Mr.අතිපණ්ඩිත 01

7K 203 12
                                    

#Mr_අතිපණ්ඩිත             
              ♥️01 කොටස♥️

"මේ ඕයි තමුසෙව නලවන්න වෙලාවක් නෑ නගිනව ඉක්මනට"

ඔන්න එතකොටනම් ඇඟේ මාළු ගඟේ නටනවා. අම්මප මුගෙ පුදුම පණ්ඩිතකමක්. පණ්ඩිතකමක් නෙමේ ඒක අති පණ්ඩිතකමක්. ඒ අතිපණ්ඩිතයා අපේ පුංචි මට ප්‍රපෝස් කරපු කොල්ලා. තව මාසෙකින් වෙඩින් එක. 

බුම්මගෙනම මමත් කාර් එකට නැග්ගේ. නිකමට වගේ ඇස් පොරගෙ පැත්තට හැරවෙද්දි එතනම නැංගුරම් දැම්මා. අතිපණ්ඩිත ඩයල් එකක් උනාට මු හෙන හැන්ඩියා. පුංචිගෙ බෙස්ටිගෙ පුතා. ඕසී ඉඳල අවුරුදු හතරකින් ලංකාවට ඇවිත් තියෙන්නෙ.

ඒ ඇහිබැමි තියෙන්නෙම රැළි වෙච්ච ගමන්. කම්මුල් වල ගාණට ට්‍රිම් කරල තිබ්බ රැවුලෙන් ඇවිත් තිබ්බෙ අමුතුම ලුක් එකක්. පොයින්ටඩ් නහය, නපුරු පාට ඇස්, කෙල්ලෙක්ගෙ වගේ රතට හුරු ලිප්ස් එක්ක ඒ මස්පිඩු පිම්බිලා තියන ඇඟත් එක්ක පොර වැඩියෙනුත් හැන්ඩ්සම්.

"මූණ දිහා බලන් හිටිය ඇතිනම් බහිනවා"

සිකේ ලැජ්ජාව බකට් එකෙන් එකයි. මුගෙ ලයින් වලට නොදෙවෙනි වෙන්න මාත් ලයින් දීගෙන හිටියට සුපුරුදු ගොන් කම විටින් විටේ උඩට ඇවිත් මගෙ චරිතෙ පිටින් චොර කරල දානවා.

"තෝරගන්න මගුලක් පැය බාගෙකින් තෝරගන්නවා"

කාර් එකෙන් බැස්සම මෙන්න මූ එහෙම කියලා. කියන්න දාහක් දේවල් ආවත් බොහොම අමාරුවෙන් මගෙ බ්‍රේක් නැති වචන වලට සුපර්ග්ලූ දාලා වගේ හිරකරන් හිටියේ අම්මගෙ පුංචිගෙ දැඩි තර්ජන නිසා. #අශූ_නිහද්නා ඒ මගෙ නම. එතකොට මේ අතිපණ්ඩිතය #කෙනාර්_ඕෂ්ධ.

එයා තාම මේ අශූගෙ හැටි දන්නෙ නෑ. මෙච්චර ඉවසන් ඉන්නෙ මේ වෙඩිම නැවතුණොත් මට #විනෝල්ව මැරි කරන්න වෙන නිසා. විනෝල් කියන්නෙ දුරින් නෑ වෙන අයිය කෙනෙක්. මොකක්දෝ මන්දා හේතුවකට මට ඒ මනුස්සයව පෙන්නන්න බෑ. ඌ නැතිව සෝමාලියන් වඳුරෙක් හරි කමක් නෑ කියන මතේ ඉන්නෙ මන්.

ජ්වෙලර් ශොප් එකකට ආවෙ වෙඩින් රින්ග්ස් හදන්න දෙන්න. හිතාමතාම මම ගොඩාක් වෙලා ගත්තෙ ඒ වගේ පුංචි දේවල් වලින් හරි මේ පණ්ඩිතයට ඇටෑක් කරන්න ඕනෙ නිසා.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now