#Mr_අතිපණ්ඩිත
〰️〰️♥️🤍21 කොටස🤍♥️〰️〰️
ඇයි මෙච්චරම දුක හිතෙන්නෙ. තේරෙන්නෙ නෑ මට. පපුවෙන් කෑල්ලක් කවුරු හරි අරන් ගියා වගේ දැනෙන්නෙ? පුංචි කාලෙ අඬද්දි අම්ම මාව දාල ගමනක් ගියාම දැනෙන හැඟීමට සමාන හැඟීමක් දැනෙන්නෙ.
මටම තේරෙන්නෙ නෑ ඇයි එච්චරටම දුක හිතෙන්නෙ කියල. අනීෂා, නිත්‍යා, ලොකු අම්මා ඒ තුන්දෙනාම මට හම්බුණේ කෙනාර්ටත් කලින්. එයාල මගෙ ජීවිත වලට ලං උනේ ගොඩක් කාලෙකට කලින්. ඒත් ඒ අය ඉන්නව කියල දන්නව උනත් හිතාගන්න බැරි තරම්ම පාළුවක් දැනෙන්න ගත්තෙ.
ඇයි කෙනාර් මාව දාල ගියේ කියල අහන්න ඕනෙ උනා. ඒත් එක අතකින් එයා සාධාරණයි. මෙහෙට ආව දවසෙ ඉඳලම මම එයාට කරේ නපුරුකම්නෙ. හුස්මක් හෙළල මම බිම බලාගෙනම අනීෂ පස්සෙන් ගියේ. තාම ලොකුවට කට්ටිය ඇවිත් නෑ මළගෙදර. අපි කෙලින්ම ගියේ පිටිපස්සට. පිටිපස්සෙ හට් එක යට එහෙ මෙහෙ වෙලා තිබ්බ පුටු ටික හැදුව අපි තුන් දෙනත් එක්කම. නිත්‍ය අඬන්නෙ නෑ දැන්. ඒත් ඇස් දෙකෙන් අඩන්නෙ නැති උනත් තප්පරයක් ගාණෙම හිතින් අඬනව කියල ඒ වේදනාවෙන් පිරුණ ලා රත් පැහැ ඇස් දෙක දකිනකොටම තේරෙනව.
පුටු ටික හදල එතන අස් පස් කරල දාන්නත් උදව් වෙලා අපි තුන් දෙනයි ගමේ නංගිල වගේකුයි එතනම ඉඳගත්ත.
"තාම කෑම ගෙනල්ල නැද්ද නංගි?"
නිත්‍ය ඇහුවෙ එයාලගෙ නෑදෑ වෙන නංගි කෙනෙක්ගෙන්.
"මං හිතන්නෙ ගෙනත් ඇති අක්ක."
ටිකකින් අපි ඉඳගෙන හිටපු තැනට ආවෙ නිත්‍යගෙ නැන්දා.
"දෝණිලා ගිහින් කාල එන්න දරුවනේ"
එයා එහෙම කීවම නිත්‍ය බැලුවෙ අපි දෙන්න දිහා.
"තිහාරා.. මෙයාලත් එක්ක ගිහින් කන්නකො."
නිත්‍ය කියනකොට මං නිත්‍ය දිහා බැලුවෙ රවල.
"ඇයි අපි විතරක් කෑවම හරිද.. මෙන්න මෙහෙ එන්න නිතූ "
"මට බඩගිනි නෑ අශූ යන්නකො ඔය දෙන්නා"
"නෑ නෑ එහෙනම් අපිට ඕනෙත් නෑ. ඉඳගන්න අනී"
මම ආයෙම අනීෂගෙ අතින් ඇදන් වාඩි උනාම නිත්‍ය නැගිට්ට. පස්ස්ව් තිහාරලත් එක්කම අපි තුන් දෙනත් කෑම කන්න දුන්න තිහාරලගෙ ගෙදරට ගියා. ගියාට නිත්‍යා බෙදාගත්තෙ නෑ කෑම. පස්සෙ මායි අනීෂයි කෑම දෙකක් බෙදාගෙන ඇවිත් නිත්‍යට දෙපැත්තෙන් ඉඳගත්තා. කන්න පිරියක් නෑ. කෙනාර්වමයි මතක් වෙන්නෙ. එයා මාව දාල ගියා නේද කියල හිතෙනකොටත් දුකයි.
YOU ARE READING
Mr.අතිපණ්ඩිත
Romanceකෙනාර්ගේ අශූගේ ආදරේ...🖤 A story which swings the love strings between a stubborn heart and a wounded heart🖤 Kenar💕Ashu