15

2K 134 1
                                    

#Mr_අතිපණ්ඩිත    
        ▪️_____♥️ 15 කොටස ♥️_____▪️

♥️________________

( #පොඩි_කොටසක්_අද )

අශූගෙන් ❤️ කෙනාර්ට...

දැනෙන නොදැනෙන
හැඟුම් අකීකරු
රහසින් ම මම සඟවමි..
සිත ම ඉල්ලන
ප්‍රිය නුඹේ දසුනම
දෙනෙත් මත මම සඟවමි..
නිතර නෑසෙන
ගැඹුරු හඬ පවා
සවන් අතරේ රඳවමි..
නෙතඟින් ඉතිං
රැවුම් ගෙරවුම්
අඩුවක් නම් කිසිදා නැතී...
(---By වීර්----)

මොකක්? එතකොට කෙනාර්ද පොඩි බබාව දාලා අහල තියෙන්නෙ මං කෑවද කියල.

කෙනාර්නම් මහ අත්භූත කෙනෙක් අප්පා. හිතාගන්න බෑ කොයි වෙලේ කොහොම හැසිරෙයිද කියල. ඒත් එක දෙයක්නම් දැනුණ මට. මොන දේ කොහොම උනත් එයාට පුළුවන් මාව බලාගන්න කියලා.

මං වගේ සැහැල්ලුවෙන්ම ජීවත් වෙන කෙනෙක්ට, සමාජෙ ඉස්සරහ තැලිල පොඩිවෙල නැති කෙනෙක්ට ඕනෙ එහෙම පිරිමියෙක් කියල මොහොතකට හිතුණ මට. ඒ කොලිටි එක කෙනාර් ගාව තියනවා.

ඒත් ඒ දේ තිබ්බ කියලා මට එයා ගැන තියන අපැහැදීම නැති වෙන්නෙ නෑ. එයාගෙ හැසිරිම් එක්ක එන කේන්තිය පිළිකුළ නැතිවෙන්නෙ නෑ. හිත දෙතැනක මැද නතරවෙලා මගෙ. මන්ද.

තේරෙන්නෙ නෑ එයා එක්ක කොහොම ඉන්නද කියලා. හැම තප්පරේම හිත රිදෙන විදියට කතා කරන කෙනෙක් එක්ක ජීවිතකාලයක් ගෙවන එක? ඒක හිතද්දිත් මගෙ ඇඟ හිරිවැටෙනව වගේ.

ලොකුම ලොකු කල්පනාවක හිටපු මම ගැස්සිලා බැලුවෙ මූණ ළඟින්ම ඇහුණ මහපටැඟිල්ල මැදැඟිල්ල එකට කරල කෙනාර් දාපු සද්දෙට.

"මොකද.. මං දිහා බලන් තමුසෙ භාවනා කරනවද?"

සිතිවිලි ගොන්නක් අස්සෙ හිරවෙලා හිත එහෙට මෙහෙට වැනෙද්දි මම කල්පනාවෙ ඉඳල තියෙන්නෙ කෙනාර් දිහාම බලාගෙන. ලැජ්ජ හිතුණ මට. කෙනාර් මගෙ ළඟට එනකන්ම සිහියකින් නෙමෙයි ඉඳල තියෙන්නෙ.

කල්පනාවෙන් මිදුණ මට තවත් ලැජ්ජ හිතුණෙ කෙනාර් යන්තමින් කට කොණකින් හිනාවෙලා ඒක අහපු විදියට. ඒත් 'තමුසෙ!'. ඒ අහපු දේවල් වලට වඩා ඒ වචනෙ ගිහින් නැවතුණා හිතේ. වේදනාවක් එක්කම.

Mr.අතිපණ්ඩිත Hikayelerin yaşadığı yer. Şimdi keşfedin