අවසානෙදි තවත් දින නවකට පස්සෙ එයාවත් මාවත් නොහිතුව විදිහට මුන ගස්සවපු ඇතැනස් නුවර එයා තවත් නෑ කියලා දන්න නිසාම කඳුළු පිරුනු ඇස් දෙකයි..වෙිදනා දෙන පපුවයි අයිති කරගෙන මමත් ඇතැන්ස් නුවරට සමු දුන්නා...
මෙහෙට එද්දි තිබුන දේවල්වත් යද්දි ආයම මට නැති වෙලා නේද කියලා හිතෙද්දි කාටත් හොරෙන් flight එකේම මුල්ලක මම කඳූළු වැක්කෙරුවා..
සිතුවම...ඇයි පැටියා ඔයා ඒක ගෙනිච්චෙ...ඔයත් නැතුව කොයිතරම් වේදනාවක් දිය කරාද ඔය සිතුවම වෙනුවෙන් මම...ඔයා දන්නවා පැටියා කොච්චර ගගා ඔයාට ආදරේ උනාද කියන්න...ඉතින් ඇයි මාව මේ විදිහට රිද්දුවෙ...මට රිදෙද්දි උඹට නොරිදෙන්න තරම් ...ආදරේ කරේ මම විතරමද ඇත්තටම...එතකොට ඔය ඇස් වලින් මම දැකපු ඒ හැගීම ඒක ආදරයක් නෙමේද...දගකාරකමක් විතරද...
එයා නැතුව එයා එක්ක උත්තර නැති ප්රශ්න කෝටියක් අස්සෙන් මම ආයමත් මගේ එක් මවි බිමකට පය තිව්වා ...ශීත සෘතු ගනනාවකිනුයි මේ චීනෙට ආවෙ මම...
මගේ පපා දකුණු කොරියානු කෙනෙක්..ඒත් මමා චීනෙ කෙනෙක්..මම ඉපදුනේ චීනෙ උනත් හැදුනෙ වැඩුනෙම දකුණු කොරියාවේ...ඉතින් රටවල් දෙකේම පුරවැසිභාවයත් මට තියනවා...
එයා එක්ක එන්න හිතපු ගමන ...තනියම හිස් කමකින් පිරුණු zhan කෙනෙක්ව ගෙනත් දීලා තිබුනෙ චීනෙට...සිත්තරා පවා මැරිලා ගිහින් තිබුනා එයාගේ නික්ම යාමත් එක්කම...
එයා එක්ක මේ භූමියේ තැන් තැන් වල අරම ඉන්නවා ..මෙහෙම ඉන්නවා...කියලා හීන දැකපු මට වෙනදට දකිද්දි සිතුවම් කරන්න හිතෙන ගහකොළ පවා ගෙනාවේ වේදනාවක් විතරයි...
නිල් අහස පවා එයාගේ පැත්ත විතරක්ම අරගෙන මට වේදනා දෙනවා කියලයි මට හිතුනෙ...නැත්තම් අහසට පුලුවන්නෙ මාව එයා ගාවට එක්ක යන්න..වළාකුලක් සිතියම් කරගෙක හරි...නිල් අහසට මොනාද නොපෙනෙන්නෙ...මාව විතරක් නෙමේ එයාවත් පේනවා ඇති...වේදනාවෙන් මම මිරිකෙද්දි එයා එයාගේ හස්බන්ඩ් කියන හාදයා එක්ක ....
එතනින් එහාට තවත් දේවල් හිතන්න තරම් හයියක් තිබුනෙ නෑ මට...
හස්බන්ඩ් කියලයි එයා කිවුවෙ...ඉතින් ගගා කියන මගේ අයිතියටත් වඩා හස්බන්ඩ් කියන වචනෙන්ම ඒ මිනිහට එයා වෙනුවෙන් තියන අයිතිය වැඩි නැද්ද...
YOU ARE READING
❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)
Fanfictionමේක හැම කුසුමක්ම විකසිත වුනු වස්සානයෙි එක් වුන ආදර කතාවක් නෙමෙයි...🍂🥀 හැම ගහකම කොල හැලිලා ගිහින් ...මුලු පරිසරයම හිමෙන් වැහුනු ශීත සෘතුවක ඇරඹුනු ආදර කතාවක්...❄️☔ ඉතින් ඔව් මේ ආදරේට වස්සනායක් කොයින්ද...ශීත සෘතුවක මුනගැහිලා වෙද්දි...💔 බලන් ඉමු..ශී...