17 🎨 ⁽ᵇᵒⁿᵘˢ⁾

405 107 36
                                    

ජීවිතේ කියන්නෙ කොහොමටවත් සාධාරණ දේවල් වෙන තැනක් නෙමේ ...ඒත් මම අහන්නෙ ජීවිතේ මේ තරමටම අසාධාරණ වෙන්න පුලුවන්ද...

මම දැන් ඉන්නෙ කො⁣හොම තැනක කොයි වගේ හැගීමක් එක්ක කියලද හිතන්නෙ...

ඔව් මම ආවා MJ ට උනු පොරොන්දුව ඉටු කරන්න..ඒත් දන්නවද මම පො⁣රොන්දු ඉටු කරන්න ඇවිත් තිබුනෙ ඒ වචනෙ හරිම තේරුමවත් නොදන්න මිනිස්සු ගොඩක් ගාවට...

මේ ඉන්න හරියට මට පේන්නෙ දේවල් කීපයයි..නෑ මෙතන දකින්න සිය දහස් ගානක් දේවල් තිබ්බත් මේ වෙලාවෙ මට වෙන කිසිම දෙයක් පේන්නෙ නෑ..පේනවා තියා මනසට ගිහින් හදවත තුවාල කරන මේ දර්ශන ටික ඇරුනම මට මෙතන තියන කිසිම සද්දයක්වත් අඩුම තරමෙ ඇහෙන්නෙ නෑ...මට අහන්න ඕනි කමකුත් නෑ...මට ඕනි මේ පේන දේ බොරුවක් කියලා හිතන්න...ඒත් බෑ...ඇස් පනා පිට හැමදේම පැහැදිලිව තියෙද්දි ඒක බොරුවක කරන්න මම ගොතපු තර්ක මටම හිනාවෙනවා වගේ දැනුනෙ මට...

ඒ එයා ..මගේ පැටියා නෑ තවදුරටත් එහෙම කියන්න අයිතියක් කොහෙන්ද මට...අනික ඒ වචනෙ ඉස්සර කියද්දි ම⁣ට එයා ගැන දැනුනු හැගීමෙන් අංශු මාත්‍රයක හැගීමක්වත් මේ වෙලාවෙ දැනෙන්නෙ නෑ...දැනෙන්නෙ හිස් කමක් විතරයි....ඉතින් එයා yibo වෙයි සමහර විට මට අද ඉදන්.....එයා වෙනුවෙන් තිබුන ආදරේ මාව මැරුවත් මම කවදාවත් ඒ ආදරේ මරලා දැම්මෙ නෑ...ඒත් අද මගේ ඇස් ඉස්සරහා ඉන්න එයාම එයා වෙනුවෙන් මගේ හිතේ තිබුන ආදරේ මරලා දැම්මා මම හිතන්නෙ..

එයාගේ අතේ තාමත් අර ring එක තියනවා..දන්නවද ඒ couple ring එකේ අනික් භාගේ ගිහින් වැටිලා තිබුනෙ කාගේ මුදුගිල්ලටද කියලා...ඒ මම හීනෙකින්වත් නොහිතපු නොපතපු අතකට...ඒ අතේ අයිතිකාරයා වෙන කවුරුත්ම නෙමෙයි...ලූකස්..ඔව් MJ ගෙ පුතා...එයා මාව අතෑරලා තියෙන්නෙ ඌ ගාවින් ඉන්නද...

මෙච්චර වෙලාවක් මම හිතුවා ලූකස් කොච්චර අවාසනාවන්තද කියලා..ඒත් දැන් මට තේරෙනවා මෙතන අවාසනාවන්තයා මම කියලා...

මම නිකමට හිතුවා MJ එයාව බලෙන් තියන් ඉන්නවා ඇති කියලා..ඒත් නෑ ...අර මැරිලා පෙට්ටියක වැටිලා ඉන්නෙ ලූකස්ගෙ හසේ එයා එයාගේ තොල් තිව්වා...ඒ අස්සෙන් එයාගේ ඇස් වල කඳුළුත් පිරුනා...ඔව් මගේ විතරක් කියලා මෙච්චර දවසක් හිතන් හිටපු ඒ රෝස පාට තොල් ඉදුල් වෙලා වෙන මිනිහෙක් අතින් ඒ කියන්නෙ...

❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)Where stories live. Discover now