක්ක ගෙවෙන ශීත සෘතුවක්...

මගේ ගතට වගේම හිතටත් මේ ශිශිර සෘතුව වෙනස් එකක්...

ඒ නිසාම උණුහුමක් ලබාගන්න හිතන් මගේ බෑගයත් දෑතට අරගෙන මම අවන් හලකට පිවිසුනා...

"කෝපි කෝප්පයක්..."

විනිවිද පෙනෙන පොලො⁣ව මට්ටමේ සිටම උසට පැතිරුනු වීදුරු බිත්තියක් අසලින් තිබුනු ආසනයක වාඩි වෙන ගමන් මම කෝපි කෝප්පයක් ඉල්ලුවේ මගේ දිහා බලන් හිටපු බඩ මහත වේටර් කාරයගෙන්...

" අදත් මේ කොල්ලා මේක විනාස කරලා ... පඩිය නැතුව සතියක් වැඩ කරනවා... "

"ඒත් මහත්තයා..."

" එහෙම බැ කිව්වොත් වෙන දේ තමුන් දන්නවනෙ..."

⁣අවන්හල ඇතුලෙන් ගෝරනාඩුවක් ඇහුනා...පොඩි කොල්ලෙක්ගෙ දුක්කිත කටහඩකුයි..මාන්නක්කාරයෙක්ගෙ දැඩි කටහඩකුයි.. .... මේක ආරාබිය...මානව හිමිකම් වලට ඉඩ අඩුම භූමිය ඉතින් මේ ගෝරනාඩුව ඒ තරම් පුදුම වෙන්න දෙයක් නෙමෙයි...

කෝපි⁣ කෝප්පය තොල ගාපු මම ආයමත් මගේ නවාතැනට පිටත් උනා...එළිය ගොඩක් සීතලයි වගේම විටින් විටින් ඝන රැලි ඇති කරපු හුලඟ නිසාම මේ සුළි කුනාටුවක ආරම්භය බව මම දැනන් හිටියා...

"මහත්තයා...ඔයාට මේක අමතක වෙලා තිබුනා..."

අවනහලෙන් පිටතට ඇවිත් අඩි දහයක දුරක් යන්න නොදීම මට කවුදෝ කතා කරද්දි ඒ කටහඩේ පුරුදු ගතියක් දැනුනත් මම අනික් පැත්ත හැරිලා බලද්දි ඒ කටහඬකාගෙද කියන එක මට මතක් වුනා ඉබේටම වගේ...

අවන්හලේ බැනුම් අහපු කොල්ලා එයා කියන්න එයාගේ රතු ඇස් වගේම තැලුම් පාරවල් හිටපු බෝල කම්මුල් සාක්ෂි දැරුවා...

තැලුම් පාරවල් තිබුන අතකින්ම එයා මට දික් කරපු දේ දිහාවට මම මගේ ඇස් අරන් ගියා...

දෙයියනේ මගේ පින්සල් පෙට්ටිය...මම ප්‍රංශයෙනුයි මෙික ගෙන්නගත්තෙ..ලොකු මුදලකට..

කොහොමද මට මේක අමතක වුනේ...මගේ මුළු ජීවිතේමනෙ මේ...

"ගොඩක් ස්තූතියි..."

එයාට ස්තූති කරපු මම ඊලගට කල්පනා කරේ මට කරපු උදව්වට එයාට දෙන්න පුලුවන් මොනවද කියලා...මොකද ඒ අසරණ මූනට මගේ ස්තූතියෙන් වැඩක් නෑ කියන එක මට තේරිලා තිබුනෙ...

"බෙහෙත් දාන්න එක්ක යන්නද...ඔයා මට උදව් කරපු නිසා ...."

මම ඇහුවත් එයා ඔළුව දෙපැත්තට වැනුවෙ හිනා වෙන ගමන්...

"එපා මහත්තයා ..අද බෙහෙත් දැම්මත් හෙට ආයම පෑරෙනවා මේ තුවාල..."

දෙයියනේ හිනා වෙන ගමන් මේ කොලුවා මේ කියන්නෙ එයා හැමදාම මේ විදිහට ගුටි කනවා කියලද...

"මහත්තයා සිත්තරෙක්ද..."

"හ්ම්ම් ඔව්..."

" මම වෙනුවෙන් දෙයක් කරන්න ඕනෙද ඇත්තටම..."

"ම්ම් ....ඇත්තටම කරන්න ඕනි..මොකද ඔයා මට කරපු උදව්ව ගොඩක් වටින දෙයක්..."

"එහෙනම් මාව අදින්න පුලුවන්ද..."

" ඔයාව ..."

ඒ ළමයා මගෙන් ඉල්ලපු ඉල්ලීම මම බලාපොරොත්තු නොවුනු එකක් නිසයි මම එහෙම ඇහුවෙ..

"හ්ම් බැරි නම් එපා...කැන්වසය කැත වේවි ම⁣ගේ තැලුම් පාරවල් වලට..."

මගේ මූනෙ පුදුමය නිසා  ඇති උන හදිසි වෙනස එයා වැරදියට තේරුම් අරන් වගේ...

එයා කියන්නත් කලින්ම මේ ශීත සෘතුවේ මගේ කැන්වසය එයාගේ රෑපෙ වෙනුවෙන් මම වෙන් කරලා ඉවරයි කියලා මම කොහොමද කියන්නෙ..

"නෑ ... තැලුම් පාරවල් තිබුනත් ඔයාගේ දිලිසෙන ඇස් වලට පුලුවනි ම⁣ගේ කැන්වසය ලස්සන කරන්න..."

"එ කියන්නෙ මාව අදිනවද..."

"ඔව් අනිවාර්යයෙන්ම...මේ ශීත සෘතවේ මගේ සිතුවම ඔයා වේවි...ම⁣ගේ කැන්වසය මග බලන් ඉන්නවා ඔයා වෙනුවෙන්..."

________________________________________________

🕊️ කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි  💚❤️

          

                                   o_O

                           බායි..

🕊️ sohu 💜️

❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)Where stories live. Discover now