23

1.9K 132 1
                                    

#Mr_අතිපණ්ඩිත
         🖤 23 කොටස 🖤

මොහොතකට හීනයක් අස්සෙ හිරවෙලා වගේ හිටිය මම. ඊළඟ මොහොතෙ හිත ගැස්සුණේ මාව පියවි සිහියට ආවම. කලබලෙන්ම මම ඇස් අරගෙන ගියේ ඉස්සරහ ඉන්න නිරාන් ගාවටයි අනීෂා ගාවටයි. ඒ දෙන්නට වගක් නෑ වගේ. ඒත් දැනුණෙ ලැජ්ජාවක්. මේ කෙනාර් කරන වැඩනම් අනේ මන්දා. මම කෙනාර් දිහා බැලුවෙ තරවටු බැල්මක්. මොකක්දෝ මන්ද හේතුවකට රවන්න හිතුණෙත් නෑ වෙනද වගේ. මගෙ තරවටු බැල්මත් එක්ක කෙනාර්ගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇඳුණෙ. වශී උනාද මන්ද මම ඒ හිනාවට. මෙච්චර ලස්සනට එයාට හිනාවෙන්න පුළුවන්ද අප්ප. කොයිවෙලෙත් පණ්ඩිත මූණ හදන් බුම්මන් රවන් ඉද්දි කවුද හිතුවෙ මෙහෙමත් හිනාවෙන්න පුළුවන් කියල.

ඒ ඇස් වල දීප්තියක් පෙනුණ මට. ඒ බැල්ම අස්සෙ ගිලිල කිමිදිලා යන්නම ඕනෙ උනත් ලැජ්ජයි මට එයා දිහා බලන් ඉන්න. නුවර ගමනත් එක්ක මං කෙනාර්ට ළං උනා ටිකක්. ඒත් තවමත් හිත දෙගිඩියාවෙන්. මම හුස්මක් හෙළල තාවකාලිකව ඈතට ගිය සිතුවිලි වලින් මිදිල මගෙ උරහිස වටා තිබ්බ කෙනාර්ගෙ අත මුදවන්න හැදුවෙ. ඒත් කෙනාර්ගෙන් ඉඩක්නම් නෑ ඒකට. මම සද්ද නැතුව හිටියෙ එයා ගාවින් මෑත් වෙන්න ආපු ඒ අදහස අත්හැරල දාල. මොකද කෙනාර්ගෙ හිතුවක්කාරකම ගැන හොඳට දන්නව මම. ඈත් වෙන්න දෙන්නෙ නෑ මට. ඒ නැතත්  එයා ගාවට වෙලා එහෙම ඉන්න බොළඳ විදියට ආශා කරා වගේ නිකන් මගෙ හිතත්.

කල්පනා ලෝකෙක අතරමං වෙලා මම එහෙමම ඇස් දෙක පියාගෙන සීට් එකට හිස හේත්තු කරගත්තෙ කලින් වගේම හරි ලස්සන හිත නිවෙන සිංදුවක් ඇහෙනකොට.

නොදැනීම ඇස් පියවෙලා ගිහින් මගෙ. කොයිවෙලේ නින්ද ගියාද දන්නෙ නෑ. ඒත් කම්මුලට දැනුණ උණුහුමත්, උරහිසට දැනුණ බරත් එක්ක මම හෙමීට ඇස් ඇරියෙ. ඇස් ඇරියට හෙල්ලෙන්නවත් බෑ වගේ. කෙනාර් හිටියෙ තාමත් මගෙ උරහිස වටා එයාගෙ අතක් දාගෙන. ඒ මදිවට මාව එයාගෙ පපුවට තද කරගෙන වගේ.

_____________〰️♥️〰️______________

මම හෙමීට ඇස් ඇරලා ඇහිපිය ගහන ගමන් කෙනාර්ගෙ බාහුවට මැදිවෙලාම කම්මැලි හුස්මක් හෙළුවා. කෙනාර්ගෙ සිරුරෙ උණුහුම ඕනෙවටත් වඩා දැනෙනවද මන්ද මට. මම එයාගෙන් මෑත් වෙන්න හැදුවත් මෑත් වෙන්න බෑ එයා හිටපු විදියට. ඉතින් මම ආයෙම හෙමීට ඇස් පියාගෙන හිටපු විදියටම හිටියෙ කෙනාර්ව ඇහැරවන්න හිත දුන්නෙ නැති නිසා.

Mr.අතිපණ්ඩිත Wo Geschichten leben. Entdecke jetzt