04

2.6K 153 0
                                    

#Mr_අතිපණ්ඩිත
           ______♥️ 04 කොටස ♥️______

"දෝණී.. ඉක්මනින් ලෑස්ති වෙලා පහළට එන්න. අර ළමය ඇවිත්. රින්ග්ස් ගන්න යන්න ඕනෙලු"

අම්ම ඇවිත් කියල ගියාම මට කේන්තියි පුදුම තරම්. ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම පහළට ගියේ. යද්දි කෙනාර් අප්පච්චි එක්ක කතාව.

"ලෑස්ති උනේ නැද්ද දෝණි"

අප්පච්චි අහද්දිම මම කීව දෙයින් කෙනාර්ගෙ මූණ කළු වෙලා ගියා.

       🤎____________♥️🖤♥️____________🤎

"මට යන්න බෑ අප්පච්චි "

මම පඩිපෙල බැහැගෙන එන ගමන්ම කීවෙ ඒ තප්පරේ කෙනාර්ගෙ මූණ දිහාවත් නොබලා.

"දෝණි.. විහිළු කරන්නෙ නැතුව ලෑස්ති වෙන්න ගිහින්"

අප්පච්චි කීවෙ කෙනාර් දිහාත් බලලා. කෙනාර්ගෙ මූණනම් බලන්න ලස්සනයි.

"මම විහිළුවක් නෙමේ අප්පච්චි කරන්නෙ"

ඒ පාරනම් අප්පච්චිගෙ මූණ වෙනස් උනේ බලන් ඉද්දි.

"කමක් නෑ අංකල්. අද යන්න බැරිනම් අපි වෙන දවසක යමු"

කෙනාර් එහෙම කියද්දිනම් මට පුදුමෙනුත් පුදුමයි. පණ්ඩිතකම ගෑවිලා නැති වචන ටිකක් ඒ කටින් පිටවුණාමද කොහෙද ඒ.

"හ්ම් හ්ම්. දෙන්නත් එක්ක කතාකරල කැමැත්තක් කරන්නකො"

අප්පච්චි එහෙම කියද්දිම මම ටාර් ගාලා කට ඇරියා.

"මට මෙයා එක්ක කතා කරන්න කිසි දෙයක් නෑ අප්පච්චි. මට බෑ මෙයාව මැරි කරන්න!"

මම එහෙම කියද්දි යන්න ගිය අප්පච්චි ආපහු හැරුණෙ කේන්තියෙන් මූණ රතු කරන්. කෙනාර්ගෙ මූණ දිහාවත් බැලුවෙ නෑ මං එවෙලෙ.

"දෝණි!"

අප්පච්චි සැරෙන් කතාකරපු පාරට අම්මත් දුවගෙන ආවා.

"මොකද මහත්තයා මේ කෑ ගහන්නෙ?"

අම්ම ඇහුවෙ කේන්ති අරන් ඉන්න අප්පච්චිගෙන්.

"කෑ ගහන්නෙ? කියන කතාව ඇහුවනම් ඔහොම අහන එකක් නෑ"

අප්පච්චි කීවෙ මගෙ දිහාවට සීතල බැල්මක් පා කරලා.

Mr.අතිපණ්ඩිත Where stories live. Discover now