11

2.2K 134 0
                                    

#Mr_අතිපණ්ඩිත
__________♥️ 11 කොටස♥️__________

හෙමින් දැනෙන
සුසුම් කියන
මගේ සිහින
කවියයි නුඹ ...
මගෙන් ගත්ත
කඳුලක රස
ඔය දෙතොලය
කියයි රහස...
හිත ඉල්ලන
ඔය උනුහුම
ඇස් පියාන
විඳින්න මට...
අාඩමිඹර
පිරිමි රුවට
ලෝල වුනේ
මමමද ඒ....
(By Krishanthi Kumari)

දන්නෙ නෑ මොනව උනාද කියලා. ඒත් කෙනාර්ගෙ ඒ උණුහුම් දෙතොල් මගෙ කම්මුල් වල ස්පර්ෂ වන තප්පරේට මට දැනුණෙ මහ අමුතු හැඟීමක්. ඒ හැඟීමට ඒ මොහොතෙ ආදරේ කරා මං. කෙනාර්ට කොච්චර අකමැති උනත්, එයාගෙන් ඈත්වෙන්න ඒ තප්පරේ වෙනකන්ම උත්සහ කරත් කෙනාර්ගෙ ඒ උණුහුම් හාදුව ඉස්සරහ මගෙ හැඟීම් හීලෑ වෙලා ගියා ඉබේම.ඒත් ඒක ආදරයක් නම් නෙමේ කියල විශ්වාසයි.

මොහොතකට ගල්ගැහිල හිටියෙ මම. කෙනාර්ගෙ ඒ උණුහුම් හාදුව තැවරුණේ කම්මුලේම නෙමෙයි. ගිහින් නැවතුණා කිතියකුත් එක්ක හදවතේ කොහෙදෝ මුල්ලක.

තප්පර දෙක තුනක් නිසොල්මනේ ඉන්න ඇති මම. ඊළඟ මොහොතේ කෙනාර්ගෙ දඩබ්බර හාදුව හමුවේ මගෙ  සිතුවිලි විරුද්ධ උනේ නැත්තෙ ඇයි කියල චෝදනා කරන්න ගත්තා මගෙ යටි හිත.

ඇස් ඇරුණෙ තප්පරේට. ඇස් ඇරුණු ගමන් ඇස් වලට මුණගැහුණෙ කෙනාර්ගෙ ඇස් දෙක. තේරුම් ගන්න බැරි හැඟීම් ගණනාවක් ඒ ඇස් ඇතුළෙ හැංගිලා වගේ දැනුණෙ.

තවත් මොහොතකින් කෙනාර්ගෙ දෙතොල් ආයෙම ඒ කොපුලෙම තැවරෙනකන් මම හිටියෙ වෙන ලෝකෙක පාවෙවී වගේ.

ආයෙම අනවසර හාදුවකින් පස්සෙ කෙනාර්ගෙ ඇස් නැවතුණේ මගෙ ඇස් ගාව. මොහොතක් ඒ බැල්මෙ ඇලවිලා හිටපු මගෙ ඇස් වලින් මිදුණ කෙනාර්ගෙ ඇස් නැවතුණ තැන තේරුණාම හිත ගැස්සුණා මගෙ.

කෙනාර්ගෙ ඇඟිලිතුඩු මගෙ නිකටින් මිදිල ගෙළ පිටුපස නතරවෙද්දි දැනුණෙ මුළු ඇඟම ආයෙම අප්‍රාණික වෙනව වගේ හැගීමක්.

මගෙ ගෙළ පසුපසින් අතැගිළි වලින් තද කරන් කෙනාර් මගෙ මූණ එයාගෙ මූණ දිහාවට ළං කරගත්තා මම ගැස්සුණ ඇස් ලොකු කරන් එයාගේ අඩවන් ඇස් දිහාම බලන් ඉද්දි.

හුස්ම වැදෙන තරමටම ළං කරගත්තා කෙනාර් මගෙ මූණ එයාගෙ මූණ ගාවටම. හදවත ගැහුණෙ කවදාවත් නැති තරමෙ වේගෙකින් වගේ.

Mr.අතිපණ්ඩිත Kde žijí příběhy. Začni objevovat