21 🎨

404 102 53
                                    

"මං ආද⁣රෙයි ගගා ...."

මාස ගානකට පස්සෙ එයාගෙන් අන්තිමට ඒ වචන තුන ඇහුනා මගේ කන ගාවින්ම...ඒත් හදවත බයයි දැන් ඔය වචන විශ්වාස කරන්න...කරන්න දෙයක් නෑ පැටියා ඔයාමයි මේ දේවල් මේ තත්ත්වෙට ගෙනාවෙ...ගගාට ඕනි උනේ නෑ මෙහෙම වෙන්න...

" වචන වලට තවත් මාව රවට්ටන්න බෑ yibo..බහින්න..."

හැඟීමක් නැති ගානට කියපු මම එයාව අල්ලන් ඉදපු අත් ලිහිල් කරලා පහළට දැම්මා...එයාටත් වෙනස තේරෙන්න ඇති...අනේ ගගා මට සමාවෙන්න වගේ බැල්මක් ඒ ඇස් වල තිබුනත් එයා ඒක වචන වලින් කිවුවෙ නෑ වගේම එයාට දෙන්න සමාවකුත් මම ළග නෑ...ආදරේ කරේ මමනෙ..ඔයා ඒකට මොනා කරන්නද..ආදරේ කරේ තමන්  නම් වේදනාව දරා ගන්නත් පුලුවන් වෙන්න ඕනි තමන්ටම...වෛර නොකරම...
.
.
.

ලූකස්ගෙ අවසන් කටයුතු ඉවර වෙනකම්වත් තවත් එතන ඉන්න බැරි නිසාම මම එහෙන් ආවා වගේම එයත් ඒ එකක්ම මගේ පස්සෙන් ආවා..ඒකට මට කිසිම බල කිරීමක් කරන්න ඕනි උනේ නෑ..MJ කිවුවෙත් චූටි පුතාගෙ සතුට වෙනුවෙන් එයාව අතාරින්න එයාට පුලුවන් කියලා..මන්දා ඒත් එයාගේ සතුටක් මගේ ළග ඇති කියලා මං හිතන් නෑ තවදුරටත්..ඒත් එයාගේ සතුට හොයාගන්න හරි මම උදව් කරනවා...

"චූට් පුතා කිවුවා හරි zhan...ඔයාට තරම් හොඳට කාටවත් එයාව බලාගන්න බෑ වගේම ආදරේ දෙන්නත් බෑ...එයා ඉපදුනේම ඔයා වෙනුවෙන්මයි..."

MJ එයා කිවුවා කියලා එහෙම දෙයක් කිවුවත් ඕක ඒ මනුස්සයා ගොතපු මනස්ගාතයක් වෙන්න ඇති කියලත් මට හිතුනා....ඒ මොනා උනත් මාත් හිතුවා කාලයක් එයා ඉපදුනේම මම වෙනුවෙන් විතරයි කියලා..ඒත් දැන් බලන් යද්දි මමයි එයා වෙනුවෙන් ඉපදිලා තියෙන්නෙ ....එයා වෙන අය වෙනුවෙන් ඉපදෙද්දි...

MJ ව මරලා සාහසිකයෙක් වෙන්න ඕනි උනේ නෑ මට...මොකද මට කේන්තියටත් වඩා මහන්සියි තවත් ප්‍රශ්න අස්සෙ හිර වෙන්න බෑ වගේම පව්කාරයෙක් වෙන්නත් බෑ ආදරයක් නිසා...එයා වෙනුවෙන් මිනිස්සු සීයක් උනත් මරයි මම තාමත්....ඒත් මම වෙනුවෙන් ඒක කරන්න හයියක් නෑ ම⁣ට....ඔව් මම තාමත් මට ආදරේ කරනවට වඩා එයාට ආදරෙයි  ...ඒකයි එයත් එන්න කැමති උනු එකේ එයාවත් අරන් මම ආයම මගේ ගෙදරටම ආවේ..ඔව් චීනෙට...එයාගෙත් උපන් බිම...

❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)Where stories live. Discover now