30-I

1.9K 120 1
                                    

#Mr_අතිපණ්ඩිත
        30 කොටස 1- (අවසානයට පෙර)

රෙස්ටුරන්ට් එකට කිට්ටුවෙන් වෙන්න තිබ්බ එළිමහන් මේසයක් ගාව වාඩි වෙලා හිටියෙ වෙන කවුරුත් නෙමෙයි කෙනාර්. එයා කොයිවෙලේද එතනට ආවෙ කියල මට හිතුණෙ. මොහොතකට පැටලුණා මගෙ ඇස් කෙනාර්ගෙ ඇස් එක්ක. ඒ ඇස් වල තිබ්බ බැල්මට මාව පිච්චිල ගියා වගේ. කෙනාර්ම වෙඩින් එක නතරකරපු නිසා මට වෙලාවකට හිතුණා අප්පච්චි බලෙන් හරි මාව වෙන කෙනෙක්ට බන්දල දෙන එක හොඳයි කියල. කෙනාර් මගෙ ජීවිතෙත් එක්ක කරපු සෙල්ලම නිසා මගෙ හිතේ කෙනාර් ගැන තිබ්බෙ කියාගන්න බැරි තරමේ අසීමාන්තික කේන්තියක්.

ඒ කේන්තියමයි මාව අද උදේ කෙනාර් ගාවට අරන් ගියෙත්. වෙඩින් කාඩ් එක කෙනාර්ගෙ මූණටම දමල ගහල ආවෙත් කෙනාර්ව ආපස්සට රිද්දන්න දැඩි උවමණාවක් හිතට දැනෙද්දි. මීට තප්පර ගණනාවකට කලින් වෙනකන්ම මම හිත යටින් දකින්න කැමති උනේ මම වෙන කෙනෙක්ට ළං වෙනව කියල කෙනාර්ට පෙන්නන්න. එයා කීව වගේ මං ගැන එයාගෙ හිතේ හැඟීමක් නැතත් මට ඕනෙ උනේ වෙන කෙනෙක් එක්ක එකට ඉන්නව පෙන්නල අංශුවකින් හරි කෙනාර්ට රිද්දන්න.

ඒත් රෙයාන් එක්ක යන්න යද්දි කෙනාර්ගෙ ඇස් වල මගෙ ඇස් පැටලුණ තප්පරේම මගෙ හිතේ තිබ්බ ඒ හැඟීම හේදිල ගියා වගෙ එකක් උනේ. මොකද ඒ ඇස් අස්සෙ අමුතුම වේදනාවක් දැක්ක මම. පරාජිත හැඟීමක් එක්ක වේදනාවක්, තරහවක් ලියවිලා තිබ්බ. කෙනාර්ව එහෙම දකිද්දි හිතට දැනෙයි කියල හිතපු කුරිරු සතුට අහලකවත් නෑ හිතේ. කෙනාර්ගෙ ඇස් මගඇරියා මං. මේසෙ උඩ තිබ්බ කෙනාර්ගෙ අත මිටමෙළවුණ විදිය හොඳට අහුවුණා මගෙ ඇස් වලට. මම බිම බලාගෙනම ඉස්සරහට ඇවිදන් ගියා රෙයාන් මගෙ පසුපසින් එද්දි.

එදා ගෙදර ආපු තප්පරේ ඉඳන් හිත පුදුම තරම් බරයි. රෙයාන් කොච්චර හොඳ කෙනෙක් වග දැනුණත් ඒ බැඳීම මතක් කරනකොටත් හිතට දැනුණෙ හිස් ගතියක්. කෙනාර් මට ප්‍රපෝසල් එක ගෙනාපු මුල් දවස් වලත් මේ විදියටම මට හැමදේම එපා වෙලා හිටියත් මට කෙනාර්ව දැනුණා යන්තම්. ඒ ආඩම්බරකම, පණ්ඩිත වැඩ හිතට කේන්තියක් හරි ගෙනාවා. ඒත් රෙයාන් ගොඩක් කෙයාරින් චරිතයක් උනත් එයා ගැන හිතද්දි දැනෙන්නෙ හිස් බවක් විතරයි. ගෙදර ඇවිත් නාල කරල ඉවරවෙලා පැය තුනක් විතර ගෙවිල ගියා ඔහේ නිකන්ම.

Mr.අතිපණ්ඩිත Donde viven las historias. Descúbrelo ahora