14

2K 135 0
                                    

#Mr_අතිපණ්ඩිත
  __🖤♥️14 කොටස♥️🖤________

මම කෙනාර් දිහා බැලුවෙ කටත් ඇරගෙන. ඇස් දෙක තද කරල වගේ පියාගෙන ආයෙම ඇරල බැලුවා ඒ ඉන්නෙ කෙනාර්මද කියල. ඔව් මගෙ ඇස් ඉස්සරහ හිටියෙ කෙනාර්.

අම්මල කියල කෙනාර් මාව හොයාගෙන ආව කියන සිතුවිල්ල ක්ෂණිකව ඇවිත් නැති වෙලා ගියේ කෙනාර්ගෙ පුදුමෙන් පිරුණ මූණ දැක්කම. එයත් ඒ නපුරු ඇස් දෙක ලොකු කරන් මං දිහා බලන් හිටියේ හොල්මනක් දැක්ක ගාණට පුදුම වෙලා.

ඒ කියන්නෙ කෙනාර් මෙහෙ ඇවිත් තියෙන්නෙ මාව හොයාගෙන නෙමෙයි වෙන්න ඕනෙ. මොකද කෙනාර් එහෙම බලන්නෙ නෑ එයා මං එහෙ ඉන්නව කියල දැනගෙන ආවනම්.

ඇත්තටම මාව හොයාගෙන ඇවිත් බොරුවට පුදුමෙන් වගේ බලනවද දන්නෙ නෑ කියලත් හිතුණා. හැබැයි ඒ සිතිවිල්ලත් මැකිල ගියේ කෙනාර්ගෙ හැටි මතක් වෙද්දි. කෙනාර්ගෙ කොහොමත් ඒ වගේ බොරු රඟපෑම් අනම් මනම් වැඩ නෑ. මාව බලන්න ආවනම් එයා කියයි කෙලින්ම 'මම ආවෙ මට ඕනෙ නිසා. ඇයි තමුසෙට ප්‍රශ්නයක්ද?' වගේ පණ්ඩිත කතාවක්.

ඊළඟට හිතේ තිබ්බ නිදහස නැතිවෙලා ගියා වගේ දැනුණෙ. මෙයා නැති තැනක් නෑනෙ. මෙහෙටත් ඇවිත්. අපරාදෙ නිදහසේ ඉන්න තිබ්බ දවස් ටික කියල හිතුණ. ඒත් හිත ඇතුලෙන් නිකන් කෙනාර්ව දැක්කම අමුතු නොතේරෙන හැඟීමකුත් දැනුණා වගේ. හැබැයි ඔක්කොම යටවෙලා තරහවක් උඩට ආවේ එදා අවසානෙට කෙනාර්ව හම්බෙලා ගිය වෙලෙත් දෙන්න වලියක් අල්ලල ගිය නිසා.

මූණෙන් මූණ බලාගෙන ගල් ගිලලා වගේ හිටපු අපි දෙන්නගෙම අවධානය බිඳුණෙ කෙනාර්ගෙ පිටිපස්සෙන්ම වගේ ගේ ඇතුළෙ ඉඳන් දොරෙන් එළියට ආපු තව පිරිමි ළමයි තුන් දෙනෙක් නිසා.

"කෙනා..මොකක්ද සීන් එක අඳුරනවද දෙන්නා?"

එතන හිටපු එක පිරිමි ළමයෙක් ඇවිත් කෙනාර්ගෙ කරට අත දාල මං දිහා සුපරික්ෂාකාරීව බලන ගමන් අහද්දි කෙනාර් ඇස් මුදවගත්තෙ නෑ මගෙ ගාවින්.

"ආහ්?"

කෙනාර් ඒ පාර ගැස්සිලා වගේ ඒ පිරිමි ළමය දිහා බැලුවෙ.

"මොකෝ ඇහෙන්නැත්තෙ උඹේ කණේ පොටවත් ගියාද? "

එහෙම ඇහුවෙ තව කෙනෙක්.

Mr.අතිපණ්ඩිත Tempat cerita menjadi hidup. Temukan sekarang