20 🎨 ⁽ᵇᵒⁿᵘˢ⁾

403 106 43
                                    


මම කියපුවට මීක් සද්දයක් නැතුව එයත් ඇදෙන් බැහැලා මං ගාවටම ආවා...පව් බෙල්ල හොදටම රතු වෙලා ...කවදාවත් රිද්දපු නැති තැන් හිතුවෙවත් නැති විදිහට එයාගේ වැඩ නිසා මං අතින් රිදවෙනවා...පස්සෙ මට ආයම රිදෙනවා...

ඇත්තටම ආදරේ කියන එක මේ ලෝකෙ මැවෙන්න ඇත්තෙම වේදනාව කියන දේ එක්කම වෙන්න ඇති...වේදනාවක් ලැබෙනවා කියලා දැන දැනත් මිනිස්සු ආදරේ කරන්නෙ ඇයි ඇත්තට...දන්නෙ නෑ මමවත්...සමහර විට ආදරේ කියන්නෙ ඒකට වෙන්න ඇති...රිදෙන බව දැන දැනම ලං වෙන එක...

"රිදෙන්නෙ නෑ..."

මම එයාගේ බෙල්ල දිහා ගොඩක් වෙලා බලන් හිටපු නිසා වෙන්න ඇති...එයාම මට ඕනි උත්තරේ දුන්නා...

බෙල්ලත් ඇල කරගෙන ... ඇස් පුළුවන් තරම් පුංචි කරන්...ඇත්තමයි මගේ වගේ පොල් දත් දෙකක් කටේ තිබුනා නම් අර අහිංසක හා පැටියෙක් වගේමයි මේ වෙලාවට...ඒත් එහෙම නැති නිසා හුරතල් බව් කුක්කො මතක් වෙනවා එයා මෙහෙම ඉද්දි...ඔය බැල්මට මාව සේදිලා ගියා ඉස්සර...දැනුත් වෙනසක් නෑ...මම ඒක නොපෙන්නා ඉන්නවා විතරයි...

"ගගා කෙහේද යන්නෙ ආහ්..."

" එක එකාගේ කාමර අස්සෙ රිංගන් එක එකාගේ මිනිස්සු එක්ක ඉන්න මට ඕනි කමක් නෑ..."

තවත් එයා ගාව හිටියොත් මටම මාව අමතක වෙයි කියලා බය හිතුන නිසාම මම එයාගේ කාමරෙන් එළියට එන්න ආවා වගේම ඒ එක්කම එයත් මම පස්සෙන් ඇදීගෙන ආවා...

එයාගේ රෑම් එකෙන් එද්දිම දකුණු පැත්තට හම්බෙන්නෙ ටිකක් අදුරු කොරිඩෝවක්..යන්නෙ කොයි පැත්තටදවත් නොහිතා මම එලියට ආවා...

ඒ උනත් එයා⁣ට ඒ කියපු වචන ටික මගේ කන් ඇතුලෙම දෝංකාර දෙන්න ගත්තා...

ඇත්තම කියනවා නම් මට මේ වෙලාවෙ අනික් හැමදේම නැතුව එයාගෙන් අහන්න හිතුනෙ එකම එක ප්‍රශ්නයක් විකරයි...ඒත් ඒක මහ...මන්දා ...මට අහන්න ඕනි උනා තමුසෙ ඌ එක්ක කී පාරක් නිදාගත්තද වගේ එකක්...ඒක දැනගන්න මට අයිතියක් නැද්ද...මගේ මගේ කියලා කොච්චර ආදරේ කරාද..පරිස්සම් කරාද...ඌ මගේ පැටියට රිද්දුවද දන් නෑ ඒ වගේ වෙලාවට...ඔව් ඌ රිද්දන්න ඇති...පැටිය⁣ට රිදෙන්නෙ නැති වෙන්න එයාව මගේ කරගන්න තේරෙන්නෙ මට විතරනෙ....ඔව් මට විතරයි...එයාට තාමත් මාව එතනදි හරි දැනෙනවා ඇති අනික් කොයිම තැනකදි නැතත්...මගේ ආදරේ ඕනිවටත් වඩා පිටාර ගලන් යන වෙලාවනෙ ඒක...ඔවි ඌ පැරදෙනවා ඇති එතනදි හරි මට... මම සම්පූර්ණයෙන්ම පැරදිලා නැතුව ඇති...අනේ මට මේවා අහලා දැනගන්න ඇත්නම්...ඒත් බෑ...මම මෙහෙම උත්තර ගොතා ගන්න එක හොදයි...එයා දෙන උත්තර වලට මට රිදුනොත්...

❄️𝔽𝕝𝕠𝕨𝕖𝕣 𝕠𝕗 𝕨𝕚𝕟𝕥𝕖𝕣❄️(zhanyi /completed 💚❤️)Where stories live. Discover now